Wednesday, April 2, 2014

දුමින්ද සිල්වාට මිනීමැරුම් චෝදනා

 Duminda Silva, MP (UPFA)
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු 2011 ඔක්තෝබර් 8 වැනිදා කොලොන්නාවේ දී ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා පත‍්‍ර අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විත්ති කරුවන්ට භාර දෙන ලදී. 
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකු එහි විත්ති කරුවන් ලෙස නම් කර ඇත.
එහිදී විත්තිකරුවන්ට එරෙහි ව එල්ලවී ඇති චෝදනා වූයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම හා අයුතු ජන රාශිය යන චෝදනාය.
අදාළ සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔවුන් නිදහස් කරන මෙන් ඔවුන්ගේ නීතීඥයින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් රජයේ නීතිවේදියා ප්‍රකාශ කරන ලද්දේ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවය. ඒ අනුව නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ඉවත දැමු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා සැකකරුවන්ට එරෙහි චෝදනා ඉදිරිපත් කරමින් ඒවා කියවා දීමටද නියම කළේය.
චෝදනා කියවා දුන් පසු දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ප්‍රකාශ කලේ තමන් නිවැරදි කරුවන් බවය.
ඒ අනුව නඩු විභාගය මැයි මස 02 වනදාට කල් දැමු අධිකරණය එදිනට සැකරුවන්ට අදාළ ව පවතින සාක්ෂි පිලිබඳ තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment