සිරස නාලිකාවේ මාද්‍යවේදීන් ප්‍රධාන දේසපාලන පක්ෂ වලින් මැතිවරණයට ඉදිරිපත්වීම තුල සංවිධානාත්මක ස්වරුපයක් ඇති බව පෙනී යයි, ඔවුන්ගේ ඍජු නියෝජිතයෙකු ජවිපයෙන් ඉදිරිපත් නොවුනද ඒ අඩුව පිරවීමට ජවිපයත් සිරස නාලිකාවත් එකිනෙකාට අන්නෝන්‍ය අවබෝධයකින් ක්‍රියාකරන බවද පෙනේ.ඒ වගේම අනුර කුමාර දිසානායක සිරසේ නියෝජිතයාටත් එහා ගොස් එම අරමුණ ඉටුකරන බැවින් ඔවුන්ගේ නියෝජිතයෙකු ජවිපය තුලින් චන්දය ඉල්ලීමට අනවශ්‍ය වේ.
සිරස යනු කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ එක ව්‍යාපාරයකි. ඔවුන්ගේ අනෙකුත් ව්‍යාපාර; නිෂ්පාදන අංශයේද අලෙවිකරනයේද , භාණ්ඩ අපනයනයේද ,සන්නිවේදනයේද, මධ්‍යයේද ,තොරතුරු තාක්ෂනයේද ,ආහාරද ,ඇසුරුම් අංශයේද , තවත් විවිද අංශයන්ගෙන්ද සමන්විත වේ.ඔවුන් ලංකාවේ ඇති විසාලතම සමුහ ව්‍යාපාරවලින් එකකි.
මහරාජා යනු ලංකාවේ ප්‍රභලම ධනපතියෙකි. ඔහු ලංකාවේ පවතින ආර්ථිකය තුල ප්‍රබල චරිතයකි.සිරස විසින් අනුබල දෙන දේශපාලනය ඔවුන්ගේ ව්‍යාපාර දෘෂ්ටිය සදහා මගපාදන්නකි. ලංකාවේ රාජ්‍ය බලය ඔවුනට අනුග්‍රහ දැක්වීම අත්‍යවශ්‍ය සාදකයකි.පසුගිය අවුරුදු කිහිපය තුල ඔවුනට ජාතික බලවේගයන්ගෙන් නොයෙකුත් බාධාකිරීමේ ආ බවද ලංකික පුරවැසියනට රහසක් නොවේ. ඔවුන්ගේ නව භාවිතාව ලෙසට රටේ දේශපාලන බලවේග ජනතාව අතරට ගෙනයාම ඔවුනට උවමනාලෙස කළමනාකරණය කිරීම ඔවුන්ගේ නව මෙහෙයුමේ හැඩය ලෙස අපට පෙනේ.ඔවුන් සියලුම දේශපලන බලවේග වලින් ඔවුන්ගේ ආරක්ෂාව සහතිකකරගැනීමද ඔවුන්ගේ න්‍යාය පත්‍රය තුල ඇතිබව පෙනේ.මහරාජා ඇතුළුව ලංකාව තුල ක්‍රියාත්මක සියලුම මහාපරිමාණ ව්‍යාපාර ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයෝ වෙති.
ලංකාවේ මහාපරිමාණ ව්‍යාපාර වෙනුවෙන් පහසුකම් සකස්කරනුයේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වේ. ඔවුන් ලංකාවේ ව්‍යාපාර ප්‍රජාව අතර විස්වාසය දිනාගත් 1839 දී ආරම්භ කර තවමත් පවත්වාගෙන යන ධනවතුන් අතර ස්ථාපිත ආයතනයකි.ඉතා දිගු ඉතිහාසයක් ඇති ආයතනයකි.මොවුන් බහුජාතික සමාගම් වල සිට සියලුම මහාපරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් කතාකරන පෙනීසිටින ආයතනයකි. මෙම ආයතනය යැපෙනුයේ ඔවුන්ගේ ලියාපදිංචි ව්‍යාපාර සාමාජිකත්වයෙන් සහ රජයේ අරමුදල් වලිනි.
ලංකාවේ ඉඩම් හිමි පන්තිය පවතින කාලයේදී මහා පරිමාණ ඉඩම් හිමි සියළුම දෙනා වාණිජ මණ්ඩලයේ සාමාජිකයෝ විය.ඉඩම් අහිමි බහුතර ලාංකිකයන් ,පීඩිතයන් තලාපෙලා දැමීමට මොවුන් පෙනී සිටියේය. අද ඉඩම් හිමි පන්තිය වෙනුවට ඇත්තේ බහුජාතික සමාගම්, සහ අනෙකුත් මහා පරිමාණ ව්‍යාපාරිකයෝය. අඩු වැටුප් ගෙවන නියමිත කම්කරු නීතිරීති පිළිනොපදින ව්‍යාපාරිකයෝය, පරිසරය දුෂණය කරන ව්‍යාපාරිකයෝය, නියමිත ලෙස බදු නොගෙවන ව්‍යාපාරිකයෝය. මෙම පන්තියේ ස්වරූපය මෙයය.රාජ්‍ය බැංකු වලින් මුදල් කොල්ලකා නය නොගෙවා හැර ජනතා මුදල් කොල්ලකා ධනපතියන් වූ ධනපතියෝය.
