Showing posts with label LTTE. Show all posts
Showing posts with label LTTE. Show all posts

Thursday, May 15, 2014

ලෙයින් නැහැ වී වසර 5කට පසුත්…

2009 මැයි 18 එකම රටක එක් ජනතාවක් මරණයේ වේදනාව විදි සහ අනෙක් ජාතිය එය දෙස බලා කාලකන්නි සතුටක් විදි දවසක් ලෙස ඉතිහාසගත වී අවසන්ය. තමන් බෞද්ධයන්ය, අනෙකාට වෛර නොකර මෛත‍්‍රීය පමණක් වපුරන ජාතියක් යැයි උදම් අනමින් තම රටේ සහෝදර ජාතියේ ලේ උරා බි පස් වසරකුත් ඉක්ම ගොස් අවසන්.

පස් වසරකට පසුත් උතුරට සහ දකුණට සැබෑ නිදහස ලැබුණාද? කොටි සංවිධානය මිලිටරි ලෙස පරාජය කිරිමෙන් පසු සියලූ ප‍්‍රශ්න විසදුනාද?

දකුණේ මිනිසුන් යුද්ධයෙන් පසු උදම් ඇනුවේ ”දැන් අපිට බයක් සැකක් නැතුව පාරේ බැහැල යන්න පුලූවන් කියාය.” ඇත්තටම අපිට නිදහසේ පාරේ බැහැල යන්න පුලූවන්ද? රට ඒ තරම් සාමකාමී ද නීතිය ඔබට මට එක සමාන ද ලැබුවායි කියන නිදහස භුක්ති විදින්නේ කවුද? සාරුව සුනිල්ලා ස්ත‍්‍රී දුෂකයන් ලෙස එය සැමරීම, පාලාත් සභා මන්ත‍්‍රීවරු ගුරුවරුන් දණගැස්සවීම, නගරාධිපතිවරු සෙල්ලම් පි්සතෝල වලින් ජනතාවට සෙල්ලම් පෙන්නවීම මෙයද ඔබ බලාපොරොත්තු වු නිදහස.

යුද්ධය අවසන් වුව ද උතුරේ ජනයාට නිදහස යන වචනය ගැනද මෙතෙක් කිසිදු හැගිමක් නැති සේයකි. සත්තකින්ම ඔවුන් දැන් ජිවත් වන්නේ බලාපොරොත්තු විරහිතවය. තමන්ගේ හෙට දවස ගැන තවමත් ඔවුන්ට සිතා ගත නොහැකිය. දකුණේ ජනතාවට පාරේ බැහැල යන්න ඇති නිදහසවත් ඔවුන්ට ගෙදර සිටින්න වත් නැත. ඒ තමන්ව කොයි මොහොතේදි කවුරුන් විසින් උදුරාගෙන යාවිද යන්න නොදන්න නිසාය. ඒ බලහත්කාරයෙන් සිදුවන අතුරුදහන්කරවීම් තවමත් පාලක ආශිර්වාදයෙන් සිදුවන නිසාය.

පස් වසරකට පසු සිදුවු එකම දෙය නම් දකුණ සිංහල ජාතිවාදයේ පාලනයට නතුව තිබීයදි උතුර දෙමළ ජාතිවාදි පාලනයට නතු වීමයි. කණගාටුවට කරුණ නම් කාරණා මෙසේ සිදුවුවද වසර පහකට පසුත් උතුරේ ජනයාට තමන් බලාපොරොත්තු වු දෙයින් අංශු මාත‍්‍රායක්වක් ලැබි ඇත්තැයි සැක සහිතය. සිදුව ඇත්තේ උතුරේ දේශපාලනය ද දකුණේ දේශපාලනය මෙන් පොරොන්දු වලට පමණක් සිමා වු බල ලොබි වීම පමණී.

උතුරු වසන්තයයි කියමින් උතුරද ඊනියා සංවර්ධනයට යටත් කර බටහිරට වෙන්දේසි කර අවසන්ය. ගැටුම් අවසන්වී පස් වසරක් ගතවුව ද පාලක රෙජීමය උතුරේ දෙමළ ජනයාට සලකමින් සිටින්නේ ඉතාමත් නින්දිත අයුරින්ය. තමුන්ගෙන් වෙන්වු තම ආදරණියන් වෙනුවෙන් පහණක් දැල්වීමට පවා ඔවුනට ඉඩක් නැත. සුලූ හෝ සැමරුමක් කිරිමට ඔවුනට කිසිදු අවස්ථාවක් නැත. ඔවුන්ගේ ජිවිත පාලනය වන්නේ හමුදා මිලිටරි පාලනයට අනුවය. හුස්ම ගන්නෙත් හමුදා අවසරයට අනුවය. මළවුවන් සැමරීමට පවා මේ මහා බලගතු රජු හා රජුගේ සහචරයෝ බීය වෙති.

අතිතයේදි ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගියා වු සන්නද්ධ අරගලයද උතුරේ සිදුවු ලෙසම මර්ධනය කලද එදා සිට අද දක්වාම ජනතා විමුක්ති පෙරමුණට දහස් ගණන් සාමාජිකයන් සමග තම මිය ගිය සාමාජිකයින් සැමරීමට ඇති නිදහස උතුරේ අම්මලාට තම පුතා වෙනුවෙන් එකදු පහණක් දැල්වීමටවත් නොමැත. එය එසේ සිදුවුයේ ජාතිවාදය නිසාය එය පුන පුනා කීමට අවැසි නැත. එදා තම සාමාජිකයින් අමු අමු වේ මර දැමු හමුදාව මේදා රණවිරුවන් වන්නේ ඒ ජාතිවාදය නිසාය.

වසර පහකට පසුත් උතුරේ දමිළ ජනයා තවමත් මහජාතියේ කෙනෙහිලිකම් වලට ලක් වෙමින් ජිවත් වෙති. උතුරට එල්ලවු වු මර්ධනයේ සෙවනැළි වැඩි කලක් යාමට මත්තෙන් දකුණට එල්ල වන විට එය වැරුදි කී ජනතාවම තවමත් ඒ මර්ධනය උතුරට එල්ලවෙද්දි එයට ආශිර්වාද කරමින් සිටි. කටුනායකදී රොෂේන් හා හලාවතදී ඇන්ටනි මර දමද්දි කෑ ගැසුවවුන් බන්ධනාගාරයක් තුල නිමලරූබන් වද දී මරා දමද්දි මුනිවත රකින්නේ ඒ නිසාය.

ජනතාවගේ වීර දේශපාලකයෙක් ලෙස වැජඔවීමට නම් තම රටේ සාමය ඇති වීමට ඉඩ නොදී මිනිසුන් තුළ කලබල ඇති කර ඔවුන් තුල බීය හා අනාරක්ෂාව දැනවිය යුතුය. සෑමවිටම තම ළගපාත අය සම්බන්ධකර සැබෑ හෝ ව්‍යාජ සතුරන් නිර්මාණය කල යුතුය යන හිට්ලර්ගේ ධර්මතාව අනුව මහින්දගේ රේජිමය රට පැලනය කරමින් සිටි. දෙමළා තමගේ සදාකාලික හතුරා යන ධර්මය සිංහල ඔලූ තුලට කා වද්දා අවසන්ය. රේජිමයේ බලය රැදි ඇත්තේ ඒ ව්‍යාජ බීය හා ව්‍යාජ සතුරා තුලය.

පස් වසරකට පසුත් යුද්දය නැති තැනක සාමයෙන් තොරව, භුක්තියෙන් තොර සාමයක් දෙස බලමින් මිය යන්නට නොහැකිව බලාපොරොත්තු විරහිත, හැගීම් මරා දැමු දේහයක් නොමැති මළ ගමකට හඩම්න් ඔවුන් සිටිති.( ඔවුන් ජිවත් වේද යන්න මම නොදනිති ඔවුන්ට ඇත්තේ හැගීම් විනාශ කර දැමු ඇවිදින ශරිර පමණකි)

රොෂාන් චතුරංග | Roshan Chathuranga
Original Source - vikalpa.org

Saturday, April 12, 2014

ගෝපිගේ ඝාතනය ආණ්ඩුවේ සැලසුමක කොටසක්?

පසුගිය 10 දා නැදුන්කර්නිහිදී ශ්‍රී ලංකා යුධ හමුදාව හා එල්ටීටීඊ සාමාජිකයින් අතර සිදුවූ බව කියන ගැටුමේදී ගෝපි නම් වූ එල්ටීටීඊ නායකයෙකු බවට පැවැසෙන් පුද්ගලයා ඇතුළු පිරිස ඝාතනය කිරීම ආණ්ඩුවේ දිගු කාලීන සැලසුමක එක් අවස්ථාවක් බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් විවිධ තොරතුර මේ වන විට හෙළි වී ඇති බැවින් මෙතෙක් සාකච්ඡා වී ඇති ක්‍රමවේදයන් ඉදිරියේදී වෙනස් කිරීමට ද නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර විදෙස් වෙබ් අඩවි හා පුවත් වාර්තා වාර්තා කරන්නේ ඝාතනය කළා යැයි කියන ගෝපි, අප්පම් සහ තේවියන් යන තිදෙනාම පුලියන්කුලම යුද හමුදා කඳවුරේ කාලයක් තිස්සේ සිටි යුද හමුදාව ඔත්තු කරුවන් බවයි. එමෙන්ම මෙතෙක් කාලයක්මොවුන් ක්‍රියා කර ඇත්තේ යුද හමුදාවේ බුද්ධි අංශ සෙබලෙක් වූ දෙමළ ජාතික සෙල්වරාජා කමල රාජා (එස්.කේ.රාජා) (අංක 776927) නමැති නිලධාරියා යටතේ බවත් එම විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වා ඇත. රාජා සහ පෙර කී තිදෙනා මිතුරන් ද වන අතර තේවියන් සහ අප්පම් යුද හමුදාවට හඳුන්වා දී ඇත්තේ ද රාජා විසින් බවද එම වෙබ් අඩවියේ සඳහන්වේ.

මේ අතර අදාල වාර්තා විසින් හෙළි කර ඇති තොරතුරුවලට අදාල යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයා වන සෙල්වරාජා කමලරාජා නැදුන්කර්නිහිදී සිදුවූ ගැටුමේදී මියගිය බව යුධ හමුදාව විසින් මේ වන විට තහවුරු කර ඇත. ඒ අතර අදාල මරණය සම්බන්ධයෙන් රජයේ පාර්ශව විවිධ මත පළ කිරීම නිසාම ඉහතින් දැක්වූ සැකය තවදුටරත් තහවුරු වේ.

ශ්‍රී ලංකා රජය විසින්ම සෙල්වරාජා කමලරාජාගේ මිය යෑම සම්බන්ධයෙන් මේ වන විට පරස්පර අදහස් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා හතර වැනි සන්නාහ සදන්නද්ධ බළකායේ බුද්ධි අංශ සෙබළකු වන කුරුණෑගල සෙල්වරාජා කමල රාජාගේ මරණය සම්බන්ධයෙන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේ බුද්ධි අංශ නිලධාරී සෙල්වරාජා කමලරාජා මිය ගියේ ගෝබි සෙවීමේ නැදුන්කර්නි මෙහෙයුමේදී නොවන බවත්, ඔහු මිය ගියේ යුද අභ්‍යාසයක දී බවත් ය.

කෙසේවුවද, ආණ්ඩුවේ ප්‍රධාන මුද්‍රිත ප්‍රකාශනයක් ලෙසින් සැලකෙන 'දිනමිණ' පුවත්පත අද (12) වාර්තා කර ඇත්තේ, එල්.ටී.ටී.ඊ. වත්මන් නායකයා වන ගෝපි සහ ඔහුගේ සගයින් වන තේවියන් හා අප්පන් යන අය සොයා පෙරේදා (10) රාත්‍රියේ සිදු කළ මෙහෙයුමක දී හටගත් ගැටුමකින් යුද හමුදා කෝප්‍රල්වරයෙක් ද මියගොස් ඇති බවයි. එම පුවතේ වැඩදුරටත් දක්වා ඇත්තේ මිය ගිය හමුදා සෙබළාගේ මෘතදේහය පදවිය රෝහලේ තැන්පත් කර ඇති අතර මොහු කුරුණෑගල පදිංචි රාජ්කුමාර් නැමැත්තකු බවයි.

ඉහත පුවත් සම්බන්ධයෙන් සැක මතුවන අතර, මෙහිදී සැකය වඩාත් තහවුරු වන්නේ ගෝපි ඇතුළු තිදෙනාගේ වගකීම භාරව සිටි හමුදා නිලධාරියාම අදාල සිදුවීමේදී මිය යාමයි.

Friday, April 11, 2014

එල්ටීටීඊ සැකකරුවන්ගේ ඝාතන ගැටලු සහගතයි

ත්‍රස්තවාදී කටයුතු යළි ආරම්භ කිරීමේ ක්‍රියාවලියක් ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සාක්ෂි ඇත්නම් සැක කටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ඕනෑම රජයකට අවස්ථාව ඇති නමුත් වෙඩි තැබීම්වලින් පුද්ගලයන් මිය යාම සම්බන්ධයෙන් ගැට‍ළු මතු කෙරෙන බව ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු පවසයි.

මෙය ත්‍රස්තවාදයට පමණක් සම්බන්ධ ගැටලුවක් පමණක් නොව වෙනත් ප්‍රදේශවල දී පවා දකින්නට ලැබෙන බවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසියට හෝ යුද හමුදාවට හෝ බාධා පැමිණ වූ අවස්ථාවල දී වෙඩි තැබීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් වූ බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරන බවත් ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු සඳහන් කරයි.

අවශ්‍යම වුවහොත් පුද්ගලයන්ට ජීවිත හානි සිදු නොවන ආකාරයට වෙඩි තැබීමට ඉඩ කඩ පවතින බවයි ඔහු කියා සිටින්නේ.

උතුරේ හෝ දකුණේ දේශපාලන නැගිටීම් ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි නමුත් උතුරේ අද පවතින දැඩි ආරක්ෂක විධි විධාන මැද එවැන්නකට ඇති ඉඩකඩ ඉතාමත්ම සීමිත බවත් ඔහු පෙන්වාදෙයි.

පදවිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කොටුවූ එල්ටීටීඊ සාමාජිකයන් බවට සැක කෙරෙන සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි, සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන තිදෙනා හමුදාවට වෙඩි තැබීමෙන් අනතුරුව යුද හමුදාව එල්ල කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පවසයි.

ශ්‍රී ලංකාවේ යුද්ධය නිම වීමෙන් අනතුරුව උතුරු ප්‍රදේශයේ ඇති වූ පළමු ගැටුම ලෙස මෙය වාර්තා වෙයි.

‘එල්ටීටීඊය යළි හිස එසවීමට දරන කිසිදු උත්සාහයක් අනුමත නොකරන ප්‍රදේශවාසීන්ගෙන් නොකඩවා ලැබුණු තොරතුරු මෙම පරීක්ෂණ සඳහා විශාල පිටුවහලක් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

ඒ අනුව සැකකරුවන් සිටි ප්‍රදේශය වටලා ඇති අතර ඔවුන් පලා යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් ඇතිවූ බව බලධාරීහු පවසති.

සැබවින්ම සිදු වූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, මීට දින කිහිපයකට ඉහතදී ගෝපි අත් අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ බවක් දෙමළ පුවත්පතක් වාර්තා කොට තිබූ බවද ප්‍රකාශ කරයි.

(බීබීසී ඇසුරෙනි)