Friday, June 27, 2014

අපේ දැක්ම - ජවිපෙ නව ප‍්‍රතිපත්ති මාලාව දෙස හැරී බැලීමක්

1971 දී ජවිපෙ අරමුණු වෙනුවෙන් ඉදිරිපත් වූ මිනිසුන්ට සිය අරමුණු පිළිබඳව වූ ලිඛිත ප‍්‍රතිපත්ති මාලාවක් නොවීය. ඒ පිළිබඳ අපි යමක් සොයාගත යුත්තේ ඒ වකවානුවේ සිදු කරනු ලැබූ පන්ති සාකච්ඡුා, දේශන ආදියේ දී ඉදිරිපත් කරන ලද කාරණා හා පක්ෂයේ නිල ප‍්‍රකාශනවල ලියැවී ඇති දේ අනුවය. එදා වූ වැඩපිළිවෙළ පිළිබඳ වැඩිමනත් විස්තර දැන සිටියා වූ පුද්ගලයා වන්නේ විජේවීර සහෝදරයාය. බලයට පැමිණි පසු ක‍්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳව වූ සටහනක් ඔහුට ඔහුගේම මොළයේ තිබෙන්නට ඇත. එහෙත් එය ලිඛිතව අපට සොයාගත නොහැක. 

ජවිපෙ වැඩපිළිවෙළක් පිළිබඳව අපට කතා කළ හැක්කේ 71 මර්දනයෙන් පසුවය. එය උපත ලබා පෝෂණය වූයේ හිරගෙදර දීය. 71 මර්දනයේ දී සිරගත කරනු ලැබූ හා තවදුරටත් ජවිපෙ අරමුණු හා බැඳී සිටි පිරිස් විසින් එය සම්පාදනය කළේය. හිරගෙදර දුෂ්කර තත්වයන් යටතේ එකිනෙකා අතර සංවාදයෙන් පසුව එය තාවකාලික මධ්‍යම කාරක සභාව මඟින් පිළිගනු ලැබීමෙන් අනතුරුව නිල ලියැවිල්ලක් බවට පත් විය. එහෙත් එය සිරගෙදර තුළ සිටිය දී විවෘත තලයට නාවේය. එය තේරුම් ගත හැක. මන්ද ඇතිව තිබූ මර්දනයයි. එහෙත් ජේ.ආර්. බලයට පැමිණ, අයුවි කොමිසම් සභා පනත, ඉවත් කිරීමෙන් පසුව විවෘත තලයට පැමිණි ජවිපෙ ප‍්‍රසිද්ධ තලයේ දේශපාලන කටයුතු ඇරඹුවේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නොබෝ දිනකින්ම ජවිපෙ වැඩපිළිවෙළ රට හමුවේ තැබීමට හැකියාව ලැබුණේය. එහෙත් එය වැඩපිළිවෙළ නමින් නොව ‘විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය’ නමින් එළියට ආවේය. ඒ සඳහා සමුළුවක් කැඳවීමේ අවශ්‍යතාව පැමිණි හෙයින් ජවිපෙ රහසිගත සමුළුවක්, නියෝජිත සමුළුවක් කුරුණෑගල ඕමාරගොල්ලේ දී කැඳවන ලදී. එය ජවිපෙ පළමු සම්මේලනය මෙන්ම ජවිපෙ අභ්‍යන්තර පක්ෂයේ නොමැතිනම් බොල්ෂෙවික් පක්ෂයේ පළමු සමුළුව විය. ප‍්‍රථම මෙන්ම බොල්ෂෙවික් පක්ෂයේ සමුළුවේ දී එම පක්ෂයේ නිල වැඩපිළිවෙළ ලෙස ඉදිරිපත් වූ ලියැවිල්ල ඒකමතිකව සභා සම්මත වීමෙන් පක්ෂයට නිල වැඩපිළිවෙළක් ලැබුණේය. මෙලෙස එතෙක් ජවිපෙට විශාල අඩුවක්ව තිබූ වැඩපිළිවෙළක වුවමනාව සම්පූර්ණ කළේය. එහෙත් පළමුව මෙය එළියට ආයේ ‘පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය’ යන නමින් යුතුවය. එය ‘ජවිපෙ විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය’ නමින් 1977 පළමු මුද්‍රණයෙන් ජනතාව අතරට පැමිණියේය. මෙම ලියවිල්ල සකස් කළේ, පිළිගැනීමට ලක් කළේ එදා 71 කැරැුල්ලේ කොටස්කරුවන්ය. විජේවීර සහෝදරයා ප‍්‍රමුඛ විප්ලවවාදීන්ය. ඒ නිසා එහි සැබෑ අයිතිය ඇත්තේ එය ගොඩනැඟීමට ජීවිත දුන් පරපුරටය. එය හුදු පොරොන්දු මාලාවක් නොව මේ රටේ සමාජවාදී පරිවර්තනයක් ඇති කිරීම සඳහා වන වැඩපිළිවෙළකි. සංක‍්‍රමණීය වැඩපිළිවෙළකි. අදට ද එහි වලංගුභාවය එලෙසින්ම පවතින බව අපට නම් නිසැකය. 1977 සිට අද වන විට, 2014 වන විට දශක හතරකට ආසන්න කාලයක් සමාජය ඉදිරියට ගමන් කර ඇති බව සත්‍යයකි. ලෝකය බොහෝ දුර ගමන් කර ඇති බව සත්‍යයකි. ඒ නිසා වෙනස් වූ තත්වයන්ට අනුව යම් යම් වෙනස් වීම් අවශ්‍ය බව ඇත්තය. එහෙත් එය හරයෙන් යල්පැන ගොස් නැත. එහි දී ඉදිරිපත් කරන ලද යෝජනා තුළින් අද ද මේ රටේ සමාජවාදය ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබිණි. 

මෙය මැතිවරණ ප‍්‍රකාශයක් නොවන්නේය. ධනපති මැතිවරණවල දී ඒ ඒ පක්ෂ සිය ජයග‍්‍රහණය අරමුණු කර ජනතාව වෙත කැරට් කෑලි විසි කරති. බොරු පොරොන්දු දෙති. ඒ සඳහා විවිධාකාර ලියවිලි ඉදිරිපත් කරති. ඒවායින් සිය සුදුසුකම කියා පාති. එහෙත් බලයට පත් වහාම ඒ පොරොන්දු පත‍්‍ර අමතක කර දමති. ඊට හාත්පසින්ම වෙනස් වූ වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක කරති. එහෙත් විප්ලවවාදී පක්ෂයකට එසේ කළ නොහැක. ඔවුනට ස්ථිරසාර ප‍්‍රතිපත්ති තිබිය යුතුය. ඔවුන්ගේ වැඩපිළිවෙළ ප‍්‍රධාන මූලධර්ම මත පදනම් විය යුතුය. එම පක්ෂය මාක්ස්වාදී පක්ෂයක් නම් එහි මූලික ඉගැන්වීම්වලින් පිටපැනිය නොහැකිය. දැන් ප‍්‍රශ්නය ඇත්තේ මෙතැනය. ජවිපෙ මෙතෙක් පවත්වාගෙන ආ සිය උපායමාර්ගික වැඩපිළිවෙළ වෙනුවට තව එකක් ඉදිරිපත් කර තිබේ. 1977 සිට 2014 දක්වා දශක හතරකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ යම් හෝ වමේකමක් තිබුණේ නම් දැන් ජවිපෙ පරණ වමේ පක්ෂයක තරමට පල්ලම් බැස ඇත්තේය. විප්ලවය හා එයට තවත් ගනුදෙනුවක් නැත්තේය. නිර්ධන පාන්තික විප්ලවය ඉක්මනින් එන්නේ නැත. ඒ සඳහා වෙහෙසීම දුෂ්කරය. විවිධ කටුක දුක් කන්දරාවක් ඒ සඳහා විඳීමට ඊට සිදු වේ. දැන් ඇඟ නොතැලී, වෙහෙස නොවී, දුක් නොවිඳම සමාජවාදයේ නාමයෙන් ධනවාදය තුළ ම කරක් ගැසිය හැක. නව නායකත්වය යටතේ නව ප‍්‍රතිපත්ති මාලාව යටතේ යන්නට යන්නේ අන්න ඒ ගමනය. මේ රටේ නිර්ධන පන්තියට, අව්‍යාජ මාක්ස්වාදීන්ට, විප්ලවවාදීන්ට සුවිශේෂ කාර්ය භාරයක් පැවැරී ඇත්තේ දැන්ය. 

අපේ දැක්ම නම් වූ එම ප‍්‍රතිපත්ති මාලාව උස්සාගෙන මහානායක හාමුදුරුවන්, පූජකයන්, පූසාරීන් හමුවෙනවා අපි දුටුවෙමු. වාණිජ මණ්ඩලයේ ලොක්කන්, කලාකාරයන්, ඊනියා විද්වතුන්, මාධ්‍යවේදීන් හමුවෙනවා අපි දුටුවෙමු. දැන් සියල්ලන්ටම සතුටුය. හාමුදුරුවරු පිරිත් පැන් ඉසින්නේය. පිරිත් නූල් ගැට ගසන්නේය. සෙත් පතන්නේය. ඒ සඳහා පිරිකර සමඟ ප‍්‍රතිපත්ති පූජා කරන්නේය. දේව ගැතියන් දේවාශිර්වාදය පිරිනමන්නේය. පූසාරීන් සුවඳ දුම් අල්ලන්නේය. දැන් ඉතින් ජවිපෙ නායකයන්ට හරි ජොලිය. ධනපති ලිබරල්වාදීන් ඒ ප‍්‍රතිපත්ති අගය කරන්නේය. ධනපති මාධ්‍යවේදීන් මෙය උඩ දමන්නේය. තමන්ට ද පිළිගත හැකි වැඩපිළිවෙළක් නව නායකයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි ගුණ ගායනා කරන්නේය. මේ උදවිය මේ තරම් උදම් අනන්නේ ඇයි? එහි රහස ඇත්තේ වෙන කොතැනකවත් නොවේ. තවදුරටත් මේ ධනපති මජර ක‍්‍රමයට එරෙහිව ජවිපෙ නොයන බැවින්මය. තමන්ට එකඟ විය හැකි මෙවන් වැඩපිළිවෙළක් හඳුන්වා දීම පිළිබඳව ගෝලීය ප‍්‍රාග්ධනයට ද සතුටු විය හැක. මන්ද? පසුගිය සියවසේ ආසියාකරයේ දැවැන්ත කැරැුලි දෙකකට නායකත්වය සැපැයූ ව්‍යාපාරයක් එම මාවතින් මිදී ඉවතට ගමන් කොට සිය ගමන් මඟට තවදුරටත් අවහිර නොවී සිටීමට පිළිණ දී ඇති බැවිනි. 

ඇතැම් විටෙක, මේක මැතිවරණයකට ඉදිරිපත් කළ වැඩපිළිවෙළක් මිස ජවිපෙ අභ්‍යන්තර පක්ෂයේ වැඩපිළිවෙළ නොවන බව ඔවුන් කියනු ඇත. එහෙත් එය එසේ විය නොහැක. මන්ද, ඒ ඒ අවස්ථාව අනුව විවිධාකාරයේ යෝජනා විවිධ අවස්ථාවල දී ජවිපෙ විසින් යෝජනා කරගෙන ඇතත් ඒ කිසි විටෙක වැඩපිළිවෙළට අත තිබ්බේ නැත. ප‍්‍රතිපත්ති මාලාවට අත තිබ්බේ නැත. මෙවර සිදු කර ඇත්තේ එවැන්නක් නොව, පැරණි වැඩපිළිවෙළ ඉවත් කොට අලූත් එකක් ඒ වෙනුවෙන් ආදේශ කිරීමය. එය හඳුන්වා දී ඇත්තේම ‘ජවිපෙ ජාතික මහ සමුළුව විසින් සම්මත කරන ලද ප‍්‍රතිපත්ති මාලාව’ වශයෙනි. පැරැුණි ප‍්‍රතිපත්ති මාලාව ගැන මෙහි කිසිවක් සඳහන් නොවූවද එයට හාත්පසින්ම වෙනස් එකක් හඳුන්වා දී තිබේ. එය පැහැදිලිවම පැරැුණි එක අභිබවා යාමකි. පැරැුන්න යටපත් කොට අලූත් එකක් ඉදිරියට ඒමකි. විස්තාපනය කිරීමකි. 

අප මෙහි දී සලකා බලන්නේ මෙහි සඳහන් සියලූම වගන්ති වාක්‍ය ගැන නොව කිහිපයක් ගැනය. අත්‍යවශ්‍ය ප‍්‍රතිපත්ති කිහිපයක් ගැනය. ඒවා ඒ තරම් වැදගත් බැවිනි. සමස්ථයක් ලෙස කියන්නේ නම් මේ ප‍්‍රතිපත්ති මාලාව හා මාක්ස්වාදය අතර කිසිම සම්බන්ධයක් ඇත්තේ නැත. මුළුමනින්ම එය මාක්ස්වාදයට පටහැනිය. එය හා විප්ලවය අතර ඊට කිසිදු ඇයි හොඳයියක් ඇත්තේ නැත. අපේ අධ්‍යයනයේ දී මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ දෙකම ගෙන සසඳා බැලිය යුතු වන හෙයින් දීර්ඝ නමුත් උපුටා ගැනීම්වලට යාමට අපට සිදුව ඇත. වෙහෙසකර වුවද අන් මඟක් ඇත්තේ නැත. 

ජවිපෙ නායකයන් බොහෝ විට කියමින් සිටින්නේ තමන් සමාජවාදී සමාජයක් ගොඩනැඟීම අරමුණු කර ගත්, ඉලක්ක කරගත් වැඩපිළිවෙළක්, ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ බවය. ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති මාලාවේ එය දැක්වෙන්නේ ‘නවීන සමාජවාදී’ සමාජයක් ගොඩනැඟීම ලෙසය. එසේම ‘නවීන සමාජවාදී’ සමාජය යන්න විශේෂිත කළු අකුරින් ද දක්වා ඇත. මේ සියලූ කාරණා සලකා බලන කල තේරුම් යන්නේ ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති මාලාව සමාජවාදී සමාජයක් ගොඩනැඟීම ඉලක්ක කරගත් ප‍්‍රතිපත්ති මාලාවක් බවය. දැන් ප‍්‍රශ්නය පැන නඟින්නේ මෙලෙසය. තිබූ ප‍්‍රතිපත්ති මාලාව නැත්නම් විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් හඳුන්වා දුන් ප‍්‍රතිපත්ති මාලාව යල් පැනලා ද යන්නය. එය අදට නොගැලපේ ද යන්නය. සමහර වෙනස්කම්වලට යටත්ව එකී වැඩපිළිවෙළ අදට ද එකසේ වලංගු බව කාරණා අධ්‍යයනය කරන විට පැහැදිලි වේ. ‘අපේ දැක්ම’ එසේ මෙසේ ප‍්‍රතිපත්ති මාලාවක් නොව ‘නවීන සමාජවාදී’ සමාජයක පදනම හඳුන්වා දෙන නිසා එය මුල් ප‍්‍රකාශනයට කෙතෙක් දුරට එකඟ ද නැතිනම් විරුද්ධ ද යන්න සොයා බැලීම වටී. අලූත් නායකයාට අලූත් වැඩක් එපායැ. ඒ නිසා ‘නවීන සමාජවාදී’ සමාජයක වැඩපිළිවෙළ මෙදා හඳුන්වා දී ඇත. 

මෙම ප‍්‍රතිපත්ති මාලාව ගැන අපූරු සඳහනක් මෙහි තුන්වැනි පිටුවේ සඳහන් වේ. ‘‘එබැවින් ජවිපෙ අප රටට ඇවැසි ජනතාවාදී පාලනයක් ලෙස දකින්නේ, අප රට අනාගතයට ගෙන යා හැකි, මිනිසකු විසින් මිනිසකු සූරා නොකන, ජාතියක් විසින් කවර ජාතියක් පීඩාවට පත් නොකරන, ආර්ථික සමෘද්ධියෙන් උසස් මිනිස් සමාජයක්, එනම් නවීන සමාජවාදී සමාජයක් ගොඩනැඟීම ඉලක්ක කර ගනිමින්, ඒ සඳහා පූර්ව පදනම සකස් කරන ජනතාවාදී පාලනයකි.’’ මෙම වගන්තිය අනුව නම් මෙම වැඩපිළිවෙළ ‘නවීන සමාජවාදී සමාජයක්’ ගොඩනැඟීම උදෙසා නොවේ. ඒ සඳහා පදනම් සකස් කිරීමටය. එහෙත් ඊට පසුව යෙදෙන කරුණු කාරණා සමාජවාදී සමාජයක පදනම් ලෙස කියැවේ. මේක හරිම ප‍්‍රතිවිරෝධීය. දැන් ප‍්‍රශ්න කිහිපයක් පැන නඟී. එක, ‘නවීන සමාජවාදී’ පාලනයක් සඳහා තත්වයන් මෝරා නැද්ද? ඒ නිසා තත්වයන් මෝරන තුරු අමතර පාලන අවධියක් ගෙවිය යුතුද? දෙක, එවන් තත්වයක් නම් තියෙන්නේ මුලින් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තත්වයන් මේරීමට පෙර ඉදිරිපත් කරන ලද නොමේරූ ලියවිල්ලක්ද? ඊළඟට මාක්ස්වාදයට අනුව ඊනියා ජනතාවාදී පාලන ක‍්‍රම පවතීද? නැතිනම් පන්ති පාලනයක් පවතීද? 