මේ අතර පසුගිය මැතිවරණය ඉලක්ක කරගෙන ජනතා විමුක්ති පෙරමුණ වැඩිදියුණු කල නවීන සමාජවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත්කල අතර එය ඉහත ආයතනය වෙත පිළිගැන්වීම තුල ලාංකීය ජවිපයේ නැතහොත් ඔවුන්ගේ වමේ දේසපාලන ක්‍රියාකාරිත්වයේ සුවිශේෂී හැරුම් ලක්ෂය ඉතාමත් සුවිශේෂී ලෙසම සනිටුහන් කරයි.ජවිපය වමෙන් ඉවත්ව පන්තිමය ගැටුමකට නොගොස් ව්‍යාපාර ප්‍රජාව සමග සමගි සන්ධානයකට යාම තුලින් ලාංකීය ආර්ථිකය චීන මොඩලයට හෙවත් සමාජවාදී වෙළද පොළ ආර්ථික ක්‍රමය හෙවත් නැවත වටයකින් නව ලිබරල් වාදයේම කොටසක් ලෙස ප්‍රතිපත්තිමය ලෙසම පැමිණ සිටී.එය දැඩි සංකේතාත්මක පණිවිඩයක් මගින් ලාංකීය ධනපති ප්‍රජාව වෙත අමතක නොවන ලෙස මතක් කරදීම ඔවුන්ගේ වාණිජ මණ්ඩල ජවනිකාවෙනුත් සිරස මාධ්‍ය තුල ජවිපයට ඉඩදීමෙනුත් පැහැදිලි වේ.
ජවිපය යනු පන්ති සමාජය වෙනුවට පන්ති සමාජය උපදවන ධනවාදී ආර්ථික සංවිධාන ක්‍රමය වෙනුවට සමාජවාදී ආර්ථික ක්‍රමයක් ආදේශ කරන්නට අරගල කරන ව්‍යාපාරයක් ලෙස පැමිණ දැන් ඔවුන් එම මුලික ස්ථාවරයෙන් ඈත්ව ධනවාදයේ තවත් එක ස්වරුපයක් වන සමාජ ප්රජාතන්ත්රවාදී ස්තාවරයට පැමිණ ඇති බව මෙයින් මනාව පෙනේ.
ලාංකීය ධනපති ප්‍රජාවට අත්‍යවශ්‍ය කාර්මික සාමය ,නැතහොත් වෙළද පොළ පවත්වාගෙන යාමට අවශ්‍යකරන සාමය වටපිටාව සලසාදීමේ මැදිහත් කරුවෙකු ලෙස ජවිපය ඉදිරිපත්වී සිටී. ධනපති පන්තියේ ඌනපුරකයක් ලෙස ක්‍රියාත්මකය. ධනපති පන්තිය සහ නිර්ධන පන්ති අතර සටනකට ඔවුන් ඉඩකඩ සලසාගෙන නිර්ධනය්න්ගේ පීඩිත හවාය වෙනුවෙන් වූ පන්ති සටනකට අතවනන්නේ නැත, වුර්තීය සමිති රුපියල් 15,000 ක වැඩිවීමක් ඉල්ලා රජය විසින් රුපියල් 250 ක් වැඩිවීමක් දුන්විට නිහඩ වන අයවැයට පෙර පමණක් බොරු ඝෝෂාකරන විජේවීරයන්ගේ වචනයෙන්ම කියතොත් හොරිකඩ ධනපති පන්තියේ හැලිවලන් සෝදන මහින්ද විජේස්කරලා ,විමල් වීරවන්සලා, නන්දන ගුනතිලකලා , බුල්සුවා අනුර කුමාරලා ,ලාල් කාන්තලා නිස්පාදනය කරන ආයතනයකි.
ජවිපයට ශිරානි බණ්ඩාරනායකගේ අග්‍ර වින්ශ්චයකාරකම ඉවත්කිරීම ඉතාවැදගත් සටනක් උවත් රතුපස්වල සටන පොස්ටර් වටයකට සීමාවිය.වමේ නමින් ,පීඩිතයන් නමින් පෙනී සිටීමට ඔවුනට සදාචාරාත්මක අයිතියක් ඇතිද යන්න පීඩිත පන්තිය ඉදිරියේ ඇති වටහා ගතයුතු මුලාවිය යුතු නැති සංදිස්ථානයක අප සිටිමු.
සමාජවාදයේ භාවිතාව නිතරම නවීන වේ. එයට අලුතින් නවීනත්වයක් එක් කල යුතු නැත.ඉතාම පැහැදිලියි මේ යන්නේ කොයි පාරේ ජූනියස් රිචර්ඩ් ජයවර්ධන ගිය පාරේ!! ඉතින් මේ හෝරාවයි විජේවීරයන්ට බයි බායි කියන්න.
You are one of them, whom like to destroy party. try and try, one day you can get chance from capitalist military leaders.
ReplyDelete