එළැබෙන ඉන්දීය මැතිවරණයේ දී කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට අභියෝග කිරීම සඳහා එරට ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට පිවිසී සිටින ඉන්දීය නිළියක ඉදිරිපත් කොට ඇති බව වාර්ථා වේ.
ඉන්දියාවේ ඉතා ප්‍රකට රූපවාහිනී නාට්‍ය මාලාවක ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘ස්මිත්‍රි ඉරානි’ ඒ අනුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇමැති ඡන්ද කොට්ඨශය සඳහා රාහුල් ගාන්ධි සමග ඇය තරඟ වදිනු ඇත.ඉකුත් වකවානුවේ මෙරට ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ ‘මහගෙදර’ටෙලි නාට්‍යයේ ‘තුල්සි’ චරිතය නිරූපනය කළේද ඇයයි.
නවදිල්ලි රජයේ පාලන බලය හිමි කර ගැනීම සඳහා නියත වශයෙන්ම ජය ගත යුතු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය සැලකේ. ඒ හේතුව නිසාම ඉන්දීය මැතිවරණ වලදී වැඩිම තරඟ කාරීත්වයක් උසුලන වන්නේද එයයි. මැතිවරණය අප්‍රේල් 7 සිට 12 දක්වා පැවැත්වීමට නියමිතය.
රුක්ලන්ති පෙරේරා.
0 comments:
Post a Comment