විල්පත්තුවේ වනයේ සිදු වන ඉඩම් කොල්ලය පිළිබඳ බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්ට චෝදනා කරමින් සිටී. එහිදී බොදු බල සේනා සංවිධානයේ මූලිකම චෝදනාව වන්නේ අමාත්‍යවරයා විසින් විල්පත්තු වනය කපා මුස්ලිම් කොලනියක් නිර්මාණය කිරීමට යනවා යන්නය. මෙයට පිළිතුරු ලෙස බදුර්දීන් අමාත්‍යවරයා පවසන්නේ මෙකී ක්‍රියාවලිය සියලූ නීති රීති පිළිපදිමින් සිදු කර ඇති බවයි.
පසුගිය ඉතිහාසයක් පුරාවට මෙරට දහස් ගනනින් ඝාතන සිදු වූයේ මෙකී බිමේ අයිතිය පිළිබඳ ප්‍රශ්න මූලික කරගනිමිනි. මිනිසුන් තමන් ඉපදුන බිමට කියන්නේ මව්බිම කියාය. දේශපේ‍්‍රමය යනුවෙන් හඳුන්වන්නේ මේ නිසා ඇතිවන හැ`ගීමයි. පසුගිය ලංකා ඉතිහාසය පුරාම සිංහල දෙමල ජාතික ප්‍රජාවන් නියෝජනය කළ අය තොරොම්බල් කරන ලද්දේ මෙකී හැ`ගීමයි. උනුනුන් මරා ගත්තේ තමන්ගේම වූ භූමියක් වෙනුවෙනි. දැන් යුද්ධය ආණ්ඩුව විසින් අවසන් කර ඇති බව කියයි. ඉතින් එසේ නම් දැන් මිනිසුන්ට තමන්ගේ බිමේ අයිතිය හිමිවී තිබිය යුතුය. නමුත් අද වන විට එය එසේ ද?
පසුගිය අපේ‍්‍රල් පළමුදා පැවති මහවැලි අධිකාරිය විසින් ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාවකට පැමිණි ගැහැණියකට ආණ්ඩුව විසින් තම ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳ කීමට නිමල් සිරිපාල ඇමතිවරයා වෙත යනු නොදී පොලිසිය විසින් ඇය ඉවත් කළ පුවතක් වාර්ථා විය. එවැනි සරල සිදුවීම් වල සිට පසුගිය කාලයේ සාම්පූර්වල කොළඹ දිස්ත්‍රීක්කයට සමාන ඉඩම් ප්‍රමාණයක් එකී බිමේ කලින් සිටි ජනතාවට අහිමි කොට ඉන්දියානු නිදහස් වෙළඳ කාලාපයකට ලබා දීම. කිලිනොච්චියේ අක්කර දහස් ගනනක් වගාවන් සඳහා ව්‍යාපාරිකයන්ට ලබා දීම. කොළඹ දිස්ත්‍රීක්කයේදී මෑතක දී වනාතමුල්ලේ වතු නිවාසිකයන් පාරට ඇද දමා එම ඉඩම් අත්පත් කර ගැනීමේ සිට නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සිය ඉඩම් අහිමි කර ගැනීමට සිදු වීම දක්වා දහස් දස දහස් ගනනකගේ ජීවමාන අත්දැකීම් මෙහිදී දැක්විය හැක. එලෙසම ඉහත බොදුබල සේනා සංවිධානයට නොපෙනුන මත්තල ගුවන්තොටුපොල ඉදිරිකිරීම වැනි ව්‍යාපෘති නිසා විනාශ වූ කැලෑ බිම් ප්‍රමාණය, සිංහරාජ වනාන්තරය හරහා මහා මාර්ගයකට යැයි කියමින් සිදු වූ වන විනාශය, සංචාරක ව්‍යාපාර සඳහා මුහුදු බඩ ප්‍රදේශවල ඉඩම් විදේශකයන්ට ලබා දීම. ඇතුලූව මේ වන විට ආණ්ඩුව ප්‍රකාශයට පත් කර ඇති සිය සංචාරක කර්මාන්තය මූලික කර ගත් සිය ආර්ථික වැඩපිළිවෙල සඳහා වන ජාතික භෞතික සැලැස්ම අනූව ඉදිරියටත් එවැනි බොහෝ ඉඩම්, කැලෑ මෙරට මිනිසුන්ට අහිමි වීමට නියමිතය. මේ අනූව බොදුබල සේනාවෙන් ඇසීමට ප්‍රශ්නයක් ඇත. ඔවුන් මව්බිම කියන්නේ විල්පත්තුවද? කොළඹ යාපනය සිංහරාජය මුහුදුබඩ ප්‍රදේශ මේවා ඔවුන්ගේ මව්බිමට අයිති දේ නොවේද?
ඔවුන්ගේ දැන ගැනීම පිණිස යමක් කියමු. මෙවැනි අප කී බොහෝ ඉඩම් අත් පත් කර ගැනීම් කර ඇත්තේ ඔවුන් ගේ සංවිධානයේ ගාල්ලේ ශාඛාවක් විවෘත කිරීමට පැමිණි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ අමාත්‍යංශය ම`ගින් බවයි.
නමුත් ඔවුන් කෙදිනකවත් මෙකී මැදිහත්කරුන්ට විරුද්ධව ගත් මාධ්‍ය සාකච්ඡුාවක් අප දැක නැත. එපමණක් නොව ඇමති රිෂාඞ් බදුර්දීන්ට අනූව මේ සඳහා නීතියානුකූල අවසර දී ඇත එය කර ඇත්තේද වත්මන් ආණ්ඩුවයි. ඒ නිසා සැබෑ වරදකරුවන් සොයා ගැනීමට රාෂාඞ් බදුර්දීන් වෙත ඇ`ගිල්ලක් දිගු කරන විට තමන්ගේ එම අතේම ඔවුන් දෙස දිගුව ඇති. ඔවුන් පසුපසින් සිටින ගෝඨාභයලා ඇතුලූ මෙරට මිනිසුන්ගේ ඉඩම් අයිතිය සූරා කන ධනපති පාලකයන් වෙත එල්ල වී ඇති ඇ`ගිලි දෙස බැලෙන්නේ නැත.
ඒ වෙනුවට බොරුවට එකිනෙකාවෙත තර`ගට බැනගනිමින්. ජනතාවට විහිලූ සපයමින්, සිංහල හා වෙනත් ජාතික ප්‍රජාවන් සිය බංකොලොත් දේශපාලනයේ සිරකරුන්කරගනිමින් ඇත. මෙය යටත්විජිත සමයේ සිට ලංකාවේ ධනවාදය සිය පාලනය පවත්වාගෙන ආ ආකාරයයි. මේ අනූව ඉතා පැහැදිළි සත්‍ය වන්නේ මේතෙක් මව්බිම යනුවෙන් සිතූ දෙය මෙරට මිනිසුන්ගේ දෙයක් නොව බොදුබලසේනාව ඇතුලූ රිෂාඞ් බදුර්දීන් ඇතුලූ ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පාලක ධනපතියන්ගේ දෙයක් බවයි.
නමුත් අද වන විට සිංහල දෙමල මුස්ලිම් ලෙස නිර්ධන පංතිය බෙදමින් ධනපති ගෝඨාභයලා බදුර්දීන්ලා කරුණලා කේපී ලා හකීම්ලා සම්බන්ධන්ලා ජාතිවාදී ගිනි තබමින් රිසිසේ මෙරට මිනිසුන්ගේ ඉඩම් අයිතිය සූරා කමින් සිටී. මැල්කම් එක්ස් වරක් කියූ ලෙස ‘ ධනවාදයට වර්ගවාදයේන් තොර පැවැත්මක් නැත. ’ යනුවෙන් පැවසුවේ මේ නිසාය.
0 comments:
Post a Comment