Showing posts with label Human right. Show all posts
Showing posts with label Human right. Show all posts

Friday, February 6, 2015

උනුත් එකයි - මුනුත් එකයි - එහෙම කියපු උනුත් එකයි

JVP politics
ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන දේශපාලන ව්‍යාපාරයක්(මැතිවරණ වලදි ඡන්දය නම් නැත) ඒ මෛත්‍රී ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණ- වංචා පමණක් සොයමින් සිටිමයි.ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අංක එකේ ඩිල් කාරයෙකු වන අනුර කුමාර දිසානයක මේ දිනවල පක්ෂයේ තමන්ගේ බැටැලියන් එකට පවසමින් සිටින්නේ දින සියයට පස්සේ තියෙන මැතිවරණයෙන් තමන් ආසන 15ක් පක්ෂයට ලබාදෙන බවය.

දැන් මේ පහත තිබෙන ඡායාරූපය දෙස හොදින් බලන්න මේ අනුර කුමර දිසානායක සහ සුනිල් හදුන්නේත්ති රාජපක්ෂලා සමග ලගින් ගනුදෙනු කල අංක එකේ දුෂිතයෙකු වන වසන්ත පෙරේරා නොහොත් කැරෝකේ වසන්තලා සමග එකට සිටින් අයුරුයි.

නදී කුමාරී අමුණුගම නමැති තැනැත්තියකට කොල්ලුපිටියේ "ස්ටාර් ඩස්ට්" සමාජ ශාලාව තුලදී ලිංගික අතවර කිරිම,ඔරුගොඩවත්ත ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරියකු ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්‌ හා හැමර් වර්ගයේ ජීප් රථයක්‌ නවතා පරීක්‍ෂා කිරීමට යැමේදී එයට ඉඩනොදී තමා ඇමැතිවරයකුගේ සොහොයුරකු බව පවසා තර්ජනය කර පලායැම,ඇතුලු සමාජ විරෝධි ක්‍රියාකාරකම් රැසකට කැරෝකේ වසන්ත හිමිකම් කියා තිබේ.

මේ ටිකත් බලලාම යන්න

JVP politics

JVP politics

JVP politics

JVP politics

JVP politics


යහපාලක ගොලයන් "කැරෝකේ වසන්ත" සමග මේ කරන්නේ මොනවාද?.....තවත් ඡායාරූප සමග බලාපොරොත්තුවන්න........ 

Friday, April 18, 2014

පැහැරගැනීම් අතුරුදහන් කිරීම් සහ මර්දනයේ අවසානයක් සඳහා අධිරාජ්‍යවාදයටත් ජාතික පීඩනයටත් ජාතිවාදයටත් එරෙහිව සටන් වදිමු!

රවීන්ද්‍ර මුදලිගේ
තිනකුරල් පුවත්පතේ වඩමාරච්චි ප්‍රෙද්ශයේ වාර්තා කරු සිවඥානම් සෙල්වදීපන් මාධ්‍යෙව්දියාට එල්ල කරන ලද මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සම අයිතිය ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම ව්‍යාපාරයේ කැදවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ නමින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණ වශයෙන් පහතින් දැක්වේ.

“පසුගිය 14 වැනි දින රාත‍්‍රියේදී තිනකුරල් පුවත්පතේ යාපනයේ වඩමාරච්චි ප‍්‍රාදේශීය වාර්තා කරු සිවඥානම් සෙල්වදීපන් මහතාට කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද පහරදීමකින් බරපතල තුවාල ලැබූ ඔහු පේදුරුතුඩුව මන්තිහෙයි රජයේ රෝහලට ඇතුලත් කර ඇත. සෙල්වදීපන් මහතා මීට වසර කිහිපයකට පෙර තම සොයුරා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට එරෙහිවද හඩ නැගු අයෙකි. මෙම සිදුවීමට දින කිහිපයකට ප‍්‍රථම එල්.ටී.ටී.ඊ. සංවිධානය යලි සංවිධානය කිරීමට සම්බන්ධයයි පවසමින් සෙල්වනායගම් කදීපන් හෙවත් ගෝපි ඇතුළු තවත් කිහිප දෙනෙකු ඝාතනය කළ බවට ආරක්‍ෂක අංශ වාර්තා කළේය. ගෝපි ඇතුළු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට සාහය ලබා දුන්නේ යැයි චෝදනා කරමින් තවත් හැට දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් 41 දෙනෙකු පොලිස් ත‍්‍රස්ත මර්ධන කොට්ඨාශය මගින් තවදුරටත් රදවාගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මාධ්‍ය වලට පවසා තිබිණි. උතුරු නැගෙනහිර පළාත්වල හමුදා වටලෑම් මගින් අත්අඩංගුවට ගැනීම් නැවතත් ආරම්භ කරඇති අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යළි නැගීමක් පිළිබඳ පුවත්ද මැවෙමින් තිබේ. සිදුවීම් පෙළගැසෙමින් තිබෙනුයේ මෙලෙසය. 

ජීනිවා මානව හිමිකම් සමුළුවෙන් අනතුරුව ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් චෝදනාවකට ලක්වෙමින් සිටින ආණ්ඩුව අපේක්‍ෂා නොකළ ප‍්‍රතිඵලයකට පසුගිය පළාත් සභා මැතිවරණයේදීද මුහුණ දීමට සිදු විය. අධිරාජ්‍යවාදයේ වත්මන් ස්වරූපයවන නවලිබරල් ධනවාදී උපායමාර්ගය රටතුළ ක‍්‍රියාත්මක කරමින් සිටින ආණ්ඩුව අතිබහුතරයක් පීඩිත ජනතාවගේ ජීවත් වීමේ අයිතිය දිනෙන් දින උදුරා ගනිමින් සිටිති. ආර්ථික සහ දේශපාලන වශයෙන් වන තම අර්බුදය වසා ගැනීම සඳහා මර්ධන හැර අන් විකල්පයක් ඔවුන් වෙත නැත. එමෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම ජාතික ප‍්‍රජාවන්ගේ අවශ්‍යතා විසදීමට හෝ අයිතීන් ලබා දීමට හැකියාවක් නැති ධනේශ්වර පාලනය ඒ හේතුවෙන් දිනෙන් දිනම තමන් වෙතින් ගිලිහෙමින් තිබෙන ජනතා ආකර්ශනය නැවත ලබා ගැනීම අරමුණු කර ගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි සංවිධානය වීමක් පිළිබඳ ප‍්‍රවෘත්ති මවමින් තම බල දේශපාලන වුවමනාවන් උදෙසා නග්න ජාතිවාදය කරලියට ගෙන එමින් තිබේ. සැබෑ ප‍්‍රශ්න පසුපසට ඇද දමමින් සිංහල, දෙමළ, මුස්ලිම් පීඩිත ජනතාවද ඉතිහාසය පුරා මෙම උගුලේම ගොදුරු බවට පත්විය. වත්මන් මොහෝතේද එහි පෙරමග ලකුණු දිස්වෙමින් තිබේ. දිනෙන් දින තම ජීවත් වීමේ අයිතිය උදුරාගනිමින් සිටින සබෑ සතුරා හඳුනාගැනීම වෙනුවට ජාතිවාදී බෙදුම්රේඛා නිර්මාණය කර ව්‍යාජ සතුරන් නිර්මාණය කර ගනිමින් සැබෑ සතුරා සැගවීමට අප ඉඩ දිය යුතුද? එසේ කළ යුතු නැත. රට තුළ බරපතළ මානවහිමිකම් ප‍්‍රශ්නයක් ඇති බව සැබෑය. එහෙත් මැදපෙරදිග ඇතුළු ලෝකයේ බොහෝරටවල ජානතාවගේ මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝණය කරන අධිරාජ්‍යවාදී රටවල් විසින් මෙහෙයවන මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන වලින් එම මානවහිමිකම් ප‍්‍රශ්නයට විසදුම් අපේක්‍ෂා කිරීම විහිළුවකි. එයට සහාය ලබා ගත හැක්කේ ලෝකය පුරාම මානවහිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව අරගල කරන අපි වැනිම පීඩිත ජනතාවගෙන් සහ ඔවුන්ගේ ව්‍යාපාරවලින් මිස අධිරාජ්‍යවාදී සංවිධානවලින් නොවේ. ධනේශ්වර පාලනය වෙතින් දිගින් දිගටම එල්ලවන මර්දනය සහා පීඩනය හමුවේ තම විමුක්තිය සොයා ජාතිවාදය වෙත හෝ අධිරාජ්‍යවාදී සංවිධාන වෙත පසුපසට නොගොස් පැහැරගැනීම් අතුරුදහන් කිරීම් සහ සියලූම ආකාරයේ මර්දනයන්ගෙන් තිරසාර ලෙස නිදහස් වීමටනම් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම පීඩිතයින් අධිරාජ්‍යවාදයටත් ජාතික පීඩනයටත් ජාතිවාදයටත් එරෙහිව පුළුල් දේශපාලන අරගලයක් වෙත ඒකාබද්ධ විය යුතුය. පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහා මර්ධනයට එරෙහිව අරගල කරන සියලූම පීඩිත ජනතාව එවැනි පුළුල් අරගලයක් වෙත අත්වැල් බැදගන්නා ලෙස අප ඉල්ලා සිටිමු.

රවීන්ද්‍ර මුදලිගේ
කැඳවුම්කරු
සම අයිතිය ව්‍යාපාරය
2014.04.17