සමාජවාදී සමාජයකට තත්වයන් මෝරා නැති නිසා වෙනත් සමාජ අවධියක් ගතකොට දෙවැනුව සමාජවාදයට යා හැකි යැයි කියන්නේ නම් එය අන් කිසිවක් නොවේ. ස්ටැලින්වාදය, මාවෝවාදය දක්වා පල්ලම් බැසීමය. එනම් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය දක්වා පල්ලම් බැසීමය. තවදුරටත් කියන්නේ නම් පන්ති අතරේ ආඥාදායකත්වය දක්වා පල්ලම් බැසීමය. එනම් ධනපතියන්ගේ, මධ්‍යම පන්තියේ අර්ධ නිර්ධනීන්ගේ, නිර්ධනීන්ගේ මනෝ විකාර පාලනයක් කරා ගමන් කිරීමය. යෝජිත වැඩපිළිවෙළ තුළ සමාජවාදය ගොඩනැඟීම සඳහා ධනපති පන්තියට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් යෝජනා නොකරයි. ඔවුන්ගේ දේපළ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී. ඔවුන්ගේ ලාභය උපරිම කරගැනීම වෙනුවෙන් පෙනී සිටින අතරම ඔවුන් සඳහා බදු සහන ද නිර්ලෝභීව ප‍්‍රධානය කරයි. එය පසුව සාකච්ඡුා කරමු. 

වත්මන් යෝජනාව මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිනම් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නොවේ නම් එය අනිවාර්යෙන්ම ධනපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීමේ, එය ශුද්ධ පවිත‍්‍ර කිරීමේ, එය වඩාත් මානුෂික කිරීමේ ප‍්‍රතිගාමී උත්සාහයකි. ¥ෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන්, දුරාචාරයෙන්, සූරාකෑමෙන්, පීඩනයෙන් තොර ධනවාදයක් ඇත්තේ නැත. එහෙත් මෙම වැඩපිළිවෙළින් යෝජනා කරන්නේ පිරිසිදු ධනවාදයක් නම් ජවිපෙටත් දෙයියන්ගේම පිහිටය. ප‍්‍රතිපත්ති මාලාව තුළ පෙනී යන ප‍්‍රධාන කරුණ නම් එසේ ධනවාදය පිරිපහදු කොට ජනතා සේවය සඳහා යොදවා ගැනීමේ වෑයමය. 

ජනතාවාදී පාලන ක‍්‍රම ගැන කතා කිරීම මහා විහිළුවකි. මන්ද? ඉතිහාසයේ එවැනි පාලන ක‍්‍රම පැවතියේ නැත. පවතින්නේ ද නැත. ජනතාව පන්තීන්වලට බෙදී සිටිති. දේපළ හිමි පන්තිය සමාජයේ අධිපති පන්තිය වෙමින් පාලක පන්තිය ද වේ. ඔවුන් සිය පන්ති පාලනය පවත්වා ගෙන යාම උදෙසා සියලූ මර්දනකාරී ආයතන භාවිත කරයි. රාජ්‍ය බලය මෙහෙයවයි. එසේම සියලූ ප‍්‍රචාරක මාධ්‍යයන්ගේ හිමිකාරීත්වය දරමින් මතවාදී ආධිපත්‍යය ද අත්පත් කර ගනී. එසේම එය සාතිශය සූරාකෑමට බඳුන් වූ ජනයාට එරෙහිව යොදවයි. මෙසේ බලන විට ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ පන්ති පාලනයකි. පවත්වාගෙන ඇත්තේ පන්ති ආඥා දායකත්වයකි. එකී බලය අනෙක් පන්තීන් සමඟ බෙදා හදාගෙන සිය පන්ති පාලනය ගෙන ගොස් නැත. ඒ නිසා ජනතාවාදී පාලනක‍්‍රම යන්න විකාරයකි, වංචාවකි, මුලාවකි. එය ජනතාව මුලා කිරීම සඳහා ධනපතියන් යොදා ගන්නා වචනයකි. එය විප්ලවවාදී යයි කියාගන්නා පක්ෂයකට කිසිසේත් උචිත නොවන යෙදුමකි. කොපමණ ‘ජනතාවාදි’ කීවද කිසිම පන්ති පාලනයක් ජනතාවාදී නොවේ. 

අපි දැන් යෝජිත නවීන සමාජවාදයේ හැඩරුව මඳක් හඳුනා ගනිමු. ‘නවීන සමාජවාදී’ සමාජයක් ගැන කතා කරන වැඩපිළිවෙළේ, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇති නිර්මාක්ස්වාදී ස්වභාවය, ප‍්‍රතිගාමී ස්වභාවය හඳුනා ගැනීම සඳහා අප කළ යුතු වන්නේ එක් දෙයකි. එනම් ජවිපෙ විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කියවා ගැනීමය. රාජ්‍ය ව්‍යුහය පිළිබඳව විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන්ව ඇති කරුණු දෙස මඳක් යොමු වෙමු. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ප‍්‍රතිපත්ති අංක එකේ සිට විසිතුන දක්වා වන ප‍්‍රකාශිත කරුණුවලින් එය රාජ්‍ය ව්‍යුහයේ ස්වභාවය පිළිබඳව කියා පායි. එය මේ සමඟ උපුටා දක්වන අතරම නවීන සමාජවාදී වැඩ පිළිවෙළක් යෝජනා කරන අපේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඒ පිළිබඳව සඳහන් කර ඇති කාරණා ඊළඟට උපුටා දක්වමි. 

(උපුටනය 1, උපුටනය 2) - 6 (1-7) දක්වා පසුපිට 
ධනවාදයේ සිට මිනිසාට ගමන් කළ හැක්කේ කොමියුනිස්ට්වාදයටය. එහෙත් කොමියුනිස්ට්වාදයේ ඉහළ අවධිය කරා එකවර යාමට නොහැක. ඒ සඳහා පරිවර්තන අවධියක් අවශ්‍ය බව මාක්ස්වාදයේ ආදීතමයන් කියා සිටියේය. එම පරිවර්තන අවධිය අන් කිසිවක් නොව කොමියුනිස්ට්වාදයේ පහළ අවධිය වන සමාජවාදයයි. එම කාල පරිච්ෙඡ්දය කොමියුනිස්ට්වාදයේ ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික පදනම් ගොඩනඟන අවධියයි. ඒ කියන්නේ මිනිසාට ධනවාදයේ සිට එක්වරම පැනිය හැකි පිම්ම වන්නේ සමාජවාදය සඳහා වන පිම්මයි. මිනිසකු විසින් මිනිසකු සූරාකෑම අහෝසි කරන, පෞද්ගලික දේපළ ක‍්‍රමය අවලංගු කරන, ජාතියක් විසින් ජාතියක් පීඩාවට පත්කරන ක‍්‍රමය අහෝසි කරන කාලයයි. එසේම සෑම මිනිසකුම සිය හැකියාව අනුව හා වැඩ කරන ප‍්‍රමාණය අනුව ලබා ගන්නා කාලයයි. 

මෙම කටයුත්ත සම්පූර්ණ කර ගැනීම සඳහා නිර්ධන පන්තිය ප‍්‍රමුඛ පීඩිත පන්තීන් වෙත රාජ්‍ය බලය අවශ්‍ය වන්නේය. එම කාලය නිර්ධන පන්ති ආඥාදායකත්වයේ කාල පරිච්ෙඡ්දයක් වන බව මාක්ස්වාදය පෙන්වා දුන්නේය. එනම් පීඩිත පන්තීන්, විශේෂයෙන්ම නිර්ධන පන්තිය දේශපාලන බලය අභ්‍යාස කරන යුගයක් උවමනා බවය. කම්කරු, ගොවිකරු ආණ්ඩුවක් අවශ්‍ය බවය. සමාජය තුළ කම්කරු පාලනයක් අවශ්‍ය බවය. 

ඒ සඳහා ධනපතීන් විසින් සිය සූරාකෑමේ හා පීඩනයට පත් කිරීමේ අවයවය ලෙස මෙතෙක් පාවිච්චි කරන ලද ධනේශ්වර මර්ධනකාරී ආයතන තවදුරටත් පරිහරණය කළ නොහැකි බව මාක්ස්වාදය පෙන්වා දී ඇත. එනම් පැරැුණි සන්නද්ධ හමුදාවන්, පොලිසිය, උසාවිය, හිරගෙවල්, දෘෂ්ටිවාදී ආයතනයන් එලෙසින්ම නිර්ධන පන්තියට සිය සූරාකෑමෙන් මිදීම සඳහා පරිහරණය කළ නොහැක්කේය. ඒ සඳහා නව මර්ධනකාරී ආයතන පද්ධතියක් නිර්ධන පන්තියට අවශ්‍ය වන්නේය. එය ඉටු කරන කාර්ය කුමක්ද යන්න 1871 පැරිස් කොමියුනයේදීත් රාජ්‍ය ව්‍යුහය සම්බන්ධයෙන් ‘අපේ දැක්ම’ කියන්නේ කුමක් දැයි සොයා බලමු. කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්නයේ දී ‘අපේ දැක්ම’ සමාජ ප‍්‍රජාන්ත‍්‍රවාදය කරා කොතෙක් දුරට පල්ලම් බැස ඇත්දැයි අපට තේරුම් ගැනීම ඉතාමත් පහසුය.

01 රාජ්‍ය ව්‍යුහය 
ශ‍්‍රී ලාංකේය සිහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුලූ සියලූ පොදු ජනතාවගේ නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය සුරැුකෙන ආකාරයේ රාජ්‍ය බලයක් හා රාජ්‍ය ක‍්‍රියාකාරීත්වයක් ස්ථාපිත කෙරේ. ඒ අනුව පවතින රාජ්‍ය බලය හා රාජ්‍ය ක‍්‍රියාකාරීත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීම උදෙසා පහත සඳහන් ක‍්‍රියාමාර්ග ගන්නවා ඇත. 

රාජ්‍ය බලය 
පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජනතාව ඉදිරිපත් කරන යෝජනා හා අදහස් සැලකිල්ලට ගෙන කෙටුම්පත් කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මඟින් සම්මත කෙරේ. එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් 
x ජනතා පරමාධිපත්‍යය සහතික කෙරේ.
x විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරේ. 
x පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ස්ථාපිත කෙරේ. 
x පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකට සීමා කෙරෙන අතර එම නිල කාලය අවසන් වීමෙන් පසුව තෙමසක් ඉක්ම යාමට පෙර මහ මැතිවරණයක් පැවැත් වේ. 
x ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන ජනමාධ්‍ය කොමිසම හා ස්වාධීන අධිකරණ සේවා කොමිසම ස්ථාපිත කෙරෙන අතර එම කොමිසම් සභා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කෙරේ. 
x පක්ෂය මාරු කරන මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි කෙරේ. 
x ඇමැති මණ්ඩලය 25කට සීමා කෙරේ.
x ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුලූ මර්දනකාරී අණ පනත් අහෝසි කෙරේ. 
x පළාත් සභා වෙනුවට ජනතා සභා පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරේ. 

රාජ්‍ය ක‍්‍රියාකාරීත්වය
ජාතික ප‍්‍රතිපත්ති හා සැලැසුම් සකස් කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්ති හා සැලැසුම් සභාවක් පිහිටුවනු ලබන අතර එයට දේශපාලකයන්ගෙන් ද විෂයන් හා වෘත්තීන් පිළිබඳ විශේෂඥයන්ගෙන් ද උපදෙස් ලබා ගැනීමට කටයුතු කෙරේ. 

x රාජ්‍ය ආයතන ඇතුලූ මහජනතාවට සේවා සපයන ආයතනවලින් ජනතා සේවය නිසි නිවැරැුදිව ඉටු නොවන අවස්ථාවල දී ඒ පිළිබඳව වහා පරීක්ෂා කර, පුරවැසියන්ගේ අයිතිය ආරක්ෂා වන සේ සාධාරණය ඉටු කිරීමට විශේෂ පරීක්ෂණ ආයතනයක් ස්ථාපිත කෙරේ.
(අපේ දැක්ම පිටුව 4-5)

මෙම යෝජනා කිසිවක් රාජ්‍ය බලයේ වෙනසක් අපේක්ෂා නොකරයි. හුදු ආණ්ඩු මාරුවකට අත වනයි. කිසිදු ධනපතියකු මේ ඊනියා සමාජවාදී වැඩපිළිවෙළට විරුද්ධ වන්නේ නැත. ජවිපෙ මෙවැන්නක් ඉදිරිපත් කිරීම ගැන ඔවුන්ගේ ජය ගොස ඇසෙන්නේ ඒ හෙයිනි. 1917 රුසියානු මහා විප්ලවයේදීත් ඔප්පුකර පෙන්වීය. එසේ නිර්ධන පාන්තික ආඥාදායකත්වයේ අවධියක අවශ්‍යතාවය ගැන විජේවීර සහෝදරයා ප‍්‍රමුඛ 71 මිනිසුන්ට කිසිම අවිශ්වාසයක්, දෙගිඩියාවක්, විචිකිච්චාවක් තිබුණේ නැත. එම අවශ්‍යතාවය එළිපිටම පිළිගත්තේය. එසේ පිළිගත්තා පමණක් නොව සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඉහළින්ම ලියා ද තැබීමට කටයුතු කළේය. ඒ අනුව රාජ්‍ය ව්‍යුහය පිළිබඳව වන පළමු ප‍්‍රතිපත්තියේ දී පළමු වාක්‍යයට එය එකතු කිරීමට අමතක කළේ නැත. ඒ අනුව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පළමු වගන්තිය මෙසේ විය. ‘නිර්ධන පන්ති රාජ්‍ය බලය ස්ථාපිත කරනු ලැබේ’ මාක්ස්වාදින් සිය ප‍්‍රතිපත්ති කිසි විටෙකත් කෙසේවත් ප‍්‍රසිද්ධියේ කියා සිටීමෙන් වළකින්නේ නැත. එකී ප‍්‍රතිපත්තිවලට සතුරා බියෙන් වෙව්ලූවද එය එසේමය. අනෙක් අතට එළියට එකක් කියා පිටට වෙන එකක් කියන්නේ ද නැත. එසේ වන්නේ නම් එය දෙබිඩි කාර්යයකි. ප‍්‍රශ්නය මතුවන්නේ දැන්ය. ඒ අපේ දැක්ම කියවූ විටය. එම ප‍්‍රතිපත්ති මාලාවේ කිසිදු තැනක එදා විජේවීර සහෝදරයා ප‍්‍රමුඛ 71 විප්ලවවාදීන් විසින් ලියා තැබූ රාජ්‍ය ව්‍යුහය පිළිබඳ වූ කිසිදු වගන්තියක් ඇතුළත් කර නැත. සමාජවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවටත් එය මහජන අනුමැතියෙන් සම්මත කර ගන්නා බවටත් සමාජවාදී ජන රජයක් පිහිටුවන බවටත් ජනතාව මර්දනය කිරීමේ සන්නද්ධ සේවා අහෝසි කරන බවටත් ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කළ සෑම තරුණ තරුණියකටම සන්නද්ධ පුහුණුව දෙන බවටත් මුළු ජනතාව සන්නද්ධ කරන බවටත් ජනතාවගේ ස්වෙච්ඡුා සමාජ සේවයක් පවත්වාගෙන යන බවටත් පැරැුණි ධනපති නීති ක‍්‍රමය අහෝසි කරන බවටත් පැරැුණි පාලන ක‍්‍රමය වෙනස් කර කම්කරු පාලනයක් ස්ථාපිත කරන බවටත් ආදී වශයෙන් වන බොහෝ ප‍්‍රතිපත්තීන් විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දී ඉදිරිපත් කරන ලදී. එහෙත් ඒ එකදු ප‍්‍රතිපත්තියක් සමඟ නව නායකයන්ගේ ‘නවීන සමාජවාදී’ සමාජය සඳහා වන ප‍්‍රකාශයේ දී හැරීමටවත් බැරිය. 

