Wednesday, April 30, 2014

ජරන රැඩිකලුන්ට ජවිපෙ “විකල්පයක්” වන්නේ ඇයි?

ලංකාවේ ආන්ඩුවේ ද සමස්ත දේශපාලන සංස්ථාපිතයේම ද අර්බුදය ගැඹුරුවන තතු තුල පාලක පන්තියේ කොටසක් දක්ෂිනාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විකල්පයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමේ තැතක යෙදී සිටිති. කොලඹ ප‍්‍රධාන ජනමාධ්‍ය ප‍්‍රවාහයේ කොටසක් විසින් මෑත මාසවල ජවිපෙට වාසිදායක පලල් මාධ්‍යාවරනයක් ලබා දීමෙන් ද මධ්‍යම පන්තික දේශපාලන විශ්ලේෂකයන් පිරිසක් එම පක්ෂයේ විභවයන් ගැන ‘විශ්ලේෂන’ ගෙතීමකින් ද මේ ප‍්‍රයත්නය ප‍්‍රකාශයට පත්ව තිබේ.

ඉන් එක අයෙක් නම් කොලඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප‍්‍රධානියා වන නිර්මාල් රන්ජිත් දේවසිරි ය. ඔහු අතීතයේ සුළු-ධනපති කස්ත්‍රෝවාදය ඇතුළු රැඩිකල්වාදයන් උත්කර්ෂයට නංවමින් සිට දැන් ධනපති දේශපාලන සංස්ථාපිතය හොඳින් පවත්වාගෙන යන්නේ කෙසේදැයි උපදෙස් දෙන අයෙක් බවට පත්වී සිටියි. එක්ස් කන්ඩායම නම් වූ පශ්චාත් නුතනවාදී කන්ඩායමේ නායකයෙකුව සිටි ඔහු දැන් ඉන් වෙන්ව තවත් කන්ඩායමක් සඳහා සුදානම් වෙමින් සිටියි.

දේවසිරි, බස්නාහිර හා දකුනු පලාත් සභා ඡන්දය අද්දර දී “මා ජනතා විමුක්ති පෙරමුනට ඡන්දය දෙන්නේ ඇයි?” යන මාතෘකාවෙන් ලිපියක් පල කලේය. මෙම ලිපිය, ඔහු සහ ඔහුට සමාන අදහස් දරන අයගේ ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපයත් දෘෂ්ටිවාද විධික‍්‍රමත් පිලිබඳ එලිදරව්වකි.

දේවසිරි මෙසේ කියයි: “මා ජනතා විමුක්ති පෙරමුනට ඡන්දය දීමෙන් බලාපොරොත්තු වන්නේ ලංකාවේ දැන් ආන්ඩුකරන කි‍්‍රයාවලිය හසුරුවමින් සිටින අන්ත දූෂිත ප්‍රභූ ස්ථරය ඉවත් කිරීම හෝ අඩුම තරමින් එහි ශක්තිය දුර්වල කිරීමයි”. යූඇන්පියේ මුදුනේ සිටින්නේද මෙබඳු දුෂිතයන්ම නිසා එයින් පලක් නැති බව පවසන දේවසිරි ජවිපෙට සහතිකය නිකුත් කරයි: “පසුගිය වසර විස්සක පමන කාලය තුල [ජවිපෙ] කිසියම් ප‍්‍රභූකරනයකට ලක්ව තිබුනත්” එය දූෂිත පාලන ප‍්‍රභූවේ කොටසක් වී නැත.

දේවසිරිගේ ප‍්‍රශ්නය “අතිශය දූෂිත පාලන ප‍්‍රභූව ඉවත් කර” හෝ දුර්වල කර ධනපති පාලනය ශුද්ධ කර රැක ගන්නේ කෙසේද යන්න යි. බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩෙන විරුද්ධත්වය ගසා කෑම සඳහා තමන් දූෂනයෙන් තොර, දෙස්-විදෙස් ආයෝජකයන්ට හිතැති පාලනයක් ගෙන යාමට කැපවී සිටින බවට ජවිපෙ දිවුරයි. මෑත පලාත් සභා මැතිවරන ආසන්නයේ ජවිපෙ “අපේ දැක්ම ප‍්‍රතිපත්ති මාලාව” නමින් නිකුත් කල ලියවිල්ලේ මෙම වැඩ පිලිවෙත මත පැහැදිලිව ඉදිරිපත් කර ඇත. “නවීකරනය හා කාර්මිකකරනය වූ රටක්” යන පිලිවෙත මත චීනයේ මොඩලයට මහා ව්‍යාපාරිකයන්ට බදු හා අනෙකුත් සහන පුදන බව එම ලියවිල්ල පොරොන්දුවී ඇත. දේවසිරි, තම ව්‍යාපෘතියට ජවිපෙ මෙම “දැක්ම” ගැලපෙන බව දකී.

