Wednesday, April 2, 2014

මනූෂ නානායක්කාරගෙන් ඔළු සේදීමේ වැඩසටහනක්

Manusha Nanayakkara
‘‘දැන් ඉතින් ඔළු හෝදමු’’ තේමාව ඇතුළත් පෝස්ටරය ගාල්ල දිස්ත‍්‍රික්කය පුරාම පමණක් නොව කොළඹ නගරයේත් ඊයේ (01) උදෑසන අලවා තිබුණි. ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාරගේ රුව සහිත මෙම පෝස්ටරය අලවා තිබුණේ රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සදහා ජනතාව එක් රැස් කරන වැඩසටහනක ආරම්භය ලෙසින්ය.

රට හමුවේ ඇති අභියෝග ජයගැනීමට ශ‍්‍රී ලාංකික ජාතියක් ලෙස සිතිය යුතු අවස්ථාවක එ් වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන වැඩසටහක කතිකාව ගාල්ලෙන් ආරම්භ කර ඇතැයි මේ ගැන අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පැවසුවේය.

‘‘ශ‍්‍රී ලංකාවට නොයෙක් ආකාරයේ ජාත්‍යන්තර බලපෑම් එල්ලවන කාලයක් තමයි මේ කාලය. ජිනීවා සිට විවිධ ජාත්‍යන්තර අභියෝග එල්ලවෙමින් තිබෙනවා. දැන් ලංකාව රටක් ලෙස එකට එක්ව එම අභියෝගයන්ට මුහුණ දිය යුතුයි. එ් සදහා ජනතාව එක පෙළට පෙළ ගැසී එක් දැක්මක්, එක් අරමුණක් වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. මේ ගැන ජනතාව දැනුවත් කරමින් ස්වයං විවේචනයක් අපි ආරම්භ කරනවා. අපි ඔළු හෝදාගෙන ආකල්පමය වශයෙන් තවත් ශක්තිමත් වෙන්න ඕන. එ් වැඩපිළිවෙලේ ආරම්භය මේ ආකාරයට සනිටුහන් කළේ.’’ මනූෂ නානායක්කාර මහතා පැවසීය.



0 comments:

Post a Comment