අපේ දැක්මේ ප‍්‍රතිපත්ති කෙසේවත් නිර්ධන පන්ති සමාජවාදී සමාජයක් ඉදිකිරීම සඳහා ඉලක්ක කර ගත් එකක් නොවේ. ඒ සියල්ලම පැරැුණි ප‍්‍රතිපත්ති අත්හළ බවට ධනපතීන්ට දෙන සහතිකයකි. ඒවා ධනපති ක‍්‍රමය පෙරළා දැමීම ඉලක්ක කර, සූරාකෑම අහෝසි කර දැමීම ඉලක්ක කර නැත. ඒ වෙනුවට ධනපති ක‍්‍රමය හැඩ වැඩ දමා නඩත්තු කිරීමේ වගකීම පවරා ගැනීමකි. ධනපතියන් සතුටුකර තබා ගැනීමට වෑයමකි. ධනපතීන් සමඟ එකගෙයි කෑමට මඟ පාදා ගැනීමකි. ධනපතීන් මෙම ‘අපේ දැක්ම’ අනුමත කරන්නේ, එයට අවශ්‍ය ප‍්‍රචාරය දෙන්නේ, එය උඩ දමන්නේ ඊට ‘තමන්ටත් එකඟ විය හැකි’ යැයි කියන්නේ හේතුවක් ඇතුවය. ඒ ඔවුන්ගේ සූරාකන ක‍්‍රමයට කෙස් රොදක හානියක් සිදු නොවන බැවිනි. නිර්ධන පන්තී රාජ්‍ය බලය, නිර්ධන පන්තී ආඥාදායකත්වය අත්හැර දැමීම තරම් සතුටක් ධනපති පන්තියට තවත් වෙද්ද? 

ධනපති රාජ්‍යයේ නිලධාරීවාදී ආයතන පද්ධතිය, ධනපති පොලිසිය, ධනපති අධිකරණ පද්ධතිය ස්වාධීන කර පවත්වා ගැනීමට එය යෝජනා කරයි. මේ ආයතන එකක් හෝ ස්වාධීන ආයතනද? නැත කිසි සේත් නැත. ඒවා ධනපති ක‍්‍රමයේ උවමනාවෙන්, බලපෑමෙන්, පාලනයෙන්, තොරව නොපතිනවා පමණක් නොව එසේ ස්වාධීනව පැවැතී ද නැත. මොවුන් මාක්ස්වාදය පිළිගත් සමයේ සිය අධ්‍යාපන කඳවුරුවල දී නම් ඒවා ධනපති ආයතන ලෙස පිළිගත් බව ඇත්තය. එහෙත් දැන් මාක්ස්වාදය අතර ලිබරල්වාදය වැළඳගෙන ඇති තත්වයක් යටතේ කෙසේවත් එසේ පිළිගැනීමට ඉඩක් නැති බව පැහැදිලිය. 

පසුගිය කාලයේ කම්කරුවන්ගේ, ගොවියන්ගේ, ධීවරයන්ගේ, ශිෂ්‍යයන්ගේ පොදු මහජනයාගේ ඉල්ලීම්, උද්ඝෝෂණ, පෙළපාලි, විරෝධතා මැඩලීම සඳහා නොවේද මේ ඊනියා ස්වාධීන ආයතන ක‍්‍රියාකළේ? නිලධාරීන් ජනතාව මැඩලූවේ නැතිද? අධිකරණය ගොවියන්ට, කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, ධීවරයන්ට එරෙහිව තීන්දු තීරණ දුන්නේ නැතිද? සාධාරණ හා යුක්තිගරුක අරගල පොඩිපට්ටම් කිරීමට හමුදා පොලිසි ක‍්‍රියා නොකළේද? ජනතාවගේ ඉල ඇට කැඩුවේ නැද්ද? කඳුළු ගෑස් ගැහුවේ නැද්ද? ඔළු පැලූවේ නැද්ද? පැහැරගෙන ගියේ නැද්ද? මරා දැමුවේ නැද්ද? අතුරුදන් කළේ නැද්ද? මේ සියලූම ආයතන ධනපති පන්තියේ අතකොලූ වුණා විනා කිසිසේත්ම ජනතාව ඉදිරියේ ස්වාධීන ආයතන වූයේ නැත. ඒ නිසා මේ ආයතන පිරිපහදු කොට, තෙල්, ග‍්‍රීස් දමා නිර්ධන පන්තියට සිය පන්ති අවශ්‍යතාවන් සඳහා පාවිච්චි කළ නොහැක. ඒවා කඩා බිඳ දමා අලූත් එකක් සෑදීම අනිවාර්යය. එයයි යුගයේ අවශ්‍යතාවය. එයට පණ පොවනවා විනා එය පිරිසිදු කිරීමට පෙනී සිටීම, ඒ සඳහා ප‍්‍රතිපත්ති සකස් කිරීම විකාරයකි. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ එක් තැනක සඳහන් වන්නේ පොලිසියට ඇති පීඩාකාරී වටපිටාව අහෝසි කරන බවය. එහෙත් ඇත්තෙන්ම කළ යුත්තේ පොලිසියෙන් ජනතාවට වන පීඩනය අහෝසි කිරීමය. 

මෙම ආයතන පන්ති පදනමින්, පන්ති දෘෂ්ටි කෝණයෙන් හඳුනා ගැනීමට ‘නවීන සමාජවාදී’ නායකයන් අසමත්ව ඇති බව පැහැදිලිය. 

නිර්ධන පාන්තික රාජ්‍ය බලය ගොඩනැඟීමෙන් තොරව පැරැුණි හෝ නවීන සමාජවාදයක් ගොඩනැඟිය නොහැක. 

දැන් අපි ආර්ථික ක්ෂේත‍්‍රයේ සිදු කළ යුතු යැයි පැරැුණි බොල්ෂෙවික්වාදීන් කල්පනා කළ දේ හඳුනා ගනිමු. ඒ සඳහා විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයම හුවා දැක්වීම ප‍්‍රමාණවත්ය. (උපුටනය)
නිර්ධන පන්තික රාජ්‍ය බලය ලබා ඊළඟ කාර්යය නම් ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියයි. යෝජිත සමාජවාදී ආර්ථික ක‍්‍රමයේ ප‍්‍රධාන පදනම ලෙස සලකනු ලැබුවේ පොදු දේපළ ක‍්‍රමයයි. ඒ සඳහා පෞද්ගලික දේපළ පොදු දේපළ දක්වා පරිවර්තනය කරන බව නොපැකිලිව නොබියව සඳහන් කරයි. ධනපතීන් සතු ව්‍යාපාර සමාගම්, පතල්, මෝල්, ඉඩම්, මූල්‍ය ආයතන කිසිදු වන්දි ගෙවීමකින් තොරව නිර්ධන පන්ති රජය යටතට පත්කර ගන්නා බව පවසයි. එසේම සියලූම අධිරාජ්‍යවාදීන් සතු දේපළ ද කිසිදු වන්දි ගෙවීමකින් තොරව පවරා ගන්නා බව ලියා තබයි. ආර්ථික ක්ෂේත‍්‍රය තුළ සිදු කරනු ලබන තවත් බොහෝ ප‍්‍රතිසංස්කරණයන් එහි දී විග‍්‍රහ කරයි. 

සමාජවාදී ක‍්‍රමයක් ගොඩනැඟිය හැක්කේ පොදු දේපළ මඟින් පුද්ගල දේපළ පළවා හැරීමෙනි. එමඟින් පමණක්මය. එසේම සාමූහික සහ සමුපකාරික දේපළ ද ගොඩනැඟීම අත්‍යවශ්‍යය. සියලූ ධන සම්පත් මාර්ග පොදු දේපළක් බවට පත් කළ සමාජයක සැබෑ සාමානත්මතාවය සමාජයේ පතුලෙන්ම පැන නඟින්නේය. මෙතෙක් කල් සියලූ දේපළවලින් පළවා හරිනු ලැබූ පන්තිය ඒවායේ සැබෑ උරුමකරුවා බවට පත්වීමෙන් තොරව ගොඩනැඟිය හැකි සමාජවාදයක් නැත. එසේම මේ සියලූම දේපළ, සමාජ ධන නිධාන, සම්පත් සැලැස්මානුකූල නිෂ්පාදනයකට ලක් කිරීම අවශ්‍යය. මේ ක‍්‍රියාවලිය තුළින් පමණක් මිනිසකු විසින් මිනිසකු සූරාකෑම අහෝසි කළ හැකි වනු ඇත. සමාජවාදයේ සැබෑ අරමුණ වන්නේ එයයි. 

එහෙත් ‘නවීන සමාජවාදයක්’ ගොඩනැඟීමට තැත් දරන නව නායක නඩය නොකරන්නේ ද එයයි. ඔවුන් ධනපතීන් හමුවේ වැඳ වැටෙයි. ඔවුන්ගේ දේපළ ආරක්ෂා කර රැුක දී පෝෂණය කරන බවට දිවුරුම් දෙයි. ඒවාට නිර්ධනීන් වෙතින් එල්ල විය හැකි මහා ප‍්‍රහාරයෙන් බේරා දෙන බවට සහතික දෙයි. ඒ මදිවාට සූරාකෑම යහතින් කරගෙන යාම සඳහා පළමුව අවුරුදු පහක බදු සහනයක් දීමට පොරොන්දු දෙයි.

කම්කරුවන්, ගොවියන් හා ශිල්පීන් බදුවලින් නිදහස් කරන බවත් පෞද්ගලික ව්‍යාපාරවල ලාභ දැඩි ලෙස සීමා කරන බවත් කියා සිටියේ 71 නායකයන්ය. ඒ වෙනුවට ධනපතියන් බදුවලින් නිදහස් කොට වැඩි වැඩියෙන් ලාභ ඉපදවීමට අවස්ථාව ඉඩකඩ ලබා දෙන බව නව නායකයෝ පවසති. පසුගිය දිනෙක මහරගම පැවැති රැුලියක දී එක් නායකයෙක් වැඩි ලාභ ඉපදවීමට සිය පාලනයක් යටතේ ඉඩ විවර කර දෙන බවට ප‍්‍රකාශ කළේලූ. අපූරුයි, හරිම අපූරුයි. මන්ද? මේ නායකයාට වැඩි ලාභ යනු වැඩි සූරාකෑම බව අමතකව ඇති හැටි. 

මේ අපූරු සමාජවාදී නායකයන් කම්කරු පන්තිය නැතිනම් නිර්ධන පන්තිය අමතක කර දමා ඇත. නවීන හෝ පැරැුණි හෝ සමාජවාදයක් ගොඩනැඟීමට නම් නිර්ධන පන්තිය පදනම් කර ගත යුතුය. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඒ සඳහා තමන් සිදු කිරීමට බලාපොරොත්තු වන ප‍්‍රතිසංස්කරණයන් එළිදැක්විය යුතුය. එය පැරැුණි විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දී අපූරුවට සිදු කර ඇත. එහෙත් කරුමයක මහත. මේ ‘නවීන සමාජවාදීන්ට’ කම්කරු පන්තිය අමතකව ඇත. එහි කිසිදු සඳහනක් ඒ ගැන නැත. අඩුම ගාණේ වැඩ වර්ජනය කරන්නට ඇති අයිතිය ගැන නැතිනම් වෘත්තීය සමිතියක් ගොඩනැඟීමට ඇති අයිතිය ගැන මේ කිසිවක් ගැන කිසිවක් සඳහන්ව නැත. කම්කරුවන් අමතක කර දමා, ඈත් කර දමා ගොඩනඟන සමාජවාදය කුමනාකාරයේ එකක් විය හැකිද? මෙම ‘නවීන සමාජවාදී’ ලියැවිල්ලේ කම්කරුවන් ගැන කිසිවක් සඳහන් නොවූවද ධනපතියන් ගැන, ගොවියන් ගැන, ශිල්පීන් ගැන සුළු පරිමාණ නිෂ්පාදකයන් ගැන, ඔවුනට දෙන සහන ගැන ඇති තරම් ලියා ඇත. මේ කියන සමාජවාදයට දැන් කිසිවකු බිය විය යුතු නැත. සූරාකන්නන්ට මීටත් වඩා තවත් සහතිකයක් කුමටද? මේ මෑතක්වන තුරුම ජවිපෙ කීවේ, ලීවේ කම්කරුවන් ගැනය. දැන් ඒකත් අමතක කර දමා ඇත. එය එසේ මෙසේ තැනකදී නොව සිය වැඩපිළිවෙළේ දීය. සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දීය. 

සෞඛ්‍ය පිළිබඳව ද අපූරු ස්ථාවරයක් ගෙන ඇත. එයද සළකා බැලීම වටී. (10-1)
ගොවියන්ට සහන දීම හොඳය. එහෙත් ගොවියන් නිරතුරුවම ධනවාදය උත්පාදනය කරයි. ගොවි දේපළ ක‍්‍රමයෙන් සාමූහික හා සමුපකාරික දේපළක් බවට පත් කිරීම ගැන කිසිවක් සඳහන්ව නැත. 

අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන විසින් ලබාගෙන ඇති දැවැන්ත ණය කන්දරාව අහෝසි කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් සමඟ සාකච්ඡුා පවත්වන බව කියයි. සාකච්ඡුා හැර අන් විසඳුමක් ඇත්තේ නැත. ඔන්න කරනවා නම් ක‍්‍රස්ත්‍රෝ කරපු ජාතියේ වැඩක් කර සිය විප්ලවවාදීත්වය ඔප්පු කරන්නට වෙලාවක්. ගොවිණය ගැන පැරැුණි ප‍්‍රකාශයේ සඳහන්ව ඇත්තේ මෙසේය. ‘ගැමියා මුළුමනින්ම ණයගැති බවෙන් නිදහස් කරනු ලැබේ. මෙතෙක් පැවැති රජයටත් ඉඩම් හිමියටත් මුදල් පොලීකාරයන්ටත් ඇති කෘෂිකාර්මික කම්කරුවන්ගේ’ ශිල්පීන්ගේ හා දිළිඳු ගොවියන්ගේ ණය අහෝසි කරනු ලැබේ.’ යනුවෙනි. අද එය ද අමතකව ඇත. සන්ධාන රජයේ සිටිය දී ගොවි ණය අහෝසි කලා යැයි කෑ මොරදුන් ව්‍යාපාරයකට මේ වගේ යෝජනාවක් ඇතුළු කිරීමට නොහැකි වීම මහත් ඛේදයකි. එය තිබුණා නම් තව ඡුන්ද ටිකකට කේවල් කිරීමේ හැකියාව තිබුණි. 

පසුගිය දිනවල මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන උස්සාගෙන දිව්වේ පූජකයන් වෙතය. ඔවුන් එය මහත් ඉහළින් පිළිගත්තේය. එය ‘යසයි යසයි’ කීවේය. ආශිර්වාද කළේය. පැන් ඉස්සේය. එය විය යුතුය. ඇයි? ජවිපෙ පැරැුණි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වූයේ ආගම රාජ්‍ය පාලනයෙන් වෙන් කරන බවය. අධ්‍යාපනයෙන් එය බැහැර කරන බවය. විහාර දේවාලගම් අහෝසි කරන බවය. රාජකාරී ක‍්‍රමයේ ශේෂ ඉවත් කරන බවය. එහෙත් ‘නවීන සමාජවාදී’ ලියැවිල්ලේ මේ කිසිත් නැත. ඉතින් පිරිත් පැන් නොඉස කොහොමද? පිරිත් නූල් නොබැඳ කොහොමද? 

මෙහිදී පැන නඟින තවත් කරුණක් ඇත. ධනේශ්වර සංවර්ධනයේ පසුගාමී රටක් ලෙස විග‍්‍රහ කළ මෙරටෙහි පැරැුණි ආසියාතික නටබුන් ද තිබෙන බව කීවේය. එම නෂ්ඨාවශේෂ පිසදා හැරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් අනවශ්‍ය බවත් එය සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙස විසඳිය හැකි බවත් එසේ කළ යුතු බවත් කීවේය. එහෙත් ‘නවීන සමාජවාදී’ සමාජයක් ගොඩනැඟීමට යන මේ ගමනේ දී ඒකද අමතකව තිබේ. ධනවාදය පිරිසිදු කිරීමට පැමිණි මොවුනට සිදුව ඇති අලකලංචියක් අවශ්‍යම දේ මඟ හැරී තිබේ. නැතිනම් අමතක කර තිබේ. විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සෞඛ්‍ය සේවය ගැන සඳහන් අනෙක් කරුණු අතර මෙසේ ද සඳහන් වේ. 42 (2* එම සේවාවන් සහමුලින්ම නොමිලයේ වනු ඇත. සෞඛ්‍යය සේවාවේ දී පෞද්ගලික අංශයක සහභාගීත්වයක් ගැන කිසිවක් එහි සඳහන්ව නැත. සෞඛ්‍ය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කොට ඇති මේ වකවානුවේ ජවිපෙ එය ඉහළින්ම පිළිගනියි. එය සඳහන් කර ඇත්තේ මෙසේය. ‘ජනතාවගේ සෞඛ්‍ය ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් සූරාකෑමට ඉඩ නොදෙන අතර ස්ව කැමැත්තෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවාවට යොමුවන පුද්ගලයන්ගේ අයිතියට ගරු කිරීමක් ලෙස එම අංශය පවත්වාගෙන යාමට ඉඩ ලැබුණ ද ඒවායින් ලබා දෙන සේවාවේ ගුණාත්මක බව පිළිබඳව රජයට සහතික විය හැකි ආකාරයේ අධීක්ෂණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කෙරේ’ යනුවෙනි. තේරෙන සිංහලෙන් කියන්නේ නම් පෞද්ගලික රෝහල් පවත්වාගෙන යාමට, චැනල් කරගෙන යාමට ඉඩ ලැබෙන බවය. හැබැයි ඒ පාලනයකට යටත්වය. ඉතින් නවලෝකලාට, ඩර්ඩන්ස්ලාට, ඇපලෝලාට, ආසිරිලාට මාර ජොලිය. මුදල් ඇත්නම් සෞඛ්‍ය අපි දෙන්නම්ය. මේ පෞද්ගලික වෛi සේවාව ගැන කියන විට අපේ මතකයට එන්නේ ත‍්‍රිමා විතාරණලාය. අතීත සටන් සගයන් අමතක කර දමා ඇති අයුරු. ඔය කියන ඊනියා පාලනය දැන් ද සිදුවන්නේය. ඒත් නැති එකා ලෙඩ දුකින් මිය යන්නේය. 

මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සෑම වගන්තියක් ගැනම අපට විවේචනයක් ඇතත් ඒ සියල්ල කතා කිරීම නිෂ්ඵලය. එවිට මෙය අනවශ්‍ය දිගක් අත්පත් කර ගන්නවා ඇත. ඒ නිසා තව එක් කරුණක් ගැන පමණක් කතා කරමු. මෙය අත්‍යවශ්‍යය. 
ජවිපෙ සිය ඉතිහාසය මුළුල්ලේම කියා සිටියේ අධිරාජ්‍ය විරෝධී අරගලයක් තුළින් සමාජවාදී විප්ලවයක් කිරීම ගැනය. එනම් ජාතික විමුක්ති අරගලය තුළින් සමාජවාදයට යන්නය. ඒ සඳහා සිය උපාය මාර්ගික වැඩපිළිවෙළ විදහා දැක්වෙන්නක් ලෙස සටන් පාඨකයක් ද හඳුන්වා දුන්නේය. 
‘‘අධිරාජ්‍යවාදයට විනාශය - ජනතාවට විමුක්තිය’’ 

‘‘ධනවාදයට විනාශය - සමාජවාදයට විජයග‍්‍රහණය’’ එම සටන් පාඨයයි. දැන් ලංකාවේ සමාජවාදී සමාජයක් ගොඩනැඟීම සඳහා ‘නවීන සමාජවාදී’ සමාජයක් ගොඩනැඟීම සඳහා ඉදිරිපත් කළ වැඩපිළිවෙළේ එවැනි අධිරාජ්‍ය විරෝධී කිසිදු පියවරක් ඇත්තේ නැත. පැරැුණි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දී නම්, අධිරාජ්‍යවාදීන් සතු සියලූ දේපළ වන්දි ගෙවීමකින් තොරව පවරා ගන්නා බව කීවේය. එහෙත් මෙම අවස්ථාවේ දී තමන්ගේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ද සටන් පාඨය ද අමතකව ඇත. උපයෝගීතාවාදයට වැටුණාම සිදුවන පටලා ගැනිල්ල අන්න එහෙමය. 

මෙම ලියැවිල්ලේ හැටියට නම් මේ උදවියට උවමනා සමාජවාදයක් නැත. අවශ්‍යව ඇත්තේ ඊළඟ මැතිවරණයක දී තව ආසන කිහිපයක් වැඩි කර ගැනීමය. ඒ සඳහා ධනපතීන් තරහ කරගෙන බැරිය. ඔවුන් හොඳින් තබා ගත යුතුය. ධනපති මාධ්‍ය ආයතන පමණක් නොව මාධ්‍යවේදීන් ද හොඳින් නඩත්තු කළ යුතුය. මේ සියල්ලන්ටම පිළිගත හැකි අයුරින් ප‍්‍රතිපත්ති සකස් කළ යුතුය. එවිට ඔවුන්ගේ නොමද ආශිර්වාදය ලැබෙනවා නියතය. 

මේ තත්වයන්ට හැඩ ගැසීමට දරන වෑයමේ දී සිදු වන අකරතැබ්බයන්ය. එදාවේල උදෙසා දිගු ගමන අමතක කිරීමය. ඒ සඳහා මූලික ප‍්‍රතිපත්ති අත හැරීමය. මෙය ව්‍යාපාරයේ උන්නතිය අවංකව අපේක්ෂා කළත් එය අවංක අවස්ථාවාදය ලෙස ලෙනින් පැහැදිලි කළේය. මේ උදවිය ද අවංක අවස්ථාවාදයේ කර වටක් ගිලී සිටී. 

ලෙනින්ද නව ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ ධනවාදය කරා ආපසු පසු බැස්ස බවට තර්කයක් ගොඩනැංවිය හැක. අපි ඇත්ත වැඩපිළිවෙළ යටින් හංගා මතු පිටට වෙනත් එකක් ඉදිරිපත් කරනවා යැයි කිව හැක. එහෙත් එය මුසාවකි. ලෙනින්ට සාධාරණය ඉටුවීම පිණිස මෙය සටහන් කර තැබිය යුතුය. නව ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ කාල වකවානුවේ දී ලෙනින් සමාජවාදය අත්හලේද? 17 රතු ඔක්තෝබරය විසින් කම්කරුවන්, ගොවියන් අත තැබූ මහා පරිමාණ දේපළ හා රාජ්‍ය බලය අත්හලේද? නැත. කිසිසේත් නැත. ලෙනින් කම්කරු රාජ්‍ය බලය යටතේ ගොවිජන ක්ෂේත‍්‍රයේ බදු පිළිබඳ වෙනසකට ගියේය. එය තාවකාලික පියවරක් විය. 

මේ ලියැවිල්ල කිසිසේත්ම සමාජවාදය සඳහා වන වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරයි. එමඟින් හඳුන්වා දෙන සමාජවාදය කිසිසේත්ම සමාජවාදයක් නොව ධනවාදයමය. නැතිනම් සුළු ධනේශ්වර සමාජවාදයය. එයට නිර්ධන පන්තිය සමඟ කිසිදු බැදීමක් නැති ප‍්‍රතිගාමී ලියැවිල්ලකි. දැන් අවස්ථාව උදා වී ඇත්තේ විකල්පයකටය. විකල්ප වැඩපිළිවෙළකටය. විකල්ප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයකටය. කල්පයක් ගියද තවදුරටත් ජවිපෙට විකල්පය විය නොහැක. එය පිරවිය හැකි බලවේගය දැනටමත් උපත ලබා ඇත. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. එය ජවිපෙන් බිඳී වෙන්වී ආයේම ජවිපෙ තවදුරටත් විප්ලවය සඳහා, සමාජවාදී සමාජ විප්ලවය සඳහා පෙනී නොසිටින බව කියමිනි. දැනටමත් පෙසපය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ මේ හිඩැස පුරවනු ඇත. එහෙත් ඒ සඳහා එකී වැඩපිළිවෙළ තිබෙන තැනකින් එළියට ගෙන ජනතාව අතරට ගෙන ආ යුතුය. එය ජනතාවට පිළිගැන්විය යුතුය. එකී වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීම අරමුණු කරගත් උපක‍්‍රමික වැඩපිළිවෙළකට යාම යුගයේ කාර්ය භාරයයි. 

ජනරළ ඇසුරෙන්

Thursday, June 26, 2014

බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ගම් හෙළිවීම බරපතලයි - ටිල්වින් සිල්වා

රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් රටට හෙලිකිරීම බරපතල කාරණාවක් සේම බුද්ධි අංශ නිලධාරීන්ගේ රාජකාරිය ඉක්මවා තම පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් යොදවාගැනීමද බරපතල ක‍්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ නිසා මංගල සමරවීර මන්ත‍්‍රීවරයා සිදුකරන ප‍්‍රකාශයේ සත්‍යතාවක් තිබෙනවා නම් වහාම බුද්ධි අංශ නිලධාරීන් ඔවුන්ට රාජකාරියේ පමණක් යෙදවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ආණ්ඩුව විසින් සකස් කළ යුතු බවද එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. 

ආරක්ෂක අංශ සාමාජිකයන් ඔවුන්ගේ රාජකාරියෙන් මුදවාගනිමින් ආණ්ඩුව දේශපාලන අරමුණුවලට යොදාගත් ආකාරය පිළිබඳව අතීතයේ ඕනෑ තරම් සාක්ෂි තිබෙන බවද ඔහු පවසා සිටියේය. 

මේ නිසා රටේ ආරක්ෂාව ගැන සිතනවාන නම් ආරක්ෂක අංශ සාමාජිකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් දේශපාලන අරමුණුවලට යොදා නොගන්නා ලෙසත්, ඔවුන් ඔවුන්ගේ රාජකාරියට පමණක් සීමා කළ යුතු බවත් ප‍්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. ආණ්ඩුව එවැනි තැනකට පැමිණෙනවා නම් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නම් ගම් අනවශ්‍ය තැන්වලදී නොකියවෙන බවත්, එවැනි තත්ත්වයක් තුළ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නම් ගම් හෙලිවේ යැයි බියක් ඇති නොවන බවත් ඔහු පවසා සිටියේය. 

‘අද’ පුවත්පත ඇසුරෙන්

ඌවේ සීනුවක් අලියෙක් වෙයි - ජවිපෙ ප්‍රභලයෙක් විපක්ෂයට

ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී පොන්නුසාමි භූමිනාදන් මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද(26) එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

ජාවත්ත විපක්ෂනායක කාර්යාලයේදී අද පෙරවරුවේ මෙය සිදුවිය.

පොන්නුසාමි භූමිනාදන් මහතා 2004 වසරේ සිට 2009 දක්වා ජනතා විමුක්ති පෙරමු‍ණ නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.

එසේම ඔහු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරයා වශයෙන් ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දිස්ත්‍රීක් උප සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇත‍.


Friday, June 20, 2014

කියුබාවේ ඇත්ත තත්වය මෙන්න!

ලෝකයේ වෙසෙන සධාරණත්වය අගයන ඕනෑම මිනිසෙක් කියුබාවට මහත් සේ ඇලුම් කරයි. කියුබාවෙ හිටපු ජනාධිපති පිදෙල් කැස්ත්‍රෝ සහ විප්ලවයේ නියමුවෙකු වූ චේ ගෙවාරා පරමාදර්ශි පුද්ගලයින් ලෙස එවැන්නන්ගේ සිත් වල ජිවත් වේ. සමාජවාදී කියුබාව ගැන අසද්භාවයෙන් තොරතෝංචියක් නැතිව මිත්‍යාව වපුරන බටහිර මාධ්‍යයේ බලපැමට හසුව ඇති ලංකාව වැනි රටවල වැසියන්ගෙන් කියුබාව පිළිබඳ සැබැ තතු වුවමනාවෙන්ම වසන් ‍කරයි. විශේෂයෙන් බටහිර ධනේෂ්වර රටවල් පුල පුලා බලා සිටින්නේ තම ඊනියා ලිබරල් මතය හෙවත් එකෙක් තව එකෙක් සූරාකන ආකාරයේ රටක් බවට කියුබාව පත්වන තූරුය. නමුත් එකී රටවල මාධ්‍ය තුලින් පවා දැවැන්ත ධනවාදි රටවල් තිබියදි කියුබාව ලෝකය තුල කැපි පෙනෙන දියුණු මානව හා සංස්කෘතික සම්පතක් ඇති රටක් බව ලෝකයාගෙන් වසන් කොට තබා ගැනිමට නොහැකි වී ඇත.

කියුබාව ඇමරිකාවේ අත පොවන මානයේ පිහිටි රටකි. උතුරු කියුබාවේ සිට ඇමරිකාවට ඇති දුර කිලෝ මිටර් 140 කි. ඇමරිකාවට සාපේක්‌ෂව භූමියෙන් ඉතා කුඩා රටකි. එහි විශාලත්වය වර්ග කිලෝ මීටර් 109884 ක්‌ වේ. 2010 සංඛ්‍යා ලේඛනයන්ට අනුව කියුබානු ජනගහනය 11241161 ක්‌ පමණ (මිලියන 11ක්‌) වේ. අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රමුඛතමයා වන ඇමරිකා එක්‌සත් ජනපදය විසින් කියුබාව තම ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සළකනු ලබයි. එනිසාම ඇමරිකාව විසින් කියුබාවට කරනු ලබන කෙනෙහිලිකම් අපමණය. එපමණක්‌ නොව එම කෙනෙහිලිකම්වල අවසානයක්‌ ද නැත. ඒ සියල්ල කියුබාව සමාජවාදි රටක්‌ නිසාවෙන්ය. එපමණක්‌ නොව එය සැබෑ මාක්‌ස්‌ ලෙනින්වාදයේ පිහිටා සමාජවාදය ගොඩනගන රටක්‌ වීම නිසාය. අතලොස්‌සක්‌ වන ධනපතියන්ගේ සුඛවිහරණය පිණිස වූ ධනපති ක්‍රමය වෙනුවට එහි විකල්පය වන මුළුමහත් සමාජයේම යහපත උදෙසා වන සමාජවාදය, කියුබාවේදි ලෝකයට ආදර්ශයක්‌ හා ධෛර්යයක්‌ වන නිසාවෙන්ය . බටහිර රටවල් මේ සමාජවාදි පුංචි රට දෙස නිතර විමසිල්ලෙන් පසුවෙයි. එය ඒ රටට ඇති කැමැත්තක් නිසා නොව එය මොන යම් හේතුවක් මත බිද වැ‍ටෙනවා දැයි දැන ගැනිමටය. කියුබාවේ ඉතා සුලු සිදුවීමක් පවා උපයෝගීකරගෙන දැවැන්ත ප්‍රචාරයක් ලබා දී අපකීර්තියට ලක්කිරීමට උත්සහ කරයි.

කෙසේ වෙතත් කියුබාව පිලිබඳව පක්ෂග්‍රාහි නොවන අදහසක් ගැනීමට මෑතකදි තනාපති නිලධාරියෙකු ලෙස කියුබාවෙ වසර හතරක් පමන ජිවත් වී ලියන ලද ''කස්ත්‍රෝගේ දේශය ''නම් පොත අපට උපකාරී වේ. මෙහි කතෘ වාමාංශික දේශපාලන පක්ෂයකට සම්බන්ධකමක් නැති අතර සමාජවාදය පිළිබඳ විශේෂ දැනුමක් හෝ ලැදිකමක් දක්වන්නෙකු නොවේ. හුදෙක් රජයේ නිලධාරියෙකි. බටහිර රටවල් ඇතුලු සියලු ධනවාදි රටවල් විසින් 1959 සිට ආර්ථික සම්බාධක පනවා හිරකර ඇතත් තිබෙන අවස්ථාවලින් ගොඩනගාගෙන ඇති සමාජවාදි සමාජ ආර්ථික හැකියාවන් සහ එහි ඇති සංකෘතික වටාපිවාව ගැන මෙය කියවා කියුබාව ගැන නිවැරදි වැටහීමක් ලබාගත හැක.

මේ ඔහුගේ පොතින් උපුටා ගත් කරුණු ස්වල්පයකි.

කියුබානු ජාතිකයන්ගෙ ප්‍රධාන ආහාරය බෝංචි ඇට ය. කලු හා දුඹුරු පැහැයෙන් යුතු මේ බෝංචි ඇට හදුන්වන්නේ''පිරියෝලෙස් - Frijoles නමින් ය. මෙසේ බෝංචි ඇට ආහාරයට ගැනීම කියුබාවේ පමණක් නොව උතුරු ඇමරිකාවේ ද දකුණු ඇමරිකාවේ ද බොහෝ රටවල් ගණනක කරන බවට අපට දැන ගන්නට ලැබිණ.---

පළතුරු කෑමට ත් ඊට වඩා පළතුරු බීම පරිභෝජනයට ගැනීමටත් ඔවූහු ගජ රූසියෝ ය. එළවලු හා පළතුරු එහි ඕනැ තරම් ඇත. ඇපල් පමණක් පිටරටින් ගෙන්වන අතර ලංකාවේ ඇති අලිගැට පේර පවා එහි යහමින් ඇත.

ඔවුන් ඉතා හොද කහපාට දොඩම් මිළයට ගන්නේ දෙකතුනක් නොව 50 ක් පමණ ඇති මල්ලකි. ඔවුන් බෙහෙවින් පිරිය කරන පළතුරු බීම සැදිම පළතුරු ගෙන යන අන්දම නම් අපට සිනා උපදවන සුළුය. තැලී පොඩිවුණ ඕනෑම පළතුරක් කිසිම සොයා බැලීමකින් තොරව මිළ දී ගන්නා ඔවුන් ලෙල්ල කළු වූ ඕනෑවට වඩා ඉදිණු කෙසෙල් ගෙඩි පවා මිළයට ගෙන යති. අප පළතුරු ගැනීමට වෙළද පොළට ගිය විට පළතුරු අතට ගෙන ඒ මේ අත හරවා බලා ඇගිල්ලෙන් ද ඇන හොද දැයි බලන විට කිසි දිනක ලංකාවේ වෙළදුන් මෙන් මුහුණ නරක් කරගෙන රොස් පරොස් බස් කීවේ නැත.---

ඔවුන්ගේ ව්‍යයාම ගැන කතා කළහොත් පැවසිය යුත්තේ සය හැවිරිදි දරුවාගේ සිට 85 වියැති වැඩිහිටියා දක්වා සැවොම ව්‍යායාම් කිරිමේ අගය දන්නා බවයි. දිනපතාව අවුරැදු 6,7 දරුවන් පවා තම සහෝදර සහෝදරියන් සමග කිසිවෙකුගේ විධානයක් නොමැතිව තම ගෙමිදුලෙහි ව්‍යායාම් කරනු බලා සිටීම ඇත්තෙන්ම ඉතා පිරිය ජනකය. උද්‍යානවල ද මහා මාර්ගවල පදික වේදිකාවල ද සෙමෙන් දුවන (Jogging) විවිද වයස්වල ස්තී පුරුෂයන් සිය ගණන් දිනපතා උදේ සවස දැකිය හැකිය. අවුරුදු 80,90 පමණ නිරෝගී වැඩිහිටි අය තම නිවෙස් අසල පිහිටි කුඩා උද්‍යානවලට කැඳවා රජයේ උපදේශකයින් විසින් ඔවුන්ට සෙමින් අත් පා සොළවන ‍භෞතචිකිත්සක ව්‍යායාම් කරවීම සුලබ දර්ශනයකි. ---

ඔවුන් වෙත හොද සෞඛ්‍ය පුරුදු ඇත. සමහර ඒවා රජය විසින්ම පනවා ඇති ඒවා ය. උදාහරණයක් ලෙසින් කියහොත් සෑම වැඩිහිටි කාන්තාවක්ම අවුරුද්දකට දෙවරක් ළගම ඇති රෝහලට ගොස් තම සිරුර පරීක්ෂා කරවා ගත යුතු බව දැක්විය හැකිය. ඒ පියයුර පිළිකා සහ ගැබ් ගෙල පිළිකා ඇත්දැයි දැනගැනීමටය.---

එසේම සෑම අයෙක්ම වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු හමුවී තම දත් පරීක්ෂා කරවා ගනී. උදේ සවස පමණක් නොව දවල් ආහාරයෙන් පසු පවා තම දත් පවිත්ර කර ගැනීම ඔවුන්ගේ සිරිතය. ඔවුන් යම්කිසි බරක් ඔසවන්නේ නම් හැම විටම ඉන වටා අගල් හයක් පමණ ඝණකම ඇති ආරක්ෂිත බඳ පටියක් (Corset- එකක්) බැඳ ගැනීමට අමතක නොකරයි. බර වැඩ කරන කම්කරුවන් සියල්ලටම රජය විසින්ම ඒවා සපයා ඇත.---

රජයේ රෝග මර්ධන ව්‍යාපාර අතිශයින් සාර්ථකය. දැඩි මදුරු වසංගතයෙන් බේරීමට ඉතා හොද පියවරක් ගෙන ඇත. මදුරුවන් වැඩි කාලයට නිවෙස වලටම පැමිණ සති කිහිපයක් එක දිගට යන්තර වලින් දුම් ගසනු ලැබේ. එවිට නිවසේ ඇති ආහාර පාන හා ජලය ආදිය සුරක්ෂිතව ආවරණය කොට නිවසේ දොර ජනෙල් ද වසා නිවැසියන් එළියේ සිටිය යුතුය. ඉන් පසු මුහුණ ආවරනය කරගත් සේවකයෙක් ඇතුළට ගොස් යන්තරයකින් ලොකු දුමාරයක් මුලු නිවස පුරාම ඉසිනු ලැබේ. ඔහුව අධීක්ෂණය කිරිමට මුහුණු ආවරණය කර ගත් නිලධාරියෙකුද හැම විටම පැමිණේ.පැය භාගයක් පමණ කිසිවෙක් ඇතුළට යාම නොකළ යුතුය. ඒ දිනවලට සවස හයට හතට පමණ ලොරි වලින් මහා මාර්ගවල ද අතුරු මාර්ගවල ද මේ දුම පුරුවා හරින අතර ඒ වේලාවට පහතින් පියාසර කරන කුඩා ගුවන් යානයකින් ඉහළ සිට පහළට ද මේ දුම පැතිරුවා හරිනු ලැබේ. ---

නිබදව කෙරෙන වෛද පරීක්ෂණ ඔවුන් වෙත ඇත. මේ පරීක්ෂණ වලින් ඉහළ ම ප්‍රතිඵල ඔවුන් ලබාගෙන ඇති බව ද කිව යුතුය. මව්වරුන්ගේ දරු ප්‍රසූතියෙන් පසු ලැබෙන වැදෑමහ (Placenta)උපයෝගි කරගෙන සුදු කබර රෝගයට (Vitiligo)ඉතා ප්‍රත්‍යක්ෂ ඖෂධයක සොයාගෙන ඇත. එකී ප්‍රතිකාරය ලබාගැනීමට නන්දෙසින් රෝගීහු එරටට පැමිණෙති. මෙම පර්යේෂණ ආයතනයෙන්ම තවත් චර්ම රෝග සදහා ඖෂධ නිපදවා ඇත. කෝමාරිකා ශාකයෙන් ද විවිධ ඖෂධ නිපදවන අතර ඒ සදහා මහා පරිමාණයෙන් කෝමාරිකා පැළෑටි වගා කිරිම ද කරනු ඇත. මී පැණි වලට ශාක සාර වර්ගයක් මිශ්‍ර කොට ඇදුම සදහා නිපදවූ ප්‍රත්‍යක්ෂ ඔසුවක් ඇත. ඉවත දමන දොඩම් ලෙල්ලෙන් සෙම්ප්‍රතිශ්‍යාව සදහා නිපදවා ඇති ඖෂධය එරට දී කොත්තමල්ලි සොයාගත නොහැකි අපට ද බොහෝ පිහිට විය.---

අජීර්ණ ඇතිවිට ඔවුන්ගේ අත් බෙහෙත කිරි අල තම්බාගෙන කෑමයි. මෙය පළමුව දැනගත්තේ අපගේ කාර්යාලයේ මුලින් සිටි රියදුරු වූ වැඩ්මියර් ගෙනි. දිනක් ඔහුට අජීර්ණයක් ඇති වූ අවස්ථාවේ සුදුසුකම්ලත් වෛද්‍යවරියක වූ ඔහුගේ බිරිද ලබා දී ඇති ප්‍රතිකාරය නම් කිරි අල තම්බා දීමයි. අවශ්‍ය නම් ඇයට බටහිර ප්‍රතිකාරයක් කිරීමට හොදට පහසුකම් තිබිණි. එහෙත් ඇය තම පාරම්පරික අත්බෙහෙත් වලට මුල්තැන දී ඇත.

ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාවක් කියුබාවේ ඇත. අඩු ළදරු මරණ සහ ආයු කාලය වැඩිවීම ආදියෙන් ඒ බැව් පෙන්නුම් කෙරේ. සෑම නිවාස 200 කට පමණ කුඩා රෝහලක් පිහිටුවා තැබීමෙන් ම එය පෙන්නුම් කෙරේ. ඒ නිවාස වල ජනතාව තම අවශ්‍යතා සදහා පළමුව යා යුත්තේ එම රෝහල් වලට ය. විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ රෝහල් වල වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත විශාල රෝහල් යලට ගිය හැකි ය. රෝහලට පැමිනිය නොහැකි වැඩිහිටියන් ගැන පරීක්ෂා කිරීමට මේවායේ වෛද්‍යවරු හෝ හෙදියෝ එම රෝගින්ගේ නිවෙස් වලටම පැමිණෙති. ඒ සදහා ඔවුන්ට මෝටර් රථ වුවමනා නැත. පයින් හෝ බයිසිකලයෙන් එසේ පැමිණෙති. එසේ පැමිණ රෝගියා පරීක්ෂා කර අවශ්‍ය නම් ලේ,මුත්‍රා ආදිය ද පරීක්ෂා කර බලා පසුව ඖෂධ නිවසටම ගෙන විත් දෙති. මේ වෛද්‍යවරු ඉතාමත් නිහතමානිය. මහජන මුදලින් ඉගෙනගෙන අහිංසක රෝගීන් ඉදිරියේ අහංකාරව හැසිරෙන ලංකාවේ සමහර වෛද්‍යවරුන් වැනි අය එහි ඇත්තේ ම නැත. අපගේ අසල්වැසි නිකෝ ගේ මහලු පියාට එසේ ප්‍රතිකාර කිරීමට පැමිණි වෛද්‍යවරිය සහ හෙදියක මම දුටුවෙමි. අදාළ ඹෟෂධ නිවසටම ගෙනවුත් දී රෝගියාට සුබපතා ඔහුගේ මුහුණ ද සිඹ එම වෛද්‍යවරිය හා හෙදිය පයින්ම නික්ම ගිය අයුරු මම විශ්මයෙන් බලා සිටියෙමි.---

මෙහි රෝහල් ගැන කියතොත් වර්ග තුනක රෝහල් මෙහි ඇත. විදේශිකයන්ට පමණක් වෙන් වූ ඉතා ඉහළ මිළ ගණන් අය කරන සුපිරි රෝහල්, විදේශිකයන්ගෙන් මුදල් අයකර ගන්නා වූ ද ස්වදේශිකයන්ට නොමිලේ ප්‍රතිකාර කරන්නාවූද රෝහල් හා විදේශිකයන්ට ඇතුළු විය නොහැකි ස්වදේශිකයන්ට පමණක් වෙන්වු රෝහල් මෙහි ඇත. ස්වදේශිකයන්ගේ රෝහල් වල අසාධ්‍ය රෝගීන් ළග නැවතීමට ගැහැණු පිරිමි භේදයක් නොමැතිව කිට්ටු නෑයින්ට ඉඩදෙනු ලැබේ.---

කියුබාවේ කාර්යාලවල සේවය කරන අයගෙන් 80% ක් පමණ තරුණ කාන්තාවන් බව කිව යුතුය. මා උදෑසන කාර්යාලයට යන විට ළදරු කරත්ත වල තම කුඩා දරුවන් නංවාගෙන දාරක මධ්‍යස්ථාන වෙත කඩිසර ගමනින් යන තරුණ කාන්තාවන් සිය ගණනක් දිනපතා හමු වේ. ඉන්පසු ඔවුහු සේවය කරන ආයතන වලට යති.බොහෝ කාර්යාල වලට දොරටුව අසලම එහි සේවය කරන අයගේ ඡායාරූප ද නම ද දැක්වෙන පුවරු ඇත. (අපේ රටෙහි ද බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාල වල එසේ තිබෙනු මා දැක ඇත.) එහෙයින් සේවය අවශ්‍ය කෙළින්ම අදාළ ---

මැති ඇමතිවරූන්ට පමණක් නොව සමහර අවස්ථාවල රටෙ ජනාධිපතිට පවා පිදෙල් කියා ආමන්ත්‍රනය කරන සමාන්‍ය මිනිසුන් මා දැක ඇත. ---

රටෙ ඉහලම තනතූරූ දරන රාජ්‍ය නිලධාරින් හා ඇමතිවරු පවා ඉති නිහතමානිය අවශ්‍යතා ඇති ඔනැම කෙනෙකුට ඒ අය සහ හා කථා කල හැක.---

මෝටර් රථයේ ඇමතිවරයා සමග ගියේ ඔහුගේ රියදුරා පමනකි. මේ රථයේ ඇති එකම වෙනස එහි රේඩියෝ දුරකථන පනිඩුඩ යන්තරයක් සවි කර තිබිමය.---

සියලුම කාර්යාල වල සේවකයින්ට රජය විසින් දහවල් ආහාරය සුලු මුදලකට සපයනු ලැබේ. ආහාර පිසිමට නවින මුලු තැන් ගෙවල් ද ආහාර ගෙයැමට උනුසුමි භාජනද ඒවා විවිද ස්ථාන වලට රැගෙන යැමට විශේෂ වාහන ආදිය ද ඇත. රෝහල් කර්මාන්තශාලා ආදිය සදහා රාත්තිරියටද මෙලෙස කැම සපයනු ලැබේ. රෝහල් ආදියෙහි සමහර විට පැය 24ක සේවා මුරයක්ද ඇත. සේවකයන්ට දින දෙකක නිවාඩු ලැබේ. මේ සියලු සේවකයන්ට පවුලේ සිටින සංඛ්‍යාව අනුව මසකට පාවිචිචිය සදහා සබන්, රෙදි සෝදන කුඩු, දත් බෙහෙත්, වැසිකිලි සදහා පාවිච්චි කරන කඩදාසි රෝල් ආදිය පිරවු මල්ලක් නොමිලේ ලැබේ.---

කාර්යාල පමනක් නොව රටේ ඇති සියලුම වෙළදසැල්, හෝටල්,බේකරි හා බාබර් සාප්පු ආදියද රජයටම අයත් නිසා ඒවායේ සේවකයින්ටද මේ සියල්ල ලැබේ.---

මේ රටෙ නිවාඩු ඇත්තේ ඉතාම සුලු ගණනකි. අනෙක් අතට නිකරුනේ නිවාඩු ගැනිම කරන්නේද නැත. එහෙත් වසරකට වරක් ලැබෙන දින 10 නිවාඩුව ගැන පුන පුනා බලා සිටි. ඒ සිය පවුලත් සමග ඇත පළාතක රජයේ නිවාඩු නිකේතනයකට යැමටය.---

මෙම රටේ සිසුවියන් දුටු මුල්ම දිනයේ මගේ බිරිද කිවේ ලොව කෙටිම සාය අදින්නේ මෙම සිසුවියන් බවය. පාසැල් ගුරූවරියක් වු ඈ භිතියෙන් මෙන් මේ ගැහැනු ලමුන් දෙස බලා සිටිනු මම දුටිමි.---

තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසැල් පැමිණෙන්නේත් ආපසු යන්නේත් එක අතකින් පොත් මිටිය ගෙන අනික් අතින් තම මිතුරා හෝ මිතුරියගේ ඉනවටා අතයවා ඔවුනොවුන්ට තුරුල් වීය.---

මෙහි දි ඇදහිය නොහැකි දෙයක් වන්නේ සමහර සිසු සිසුවියන්ට දරුවෙකු ලැබීමට සිටිය දී පවා පාසලට ඒමට හැකි වීම යි.---

විනයාකූලව කටයුතු කරන්නේ නැත්දැයි පසුව මා සමග මිතුරු වු එක් කියුබානු ගුරුවරයෙක් ගෙන ඇසු විට ඔහු සිනාසුනේය. එය හරියට මා මෝඩ ප්‍රශ්ණයක් ඇසුවා වැනිය. ඔහු කීවේ ඒවා ස්වභාවික දේවල් බවත් වඩා වැදගත් සිසුවියන්ගේ ඉගෙනීම බවත්ය.--

අප සිටි වීදියේද නිවසක එවැනි එක් දැරියක් වූවා ය. ඇය මගේ බිරිඳ සමග ද නිතර කතා බහා කළ පාසැල් සිසුවිය කි. නිළ ඇදුමින් සැරසී පාසැල් ගිය මේ ගැබිනි සිසුවිය දැකීම පවා අපගේ හදවත්වලට බරක් වුණු නමුත් ඇයගේ දෙමව්පියන්ට නම් එය ප්‍රශ්ණයක් නොවූ බව පෙනුණි. ඇය ටික කලකට පසු දරුවා ලැබුණ පසු දරුවා රැකබලා ගැනීම දාරක නිවාසයකට පවරා කිසිවක් නොසිදු පරිද්දෙන් සුපුරුදු පරිදි පාසැල් යනු අප දුටුවෙමු. දරුවාගේ පියා කවුදැයි ගැටලුවක් කිසිදිනෙක කියුබාවේ දී පැන නගින්නේ නැත.---

නමුත් අධ්‍යාපන විෂය මාලා අතින් නම් එරට සිසුන් බොහෝ ඉදිරියෙන් සිටින බව කිව යුතුය. සෑම සිසුවෙකුටම වඩු වැඩ,මේසන් වැඩ, ජලනළ සවිකිරීම, හා විදුලි කාර්මික වැඩ ආදිය ගැන මූලික දැනුමක් ඇත. සිසුවාගේ දක්ෂතාවය අනුව ඔහු යා යුතු ක්ෂේත්‍රය ගැන මග පෙන්වීමක් කරනු ලැබේ. ඒ අනුව සංගීත,නැටුම්, ක්‍රීඩා, වෛද්‍ය විද්‍යාව, වෙනත් සෞඛ්‍ය සේවා, ඉංජිනේරු ශිල්පය හා සංචාරක කර්මාන්තය වැනි හැම ක්ෂේත්‍රයක් සදහාම විශ්ව විද්‍යාල මට්ටමින් ඉහළම අධ්‍යාපනයක් ලැබීමට හැකි ආයතන රට පුරාම ඇත.---

කිසි විටක දරුවන් පියා සමග තනිකර වෙන කෙනෙකු සමග හාදකම් පැවැත්වීම කියුබානු කාන්තාවෝ කරන්නේම නැති දෙය කි.

දික්කසාද වූවන් කිසිවිටෙන ඔවුනොවුන් අතර අසමගියක් නැතිවීම පුදුමාකාරය.---

දිනපා සිප වැළද ගැනීම ඔවුන්ගේ සිරිත බැවින් එසේ පැමිණෙන පැරණි ස්වාමිපුරූෂයා සිප වැළද පිළිගෙන ඔහුට කිසියම් බීම වර්ගයකින් පවා සංග්‍රහ කර යැවීම පැරණි බිරිදගේ සිරිත ය.

මීටත් වඩා පුදුමු කරුණක් නම් සමහර පිරිමින් තම දරුවන් බැලීමට එන්නේ තමාගේ අලුත් පෙම්වතිය ද සමග වීමයි. අප මෙය දන්නේ අපේ හොද මිතුරකු දිනක් අප නිවසට පැමිණි විට කීවේ තමා මදක් පමා වූයේ තමා එදින තම අලුත් පෙම්වතිය තම පැරණි බිරිදට හා දියණියට හදුන්වා දීමට එම නිවසට ගිය බව ය. තවදුරටත් ඔහු කීවේ ඔවුන් කලු ජාතිකයන් වූවත් අලුත් '''පුංචි අම්මා'" සුදු කාන්තාවක වීම ගැන තම දියණිට බෙහෙවින් සතුටු වන බවයි. මෙහි ඇත්ත නැත්ත නම් කෙසේදැයි අපට කිව නොහැකි ය.

සමහර විට පියා සති අන්තවල තම අලුත් පෙම්වතියගේ හෝ බිරිදගේ නිවසට තම දරුවන් කැදවාගෙන යන අවස්ථා ඇත.

පෙර අවස්ථාවක දැක්වූවා සේ දික්කසාද වූවා කියා ඔවුන් අමනාප නොවී සිටිම පුදුම සහගතය.

සැමියා අතහැර ගියා කියා බිරිද ද කනස්සලු වන්නේ නැත. ඇය ඉක්මනින් ම පෙම්වකෙතු සොයා ගැනීම සාමාන්‍ය සිරිත වීම නිසා ය. ඉන්පසු මේ අලුත් පෙම්වතා අර කාන්තාවගේ නිවසේ පදිංචියට පැමිණෙන අතර ඇගේ දරූවෝද මේ ''අලුත් බාප්පා" සාදරයෙන් පිළිගනිති!

අප එරටට ගිය අලුත ඔවුන් තම නෑයින් හදුන්වා දුන් ආකාරයෙන් අප මවිත වීමු."මේ ඉන්නේ මගේ අම්මාගේ ස්වාම්පුරුෂයා" "මගේ තාත්තාගේ භාර්යාව හදුනා ගන්න" "මේ තමයි මගේ ස්වාමිපුරුෂයාගේ දුව" "මගේ භාර්යාවගේ පුතුන් දෙදෙනා මේ තමයි"

කිසියම් අභාග්‍යයක් නිසා පවුල් සංස්ථාව කඩා වැටුණ ද කිසිදාක ඔවුනොවුන් අතර අමනාපකම් නැති වීම නම් අගේ කළ යුතු යයි සිතමි.

නත්තල් දිනයට ඒ පියවරු තෑගි බෝග ද රැගෙන තම දරුවන් බැලීමට පැමිණෙති. එවිට මව ඔවුන් තිදෙනාම එකම මේසයකට කැදවා සංග්‍රහ කර යවන බව අප සමග කීවේ අපගේ අසල්වැසි මිතුරිය සයිඩා විසින් ය.

කීඩාවට කියුබානු ජාතිකයෝ ලබා දෙන්නේ අති විශේෂ තැනකි. රට කුඩා වූවත් දැවැන්ත රටවල් හා කරට කර සිටීමට දක්ෂතා ඇති කියුබානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අති විශාල ගණනක් එරට සිටිති. ඒ අතර ලෝක ශූරයන් ගණනාවක් ද ඇත. අතීතයේ දී ලොව පුරා ජය කෙහෙලි නැංවූ කියුබානු කීඩකයන් අතර කඩු සටන් වලට ද දක්ෂ (Fencing) රාමොන් පොන්ස්ට්, චෙස් කීඩාවේ දී අපරාජිත හොසේ රාවුල් කපබලන්කා, පීලික්ස් සැවෝන් නම් ඇති ශූර බොක්සිං කීඩකයා,කෙටි දුර ධාවය ශූර රපයෙල් පොfරුවන් හා බේස් බෝල් කීඩාවේ විස්කම් පෑ ඩිහිගෝ යන අය ප්‍රධානය. (Ramon Fonts, Jose RaulCapablanca, Felix Savon, Rarutun & Martin Dihigo) මෑත අතීතයේ තිබු ඔලිම්පික් තරග ගැන අධ්‍යයනයක් කරන්නෙකුට දැකිය හැකි ඉතාම පැහැදිලි දෙයක් නම් කියුබාව පදක්කම් වැඩිම ගණනක් දිනන රටවල් 10 ට හැම විටම ඇතුලත් බවයි.---

ඇමරිකා මහද්වීපයේ රටවල් අතර පමණක් පවත්වනු ලබන"පෑන් ඇමරිකන්" (Pan American Sport) ක්‍රීඩා තරඟ ඉසව් වලදි කියුබාවට වඩා පදක්කම් ගන්නා එකම රට ඇමරිකා එක්සත් ජනපදයයි. කැනඩාව, බ්‍රසීලය, මැක්සිකෝව හා ආජන්ටිනාව වැනි විශාල රටවලට කියුබාවට කිට්ටුවීමටත් නොහැකිය.---

දක්ෂ කීඩක කීඩිකාවන්ට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබේ.---

නැටුම් ගැන කතා කළහොත් ඔවුන් නොදන්නා නැටුමක් නැති තරම් ය. සෑම කෙනෙකුටම යුගල නැටුම් නැටිය හැකි ය. පාසැල්වලදී කුඩා ළමුන්ට පවා ඒවා උගන්වනු ලැබේ. සංචාරක හෝටල් ආදියේ දී රම්බා හා කැබරේ Ramba & Cabaret යන ජනප්‍රිය නැටුම් ද කොතෙකුත් දක්නට ඇත.---

එරට රූපවාහිනි නැරඹිම ගැන කියතොත් එය හොඳම විනෝදාංශයක් වී ඇත. අපේ රටේ මෙන් කෙළවරක් නොමැති වෙළද දැන්වීම් නැති නිසා ඒවා නැරඹීම වදයක් නොවේ. වැඩසටහන් වලට අමතරව බොහෝ විට පෙන්වන්නේ සාරධර්ම අගයන දර්ශන පමණකි. මහලු අයට සැලකීමේ වැදගත්කම,ආබාධිත අයට උපකාර කළ යුතු බව, සතුනට හිංසා නොකළ යුතු බව, විදුලිය හා ජලය නාස්ති නොකල යුතු අන්දම ගැන මෙන්ම ඒඩ්ස් රෝගයෙන් හා වෙනත් සමාජ රෝග වලින් වැළකිය යුතු අන්දම ගැන දැනුවත් කිරිම් ගැන දර්ශන හැර වෙනත් කිසිදු වෙළද දැන්වීක් රූපවාහිනියෙන් පෙන්වනු නොලැබේ.

එරට ඇති ටෙලි නාට්‍ය ගැන කියතොත් කියුබානු ටෙලි නාට්‍ය වලට අමතරව බසීලය, ස්පාඤ්ඤය, කොලොම්බියාව ආදී රටවලින් ගෙන්වනු ලබන උසස් දීර්ඝ ටෙලි නාට්‍ය දිනපතාම වාගේ පෙන්වනු ලබන අතර සෑම චිත්තර පටියක්ම පටන් ගැනීමට පෙර ඒවා ළමුන්ට නැරඹිමට සුදුසු ද නැද්ද යන්න අනිවාර්යයෙන්ම දක්වනු ලැබේ.---

එරට වැසියන්ටඇති තවත් ඉහළම විනෝදාංශයක් නම් මුහුදේ නෑමයි. රට දූපතක් නිසාද වියළි කාලගුණයක් ඇති නිසා ද එයට හොදම අවකාශ ඇත. හවානා නගරය අවට ද මුහුදේ නෑමට සුදුසු ස්ථාන බොහෝමයක් ඇත.

පවුල්වලට දරුවකු ඉපදී පළමු අවුරුද්ද පිරෙන දිනයේ දී ඒ සදහා ලොකු උත්සවයක් සංවිධානය කිරිම ඔවුන්ගේ සිරිතක් ය. එදින බොහෝ අමුත්තන්ට ආරාධනා කරන අතර ඒ අය සැවොම රැගෙන එන තෑගි වල අංක 01 සදහන් කර තිබේ. නිවස ඉදිරිපිට ද අංක 01 දැක්වෙන බැලුම් බෝල රාශියක් එල්ලනු ලැබේ. මේ උත්සවය ගැන මා එක් කියුබානු මිතුරගෙන් විමසූ විට ඔහු කීවේ දරුවෙකු නීරෝගීව ජීවත් කරවීමට ඉතාම දුෂ්කර වන්නේ පළමු අවුරුද්දේ බවත් එය පසු කිරිම යනු දරුවාගේ ජීවිතය ස්ථීර බව පෙන්වන නිසා මෙය ප්‍රීතියෙන් සැමරිය යුතු අවස්ථාවක් බවයි.

මෙ අනුව සමාජවාදී කියුබාව ගැන පැහැදිලි පින්තූරයක් සිතා ගත හැක.

- නීතිඥ සරත් විජේරත්න මහතාගේ ලිපියකින් උපුටා ගන්නා ලදි. -

අනුර අස්වැන්න නෙලයි - ජ.වි.පෙ. ක්‍රියාකාරීන් ජනපති හමුවෙයි...

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපවී ක්‍රියාකළ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සහය පළ කර තිබේ.

ඊයේ(20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙව හමුව සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා අපේක්ෂකයින්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, වෘත්තීය සමිති නියෝජිතයින් සහ ශිෂ්‍ය සමිති ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඒ අතර වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය කෙරෙහි කළකිරුණු මෙම පිරිස මහනුවර දිස්ත්‍රික් සංසදය නමින් සංවිධානයක් ද පිහිටුවාගෙන ඇති අතර ඉදිරියේ දී මධ්‍යම පළාත තුළ පුළුල් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම සංසදයේ කැඳවුම්කරු ලෙස මිනිපේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී නන්දරත්න දිසානායක මහතා කටයුතු කරනු ලබයි.

ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේ ඔහු සඳහන් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ රජයේ ගමනට විවිධ බාධා ඇති කරමින් ආධිරාජ්‍යවාදී ගැති ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවයි.

සටන් පාඨ නොමැති ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය රජයට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බව ද නන්දරත්න දිසානායක මහතා එහිදී පවසා තිබේ.

Thursday, June 19, 2014

නාමල්, ජපුරෙන් ආචාර්‍ය උපාධිය ගන්නේ මොන සුදුසුකම් මතද?

ජනාධිපති මහින්ද රාජපක්ෂගෙ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ දිනවල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිය ආචාර්‍ය උපාධිය සඳහා වැඩ කටයුතු සිදුකරගෙන යනු ලබන බවට වාර්තා වේ.

එනමුත් වාර්තාවන අන්දමට නාමල් රාජපක්සහ මන්ත්‍රීවරයා ජපුර සරසවියේ ආචාර්‍ය උපාධියක් හැදෑරීම සඳහා අවශ්‍යකරන මූලික සුදුසුකම් හෝ සම්පූර්ණ කර නොමැත.

ඔහු සිය ආචාර්‍ය උපාධිය දේශපාලන විද්‍යාව හා අපරාධ විද්‍යාව යන විශය ආශ්‍රිතව සිදුකිරීමට නියමිත බවට විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසා සිටී.

මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහු සඳහා විශේෂයෙන් ම සූදානම් කරන ලද MAQ විභාගයක් සඳහා මූලිකව පෙනී සිට ඇති අතර එය අචාර්ය උපාධිය සඳා අවශ්‍ය වන මූලික සුදුසු කමකි.

මීට පෙර ද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග වලට පෙනී සිටීමේ දී නාමල් රාජපක්ස මන්ත්‍රීවරයාට වෙනමම කාමරයක් හා අන්තර්ජාල පහසුකම් සහිත පරිඝනකයක් ලබාදී තිබූ බවට ඔහු සමග නීති විද්‍යාලයේ උගත් තුෂාර ජයරත්න මහතා ප්‍රසිද්ධියේ චෝදනා කර තිබිණි.

නාමල් රාජපක්ෂ මංත්‍රීවරයාගේ ආචාර්ය නිබන්ධනයේ එක් අධීක්ෂකවරයකු වන්නේ ජපුර සරසවියේ උපකුලපතිවරයා යි. වාර්තාවන අන්දමට ඔහුද මේ දිනවලදී සේවා දිගුවක් බලාපොරොත්තුව සිටින්නෙකි. නිබන්ධනයේ අනෙක් අධීක්ෂකයා වන අපරාධ වි‍යා අංශයේ ප්‍රධානියා ද විශ්ව විද්‍යාල පද්ධතියේ උසස් තනතුරු අපේක්ෂාවෙන් පසුවන්නකු බවට වාර්තා වී ඇත.

එමෙන්ම රාජපක්ෂ මහතාගේ මූලික උපාධිය මෙම ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ප්‍රමාණවත් නොවන බව ද වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

නාමල් රාජපක්ෂ මහතා ගල්කිස්ස ශා.තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ City University London. විශ්ව විද්‍යාලයෙන් 2009 වසරේ දී නීතිය පිලිබඳ තෙවන පංතියේ උපාධියක් ලබා ගත් අයෙකි.

- කොලොම්බෝ ටෙලිග්‍රාෆ් ඇසුරින්

Monday, June 16, 2014

ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම සහ ප‍්‍රතිපත්ති රාමුව: ‘දැක්මේ’ අභාවිතයක්

ආර්ථික ප‍්‍රගමනයේ ගාමක බලවේගය වන්නේ ‘මිනිස් තණ්හාව’ බව ධනවාදියෝ කිසි ලැජ්ජාවකින් තොරව පිළිගනිති. ඒ ගැන, මගේ මීට පෙර ලිපියකට අදාළව ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’පාඨකයකු පොල්ලෙන් ගැහැව්වා වැනි සටහනක් තබා තිබුණි. සිත්ගන්නා සුළු එම අදහස මෙසේය:

”සෑම මනුෂ්‍යයකුටම මහන්සි වී වැඩ කිරීමෙන් පොහොසත් වීමට අයිතියක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නා තෙක්, එම පක්ෂය දේශපාලනයේ දී සාර්ථක නොවෙනු ඇත. වෙහෙස මහන්සියෙන් වැඩකිරීමෙන් සහ ශූර හැකියාව හරහා පොහොසත් වීමට කෙනෙකුට සහජ අයිතියක් ඇත. ඒ නිසා එසේ වෙහෙස මහන්සියෙන් වැඩකරන කෙනෙකුගේ ව්‍යාපාරික ලාභයට හෝ ඔහුගේ ශූරත්වයෙන් හැකියාවෙන් දියුණු වීමට ඇති අවස්ථාවන්ට සීමා පැනවීමට, ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්කමක් නැත. රැුකියා සහ ආදායම් නිර්මාණය කරන්නේත් සමාජය සශ‍්‍රීකවත් කරන්නේත් එම හැකියාවන්ම ය. වෙළෙඳ ව්‍යාපාර, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වය වනාහී, ඉගැන්වීමට, කොපි කිරීමට හෝ මිල දී ගැනීමට නොහැකි, නිපුණතා සහ කුසලතාවන් ය. ඒවා, කලා, නාට්‍ය සහ වෙනත් හැකියාවන් කෙරෙහි මෙන්ම, දිරිමත් කළ යුතුය. ඇප උපකාර කළ යුතුය.” (ලසන්ත නමැති පාඨකයෙක්)

එම අදහස සමාජවාදීන් විසින් පිළිගනීද? මා මේ ප‍්‍රශ්නය මතුකරන්නේ, එය සමාජවාදීන් විසින් පමණක් නොව, සෑම ගුරුකුලයකම ආර්ථික විද්‍යාඥයන් විසින් ද පිළිතුරු සැපයිය යුතු ප‍්‍රශ්නයක් වන බැවිනි. ආර්ථික සශ‍්‍රීකත්වයට තල්ලූව සපයන වඩාත් වැදගත් කාරණය ‘මිනිස් තණ්හාව’ වශයෙන් අප පිළිගන්නේ නම්, එම ‘මිනිස් තණ්හාව’ තව තවත් තරකෙරෙන ආර්ථික යාන්ත‍්‍රණයක ඇති වලංගුභාවය ද අප පිළිගත යුතුය. ඒ යාන්ත‍්‍රණය කුමක්ද? එය, නිෂ්පාදන මාර්ග හිමි කරගැනීමට කෙනෙකුට ඇති අයිතිය මිසවෙන දෙයක් නොවේ: වෙනත් වචනවලින් කිවහොත්, නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතියයි. ධනවාදය විසින් එය පිළිගෙන ඇත. කෙසේ වෙතත්, මා දන්නාතරමට, නිෂ්පාදන මාර්ග පෞද්ගලික අයිතියේ පැවතීම, කම්කරුවන්ගේ ශ‍්‍රම ශක්තිය සූරාකෑමට හේතු කාරක වන බව, කාල් මාක්ස් කීය. එය ද සැබෑවකි. ජනතා විමුක්ති පෙරමුණ ඉස්සර ඒ මතය දැරුවේය. එහෙත් ඔවුන්ගේ අලූත්ම ‘දැක්ම සහ ප‍්‍රතිපත්ති රාමුව’ තුළ, නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය සම්බන්ධයෙන් තමන් දැරූ එම මතය බැහැර කොට ඇති අතර, පෞද්ගලික ව්‍යාපාරවල පැවැත්ම සහ ඒවා දිරිමත් කිරීමේ ඇති අවශ්‍යතාව දැන් පිළිගෙන ඇත. දැන් ජනතා විමුක්ති පෙරමුණ මෙසේ කියයි: 

”නිෂ්පාදනය පදනම් වන ආර්ථිකයක කොටසක් බවට පොදු සහ පෞද්ගලික අංශ පත් කෙරෙනු ඇත” 
(‘අපේ දැක්ම සහ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති රාමුව’- පිටුව 15) 

දැන්, සූරාකෑම පිළිබඳ සංකල්පයට කුමක් වීද? එය අනවශ්‍ය සංකල්පයක්ද? මම එසේ නොසිතමි. උදාහරණයක් වශයෙන්, හිටපු අමෙරිකානු ජනාධිපති ක්ලින්ටන්ගේ ආර්ථික උපදේශක කමිටුවේ සිටි, නොබෙල් ත්‍යාගලාභී ධනපති ආර්ථික විද්‍යාඥ, මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස් කියන පරිදි, 
”බදු අය කරගැනීම් හරහා ආදායම්වල නිසි බෙදාහැරීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය ය. සමස්ත අමෙරිකානු පරිභෝජනය තිරසාර පදනමක් මත ස්ථාපිත කිරීමට නම්, ආදායමේ මහා පරිමාණ යළි බෙදාහැරීමක් අවශ්‍යකරන අතර, එය සිදු විය යුත්තේ, ඉතිරි කිරීමේ හැකියාව ඇති ඉහළම ස්තරයෙන්, උපයන සෑම සතයක්ම වියදම් කරන පහළම ස්තරයට ය. ප‍්‍රගාමී බදු අය කිරීම (ඉහළම ස්තරයෙන් වැඩියෙන් බදු අය කිරීමත්, පහළම ස්තරයෙන් අඩුවෙන් බදු අය කිරීමත්* ම`ගින් එය සිද්ධ වෙනවා පමණක් නොව, එය ආර්ථිකයේ ස්ථායීතාවට ද තුඩු දෙන්නේය” (‘නිදහස් වැටීම’- ජෝසප් ස්ටිග්ලිස්, 2010)

ස්ටිග්ලිස්ගේ ඉහත සඳහනෙන් පෙනෙන්නේ, සූරාකෑමක් පවතින බවත් ඒ නිසා ආදායම්වල නැවත ව්‍යාප්තියක් අත්‍යාවශ්‍ය බවත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ ධනපති ආර්ථික විද්‍යාඥයන් පවා පිළිගන්නා බවයි. ආදායමේ ඕනෑම යළි බෙදාහැරීමක් හරහා ‘මිනිස් තණ්හාවට’ යම් සීමාවක් පැනවිය හැකි වන්නේය. 

සූරා කෑම යන්නෙන්, නිෂ්පාදන ප‍්‍රාග්ධනයේ ව්‍යාප්තියක් සහ එම නිෂ්පාදන ප‍්‍රාග්ධනය ධනපති ප‍්‍රභූ පන්තියක් සන්තකයේ පවතින බවක් අදහස් නොවන බව මගේ අදහසයි. සූරා කෑම යනුවෙන් අදහස් වන්නේ, අවසාන විග‍්‍රහයේදී කෙනෙකු තමන් සඳහා වැඩි වැඩියෙන් ‘පරිභෝජනීය නිමැවුම්’ වෙන්කරගන්නා බවයි. එසේ කිරීමට, නිෂ්පාදන මාර්ග හෝ ආණ්ඩුව හෝ ඒ දෙකම තමන් සතු කරගත යුතුය. 

කර්මාන්ත ශාලා සහ බැංකුවල අයිතිය පවතින්නේ පුද්ගල අයිතිය යටතේ වේවා, සමාගම් අයිතිය යටතේ වේවා, කම්කරු අයිතිය යටතේ වේවා, වෘත්තීය සමිති අයිතිය යටතේ වේවා, ආණ්ඩුව හෝ සමුපකාර අයිතිය යටතේ වේවා, නිෂ්පාදන මාර්ගවල අයිතියෙන් පරිභෝජනීය නිමැවුම් බෙදාහැරීම වෙන් කොට තබාගැනීම සමාජවාදයේ ඉලක්කයක් විය යුතුය. ඒ ඇයි? ආණ්ඩුවකට වුවත් සූරා කෑම කළ හැකි බැවිනි. මුදල් මත පදනම්ව යහතින් ක‍්‍රියාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ, නිෂ්පාදනයේ අයිතියට ඇති සහසම්බන්ධතාවකින් තොරව, පරිභෝජනීය නිමැවුම් සාධාරණ අන්දමින් බෙදාහැරීම කළ හැකිය. එය තාක්ෂණික අරුතකින් සහ ආර්ථිකමය අරුතකින් කළ හැකි බව, ධනපති ප‍්‍රභූ පෙළැන්තිය දනිති. එසේ කළ හැක්කේ විචල්‍යයන් තුනක් යථා ආකාරයෙන් හැසිරවීමෙනි: ඒවා නම්, වැටුප් ව්‍යුහය, බදු අයකිරීම සහ පරිභෝජන ණය මාර්ගයි. එහෙත්, ධනය යළි බෙදාහැරීම නිෂ්පාදන මාර්ගවල අයිතියෙන් සම්පූර්ණයෙන්ම හෝ ඕනෑවට වඩා ඉවත් කළොත්, එවිට ආර්ථික කාර්යක්ෂමතාව ස්ථාපිත කළ නොහැකි වන්නේය. මන්ද යත්, එවිට ‘මිනිස් තණ්හාව’ පිළිබඳ සාධකය විනාශ කෙරෙන බැවිනි. 

කෙසේ වෙතත්, මෑතක ඇතිවූ ජගත් ආර්ථික අර්බුදය විසින් පැහැදිලිව පෙන්නුම් කළ එක දෙයක් තිබේ. එනම්, ආර්ථික කාර්යක්ෂමතාව ස්ථාපිත කිරීම සහ නිෂ්පාදන මාර්ග පෞද්ගලික අයිතිය යටතේ පැවතීම අතරකිසි සම්බන්ධයක් නැති බවයි. බෑන්ක් ඔෆ් අමෙරිකා, සිටි බෑන්ක්, ජේ.පී.මෝර්ගන් චේස්, වොලස් ෆාර්ගෝ, ජෙනරල් මෝටර්ස්, ක‍්‍රයිස්ලර් ආදී අමෙරිකාවේ පෞද්ගලික අයිතිය යටතේ පවතින සියලූ ප‍්‍රධාන බැංකු සහ ව්‍යාපාරික සමාගම්, ආණ්ඩුව ම`ගින් මුක්කු ගසා ඔසවා නොතබන්නට, මේ වන විට බංකොලොත් වීමට නියමිතව තිබුණි. ඒ නිසා, ආර්ථික කාර්යක්ෂමතාවක් සහ ස්ථාවරත්වයක් එක දිගට පවත්වා ගැනීම, හුදෙක් නිෂ්පාදන මාර්ග හිමි කරගැනීමට කෙනෙකුට ඇති අයිතිය උඩ පමණක් රඳා නොපවතින බවත් ස්ථාවර ආර්ථික සශ‍්‍රීකත්වය නඩත්තු කිරීමට ‘මිනිස් තණ්හාවට’ පුළුවන්කමක් නැති බවත් පැහැදිලි ය. බාගෙ විට, ධනපති ක‍්‍රමය තුළ දී මෙන්ම සමාජවාදී ක‍්‍රමය තුළ ද ආර්ථික ස්ථාවරත්වය සහතික වන්නේ, ‘මිනිස් නිර්මාණශීලීත්වය’ සහ ‘පද්ධතිමය ප‍්‍රතිසංස්කරණ’ ම`ගින් විය හැකිය. 

පද්ධතිමය ප‍්‍රතිසංස්කරණ ගැන මා මෙසේ කතා කරන්නේ ඇයි? වර්තමාන ධනපති ක‍්‍රමය තුළ යම් පද්ධතිමය දෝෂයක් තිබේද? ඔව්, එවැන්නක් තිබේ. ෆෙඩරල් සංචිතයේ හිටපු සභාපති ග‍්‍රීන්ස්පෑන්,ක‍්‍රමය තුළ පවතින දෝෂයක් තමාටහමු වූ බව ප‍්‍රසිද්ධියේ කීවේය. තවද ධනපති ක‍්‍රමයේ ස්වභාවයවන්නේ, අපල-ණය (ආපසු අයකරගත නොහැකි ණය) කන්දරාවක්, සමපේක්ෂකයන්ගේ (ව්‍යාපාර අනාගතය ඔට්ටුවට තබන්නන්ගේ) ව්‍යාපාර තුළගොඩ ගැසීම නිසා, විටින් විට ආර්ථිකයේ කඩාවැටීම් සිදුවන බව, හයිමන් මින්ස්කි කීවේය. ඒ සම`ගම ඔහු තවත් වැදගත් නිරීක්ෂණයක් කළේය. එනම්, එසේ අපල-ණය ගොඩගැසීම වැළැක්විය නොහැකි බවයි. සාමාන්‍යයෙන් ධනපති ආර්ථික ක‍්‍රමයක් තුළ, සරු කාල-පරිහානි කාල චක‍්‍රයන් ඇති වීම වැළැක්විය නොහැකි බව බොහෝ ආර්ථික විද්‍යාඥයෝ පිළිගනිති. මේ ප‍්‍රපංචය ඔවුන් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ, ව්‍යාපාරික චක‍්‍ර නියාමයක් වශයෙනි. මේ සියලූ මත ප‍්‍රතික්ෂේප කරන මම මෙසේ ප‍්‍රශ්න කරමි: 

භෞතික නිෂ්පාදන බලවේගවල සංවර්ධනය චක‍්‍රීය නැත. එහෙත්, අපට ඇති සාර්ව-ආර්ථික පද්ධතිය (පුළුල් ආර්ථික පද්ධතිය) තුළ, සරු සහ පරිහානි කාල චක‍්‍රයන් බිහිකරනු ලැබේ. භෞතික නිෂ්පාදන බලවේගයේ සංවර්ධනය හැසිරෙන්නේ, සරු කාල-පරිහානිකාල චක‍්‍රයක් තුළ නම්, සාර්ව-ආර්ථික නිමැවුමේ සහ සමස්ත ආර්ථික ක‍්‍රමයේ සරු කාල-පරිහානිකාල චක‍්‍රය ඉවසා වැදෑරීමට අපට සිදුවෙයි. එහෙත් භෞතික නිෂ්පාදන බලවේගයේ ප‍්‍රවර්ධනය හෝ භෞතික නිෂ්පාදන බලවේගයේ වෘද්ධික ශක්‍යතාව ඉදිරිගාමීව පෙරට ඇදෙන සාධකයක් නම්, සාර්ව-ආර්ථිකක‍්‍රමයේ චක‍්‍රීය හැසිරීම ඉවසා සිටීම අත්‍යාවශ්‍ය නැත. 

මෙසේ කීමෙන්, ක්ෂුද්‍ර-ආර්ථික ව්‍යුහයේ (තනි ව්‍යාපාර ආයතනවල) ව්‍යාපාරික චක‍්‍රයන් (උස් පහත්වීම්) ඉවසා සිටිය යුතු නැති බවක් අදහස් නොවේ. අප භාරගත යුත්තේ එහි අනිත් පැත්තයි: එනම්, පාරිභෝගිකයන්ගේ අභිමතයන් මත පදනම් වන ව්‍යාපාරික කාර්යක්ෂමතාවක් සහතික කරනුවස්, එවැනි චක‍්‍රීය හැසිරීමක් අත්‍යවශ්‍ය වන බවයි. එහෙත්, සාර්ව-ආර්ථික ක‍්‍රමයේ අසාර්ථකතා ඇති වන්නේ, පාරිභෝගිකයන්ගේ වරණයන් (අභිමතයන්) නිසානොව, විටින් විට ඇති වන අපල-ණය අර්බුද හේතුවෙන් පාරිභෝගිකයන් තුළ ඇති වන සාමාන්‍ය අද්‍රවශීලතාව (වියදම් කිරීමට අතමිට හිඟ වීම* නිසා බව අප මතක තබාගත යුතුය. 

පාරිභෝගිකයන්ගේ අද්‍රවශීලතාව, මූල්‍යමය සංසිද්ධියක් මිස භෞතික සංසිද්ධියක් නොවේ. ‘සැබෑ’ නොවන මුදල, අපට පාලනය කළ හැකි, වියුක්ත ප‍්‍රමාණයකි. 2007 අවසාන භාගයේ අමෙරිකාවේ සහ යුරෝපා සාර්ව ආර්ථික ක‍්‍රමයන්හි බිඳ වැටීම වැළැක්විය හැකිව තිබුණු බවටත් මූල්‍යමය සමීකරණය වෙනස් කරගත්තේ නම්, අර්බුදය ඉක්මනින් අවසන් කරගත හැකිව තිබුණු බවටත් මා උදක්ම තර්ක කරන්නේ එබැවිනි. එසේ කිරීමට, එදා අවශ්‍ය කළේත් අද අවශ්‍ය කරන්නේත් නව සාර්ව-ආර්ථික ප‍්‍රතිපත්තියක් සහ නව ඥානයකි. ක‍්‍රමය තුළ පවතින දෝෂය, සිල්ලර පොන්සි පරිපාටීන්ට වඩා බරපතළ ය. 

සරු කාල-පරිහානි කාල චක‍්‍ර එක දිගටම පවතින්නේ නම්, නිදහස පිළිබඳ හැඟීමකින් ජීවත්වන ජනතාවක් සහිත නවීන සමාජවාදී සමාජයක්වත් ධනපති සමාජයක්වත් ගොඩනැ`ගිය නොහේ. ‘මනුෂ්‍යයා යනු මෙවලම් තනන්නෙක්’ බව කී ඇපල් සමාගමේ හිටපු ප‍්‍රධානියා, වෙනත් සත්වයන්ට වඩා අප කාර්යක්ෂම වන්නේ ඒ හේතුවෙනැ යි කීය. මා සිතන විදිහට, මිනිසා විශේෂිත වන්නේ, ඒ සම්බන්ධයෙන් පමණක් නොව, කාර්යක්ෂමතාව සහතික කෙරෙන ක‍්‍රම පද්ධති ගොඩනැ`ගීමටත් එම කාර්යක්ෂමතාවෙන් නිපදවන නිමැවුම වඩාත් සාධාරණ ආකාරයෙන් යළි බෙදා හැරීමටත් ඔහුට හැකියාව ඇත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති ලියවිල්ල තුළ සඳහන් පරිදි, මිනිසුන් වශයෙන් අප නිදහස් යැයි අපට හැෙඟනු ඇත්තේ එවිට පමණි.

හේම සේනානායක

2014 අපේ‍්‍රල් 30 වැනිදා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළ වූ JVP's Vision & Policy Framework: A Lapse in the 'Vision"! නමැති ලිපියේ සිංහල පරිවර්තනය.
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Tuesday, June 10, 2014

සොඳුරු මාක්ස්වාදය සහ නිවට මාක්ස්වාදියා | නිලන්ත ඉලංගමුව

ජනතා විමුක්ති පෙරමුණේ නව නායක කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධර අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා ඇත. ඒ මීට දින කිහිපයට පෙරදීය. ඊට හේතුව 80 දශකයේ අගභාගයේදී ජවිපෙ නියෝජිතයින් සහ අහිංසක සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම ගැනය.

එය වහාම ප්‍රතික්‍ෂේප කිරීමට අනුරට පක්ෂයේ මහපුටුව ලබාදුන් සෝමවංශ අමරසිංහ කටයුතු කළ අතර ලාල්කාන්ත අනුරගේ සමාවට නව අරුතක් ලබා දෙමින් දත්ත විශ්ලේෂණය කොට ඇත. කතාව ගලා ගිය ආකාරය ඛේදජනක වුවත්, ලොම් හැලුණු බැටළුවන් මෙන් ලාංකික මාක්ස්වාදීන් මුහුණ දී සිටින හාස්‍ය ජනක වියෝව මින් මනාව පෙන්නුම් කරනු ලබයි. මොවුහු සියලු දෙනාටම ඇත්තේ දෙබිඩි ජීවිතය. එම දෙබිඩිබාවය පිටත ලෝකය සහ තම විඥානය සමඟ නිතරම ගැටීම් ඇති කරනු ලබයි.

කෙසේ වෙතත් වචනයට හෝ අනුර සමාව ඉල්ලා ඇත. එය හොඳ වැඩකි. මෙය දෙවැනි වන්නේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක 83 කළු ජූලියෙදී දෙමළ ජනතාව සංහාරය කිරීම ගැන ඉල්ලු ප්‍රසිද්ධ සමාවටය. අනුරට මෙහිදී අපි ප්‍රණාමය පළ කරමු. ඔහු මෙහිදී සිදු කොට ඇත්තේ වඩාත් වැදගත් කාර්යයකි.බොරුවට කළේ නම් හොඳ බොරුවකි. රැවටීමක් කළේ නම් හොඳ රැවටීමකි. මෙය කෙතරම් දුරට සමාජයට කා වැදුනේද යන්න ඔහු මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂකයා බවට නම් කළ යුතු යැයි අන්දරේ පනන්යේ අදහසක් මතු විය.

ධම්මික පෙරේරාගේ අනුග්‍රහය යටතේ තම පක්ෂ මූලස්ථානයේ බිම ඇතිරීම සඳහා පිඟන් ගඩොල් ලබා ගෙන එමඟින් වැලිවෙරීයේ ස්වභාවික ජලය බීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කොට ආණ්ඩුවේ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ අයවලුන්ට සධාරණය ඉල්ලීම සූක්ෂමව යටපත් කිරීමට තම කූඨ උපාය යෙදූ අනුර, ඉතිහාසයේ පිටු වඩාත් කෛරාටක ලෙස පෙරලා තම පෞද්ගලික දේශපාලනයට අලුත් වෙස්මුහුණක් පැළඳීමට සැරසෙන සැටියෙකි. මෙය හුදූ පෞද්ගලික අභිලාශයන්ගෙන් ඔබ්බට ගිය යහපාලනයක් වෙනුවෙන් සිදුකරණ හැරවුම් ලක්ෂයක් යැයි සිහිනයකිඳු විශ්වාස කළ නොහේ. එය එසේ වීමට නම් සෝමවංශ, අනුර ඇතුළු පිරිස චුත වී ජනතා විමුක්ති පෙරමුණ යළි උප්පත්තිය ලැබිය යුත්තේය.

සමාජවාදීයෙකු ලෙස වර්ගීකරණය කරගන්නා හෙතම තම සමාජවාදී පක්ෂ කාර්යාලයේ උග්‍ර ධනවාදියෙකුගේ ධන පරිත්‍යාගයෙන් ලද පිඟන් ගඩොල් මත ඇවිදිමින් සමාජවාදී සිහිනය දැකීම වූ කලී වෙන කිසිවක් නොව අනෙකාව මුලාවේ හෙළීමකි. ජනතා විමුක්ති පෙරමුණට ආත්ම ගරුත්වය සහ රටේ වගකීම ගැන අංශු මාත්‍රයක හැඟීමක් තිබුණේ නම් වර්තමානයේ සිදුවන බොහොමයක් දෑ සිදු වන්නේ නැත. රට මෙතරම් ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැත. ඔවුහු සිදු කරනු ලැබුවේ, අනෙකා සමඟ යහන්ගත වීම සඳහා ජනතාවගේ මතය මංකොල්ල කෑමය. එය ආගිය අතේ බලයට පැමිණීමට පොරකන කල්ලිය වෙත විකිණීමය. නියම මාක්ස්වාදීන්ට මෙය සැබෑ ලෙස තබා සිහිනයකිඳු කළ නොහැකිය.

දේශපාලන න්‍යායක හරය රඳා පවතින්නේ එය භාවිතයට ගන්නා අයවලුන් සතු ආත්ම ගරුත්වය මතය. දේශපාලන මතයක් පිළිගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම විශ්වීය වශයෙන් මුළු ලෝකයම පිළිගත් සහ ඊට ගරු කරණ මනුෂ්‍ය අයිතියකි. එය ක්‍රමෝපායිකව භාවිතා කළ සහ කරණ අයුරු ලෝකයේ බොහෝ තැන්වලින් ඉගෙන ගත හැකිය. ප්‍රායෝගික භාවිතය අතින් සහ නායිකා මට්ටමින් එකඟ නොවන නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් සලකා බැලිය යුතු අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය, යුදෙව්වාදය වැනි ප්‍රභල දේශපාලනික න්‍යායන් වල නියෝජිතයින් සතුරා සමඟ සටන් කරන ආකාරය ආකර්ශනීයය. නමුත් ලංකාවේ මාක්ස්වාදීන්ට ඊට කිට්ටු වීමටවත් නොහැකිය. මන්ද ඔවුන්ගේ පෞද්ගලික කුහකත්වය දේශපාලන න්‍යායන් අභිබවා ඇති හෙයිණි.

මෙම මාක්ස්වාදීන් රටේ අනෙක් කුලකවල මෙන්ම, විශ්ව විද්‍යාල ප්‍රජාව හමුවේද, ට්‍රෝජන් වීරත්වය නමැති වෛරසය මඟින් ඇතිකරණ දේශපාලන උණ බෝ කොට සිසු දේශපාලනය කාලකන්ණි භාවිතාවක් බවට පත් කරනු ලැබුවේය. මෙම රෝගී කුහක දේශපාලන ගුණ්ඩු නිසා, විශ්ව විද්‍යාල සිසුන් තම අධ්‍යාපන කටයුතු හමාර කොට භූමියෙන් එළියට පැමිණි පසු පිටත ලෝකය සමඟ ගනුදෙනු කිරීමට සිදු වූයේ අපස්මාරය හැදුනු රෝගීන් මෙන්ය.

එසේම, දයා පතිරණ ඝාතනයේ සිට විශ්ව විද්‍යාලවල සිදුකළ බොහෝ නොපණත් කම්වලට ඍජුව ජනතා විමුක්ති පෙරමුණ වග කිව යුත්තේය. මොවුන්ගේ දේශපාලනයෙන් ලැබූ සුගතිය කුමක්ද යන්න තවමත් නොවිසඳුන ගැටලුවකි. වැල් වටාරම් ප්‍රකාශ කළ හැකිය. තර්ක විතර්ක කොට තම සදාරණත්වය පෙන්විය හැකිය. නමුත් පදනම මත දිවයන යතාර්ථය ධම්මික පෙරේරාගෙන් පිඟන් ගඩොල් ගෙන ඉන් සිසිලස ලබන අයවලුන්ගෙන් දක්නට ලැබේ. සෑම විටම මෙම “මාක්ස්වාදීන්” සිදු කරනු ලැබුවේ මෙවැනි ආකාරයේ කටයුතුය.

මාක්ස්වාදය නමැති සොඳුරු න්‍යාය තම පෞද්ගලික අභිලාශයන් මුදුන්පත් කරගැනීම උදෙසා නිවට මාක්ස්වාදීන් විසින් භාවිතයට ගනු ලැබුවේ මේ ආකාරයෙනි. කාල් මාක්ස් ජීවතුන් අතර සිටියේනම් ලංකාවේ මාක්ස්වාදීන් දැක පිටුපස නොබලා යළිත් නොඑන ලෙස පිම්මේ දුවනු ඇත.

Friday, June 6, 2014

හැටදහසක් පාවාදී හයදහසකගෙන් සමාව ගැනීම

අසූඅට අසූනවය කාලයේ ජවිපෙන් සිදුවූයේ යැයි කියන මිනිස් ඝාතන හයදහසක් පිළිබදව ජවිපෙ නව නායකයා බීබීසීය හමුවේ සමාව ගෙන තිබේ. එංගලන්තයේදී සීතලට කන චුවින්ගම් විසවී ඔළුව නරක් වූවේද නැතහොත් මිනීමැරීම සහ සමාව ගැනීම යන වචනවල තේරුම් අමතකවීමෙන්ද යන්න නිශ්චිතවම පැහැදිලි නැත. කෙසේ වෙතත් ඔහු සිදුකර ඇත්තේ හයදහසක් ඝාතන ගැන සමාව ගැනීමකට වඩා දහඅටදහසක් දෙනා පාවාදීමත් දහඅටදහසක් දෙනා යළි ඝාතනය කිරීමත් බව නම් පැහැදිලිය. මන්ද යත් පක්ෂය විසින් (වඩාත් නිවැරදිව එදා පැහැදිලිකළ ආකාරයට කියතොත් පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ලද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින්) ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීම සදහා බොහෝවිට එදා සහභාගී වූයේ තුන්දෙනෙකුන්ගෙන් යුත් කණ්ඩායම් වන බැවිනි.

එදා ඒ තුන්දෙනාගේ කණ්ඩායමට පැවරුනේ මිනීමැරීමක් නොවේ. අළුගෝසුවාගේ කාර්යයයි. එය සමාජ ශෝධක කාර්යයක් බවත් සමාජ පිලිලයක් ඉවත් කිරීමක් බවත් පාවා දෙන්නෙකුගෙන් ප්‍රගතිශීලී ව්‍යාපාරය ගලවා ගැනීමක් බවත් අවධාරණය කෙරිනි. තීන්දුව ගෙන තිබුණේ වෙනම විනිශ්චයාධිකාරයකිනි. (අළුගෝසුවාට සමාව ගත හැකි වුවත් නඩු කාරයාට සමාව ගත හැකිදැයි සමාව ගැනීමට පෙර සිතා බැලිය යුතුව තිබූ බව මගේ අදහසයි.) තමා යෙදෙන්නේ සද්කාර්යයක යැයි ඔළු සෝදාගෙන ඉතා අසීරුවෙන් හිත හදාගෙන නමුත් ව්‍යාපාරයේ නියෝගය ක්‍රියාත්මක කළ කීදෙනෙක් තම ජීවිත වලින් පමණක් නොව තම පරම්පරාවේම ජීවිතවලින් වන්දි ගෙවුවේදැයි අනුර සහෝදරයා දන්නේ ද? ඒ කණ්ඩායම්වල සිටි කී දෙනෙක් අදත් මානසික රෝගීන් බවට පත්ව සිටීදැයි නව නායක සහෝදරයා දන්නේද? දරුණුම කාලයේදී පක්ෂය අතහැර වනගතව සිටියේත් සමාව අරගෙනදැයි සැකයක් ද මේවා අසන විට නිරායාසයෙන්ම ඇතිවේ. විශ්ව විද්‍යාල එකකින් තවත් එකකට මාරුවෙමින් පක්ෂය වෙනුවෙන් නාමයෝජනා ලැයිස්තුවට නම්දුන් සහෝදරවරුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ යුතුයැයි ප්‍රතිගාමීන් හා එක්ව පාලනාධිකාරියට නිර්දේශ කලේ ඔය කියන සමාව ඒ කාලයේ ම ලැබී තිබුණු නිසාද?

නව නායක සහෝදරයා මේ බරපතල ප්‍රකාශය කලේ ජවිපෙ මධ්‍යම කාරක සභාවේත් දේශපාලන මන්ඩලයේත් සහ බොල්ෂෙවික් කමිටුවේත් එකගතාවයෙන්දැයි මම නොදනිමි. ඒ බව අදාල සංවිධානවල සහෝදරවරුන් දන්නවා ඇත. යම් හෙයකින් එලෙස එකග වුයේ නම් ඊට අදාල සමස්ත සංවාදයම ද අඩු තරමින් පක්ෂයේ සාමාජිකත්වයට හෝ ඉදිරිපත් කළ යුතුබවට මම යෝජනා කරමි. නමුත් පසුගියදා අපේ හිටපු නායක සෝමවංශ සහෝදරයා කියා තිබුණේ “අනුර සහෝදරයා කළේ සමාව ගැනීමක් නොවන බවයි”. ඒ අනුව පැහැදිලි වනුයේ මෙය පක්ෂයේ කතාකර සංවාදකර ගන්නා ලද තීරණයක් නොවන බව නොවේද? ජවිපෙ දැන් වැටී ඇත්තේ මේ තත්වයට ද?

නව නායක සහෝදරයාගෙන් ඇසිය යුතු ප්‍රශන කීපයක් තිබේ. අසූ අට අසූ නවය කාලයේ මියගිය සමස්ත ගණන හැට දහසක් බව කියනු ලැබේ. අනුර සහෝදරයා හයදහසක වගකීම ගත්තේ ඉතිරි පනස් හතරදහසේ වගකීම අදාල පාර්ශ්ව විසින් ගත් පසුවද? නැතහොත් ඔබගේ ප්‍රාණසම මිතුරා වන රවිකරුණා විසින් ඒ වගකීම භාරගන්නා බවට පොරොන්දුවක්වත් ලබා දුන්නේද? 

තවත් ප්‍රශ්නයක් ඇත. පසුගියදා ප්‍රජාතන්තවාදය වෙනුවෙන් රෝස වසන්තයේදී පොලු මුගුරු ගෙන වීදි බසින්නට ආරාධනා කලේ තව වසර කීයකින් ඒවාට සමාව ගැනීමේ බලාපොරොත්තුවෙන් ද? ලිබියාවේදී ගඩාපිට එරෙහිව වීදි බැස්සාවූ “ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලූ ජනතාව“ මේ වනවිට සමාවගෙන අවසන් ද?

ජාතික විමුක්ති අරගලය යට දමා පන්ති අරගලය උඩට ගමුයයි පක්ෂය යෝජනා කළවිට ඊට එකගවූ කේඩරය සමග පන්ති සටන කරන්නේ පාසල් පන්තියකට වී පෑන් පැන්සල් පැස්ටල් හා කවකටුපෙට්ටි උපයෝගීකරගිනිමින්ද? සටන විසින් ඉල්ලා සිටින ආයුධය අප විසින් අතට ගතයුතුයැයි අභ්‍යන්තර කමිටුවලදී අවධාරණය කරන්නට මේ සමාව ගැනීම තවදුරටත් ඉඩකඩ සලසයිද?

අනූහතරේදී යළි සමාජගතවූ පසු අප මුහුණදුන් ප්‍රධාන ප්‍රශ්නය වූයේ මේ ඝාතනයන්ය. එදා ඒවාට පිළිතුරු දෙන්නට ‘අතපය බැඳ ළිඳට දැමීමේ’ උදාහරණය භාවිතා කරද්දී ඔබ පක්ෂයේවත් සිටිබවක් අපට මතක නැත. එහෙව් ඔබට එදා අප මුහුනදුන් අසීරුතා නොතේරීම පුදුමයක් නොවේ. පුදුමය වන්නේ එජාපයත් දෙමළ ජාතික සංධානයත් සමග හොර මගුලේ යන ඔබ වැනි එන්ජීඕ ඔත්තුකරුවෙකු ජවිපෙ නායකයා කරනතුරු පක්ෂයේ ඉතිහාසය දන්නා අනෙක් සහෝදරවරුන් කළේ කුමක්ද යන්නයි.

- පොතුහැර අබේනායක