මහජනයා ඉදිරියේ අපකීර්තියට පත්ව ඇති ජවිපෙ නගා සිටුවීමට න්‍යායික දහන්ගැට දමන දේවසිරි මෙසේ ප‍්‍රකාශ කර ඇත: ජවිපෙ බලය ගැනීමක් සමග එලෙස දුෂිත වීමට ඉඩ නැති දැයි ප‍්‍රශ්නයක් මතු කිරීමට ඉඩක් ඇතත් “ඉක්මනින් එවැන්නක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා සීමිත ය”; ඊට හේතුව “ජවිපෙ දේශපාලන අනන්‍යතාවයේ ස්වරූපයයි”; “තමන් දුෂිත සමාජයේ කොටසක් නොවේය යන ආකල්පයක්” ජවිපෙ සාමාජිකයාට ඇත; “සම කාලීන සමාජ න්‍යායේ භාෂාවෙන් කියනවා නම් මෙය “මහ අනෙකා” (Big Other) සමග ඇති සම්මුතිය ලෙස නම් කිරීමට පුළුවන. “දේවසිරිට අනුව රෝහන විජේවීර නමැති මහා අනෙකා” ජීවමාන සාධකයක් ලෙස “ජවිපෙ සාමාජිකයාගේ විඥානය හසුරුවයි”.

දේවසිරි, පශ්චාත් නූතනවාදයේ ප‍්‍රමුඛයෙකු වූ ජැක්ස් ලැකාන්ගේ මනෝ විශ්ලේෂන විධික‍්‍රම හරඹ කරමින් තැත් කරන්නේ කම්කරුවන් හා තරුනයන් ජවිපෙට මුලාකර දීමටයි. මෙම විධික‍්‍රමයට අනුව, මිනිසා හෝ මිනිස් විඥානය, තමන්ට පිටින් සිටින මහා අනෙකාට බැදී ඉන් හසුරුවනු ලැබෙයි. යමෙකු කි‍්‍රයා කරන විට තමන්ට පිටින් “මහ අනෙකෙකු” --දෙවියන්, රාජ්‍යය, පක්ෂය, බලගතු පුද්ගලයෙකු, නීතිය ආදී වශයෙන් -- සිටීමේ හැඟීමකින් හා බැඳීමකින් කි‍්‍රයා කරයි. දේවසිරිට අනුව ජවිපෙට හා එහි සාමාජිකයාට සිටින “මහ අනෙකා” විජේවීර ය.

“මහ අනෙකෙකු” පිලිබඳ මෙම සූත‍්‍රය විඥානවාදී හරඹයකි. මානසිකත්වය හා විඥානය තීන්දු කෙරෙන්නේ සමාජීය කොන්දේසීන්ගෙන් ය: සමාජ කොන්දේසීන් මත් අවසන් වසයෙන් තීන්දු කෙරෙන්නේ නිෂ්පාදන බලවේගවල ද ඊට අනුරූපව නිර්නයවන නිෂ්පාදන සම්බන්ධතාවයන් ද විසිනි. ඉතිහාසයේ අදාලත්වය, මුලධර්ම හා වෛෂයික සත්‍යයක් ඇති බව දේවසිරිගේ පශ්චාත් නූතනවාදය විසින් බැහැර කෙරෙයි. ප‍්‍රපංචයක අන්තර් සම්බන්ධතා නොතකන දේවසිරිගේ විධික‍්‍රමයේ බොල්කම හා ප‍්‍රතිගාමීකම ජවිපෙට එය යොදා ඔප්පු කරන්නට යන දෙයින් ම එලිදරව්වේ.

සිංහල ගැමි තරුනයන් මත පාදකව සිංහල වර්ගවාදයේත් ස්ටැලින්වාදයේ හා ගුවෙරාවාදයේත් සම්මිශ‍්‍රනයක් දෘෂ්ටිමය පදනම ලෙස ගනිමින් 1960 ගනන් මැද විජේවීර ප‍්‍රමුඛ කන්ඩායමක් ඇරඹුනු ජවිපෙ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩු යුද්ධය දියත් කිරීමත් සමග විවෘත සිංහල වර්ගවාදී සංවිධානයක් ලෙස මතුවුනි. ඒ සමගම ගතවූ දශක වල සිදුව ඇත්තේ ධනපති නිෂ්පාදනයේ භූගෝලීයකරනයට අනුගතව (විජේවීර ද ඇතුලුව) ජවිපෙ තවත් දකුනට තල්ලු වීමයි.

උත්පත්ති දේශපාලනයේ තර්කානුකුල විකාශය ලෙස කොලඹ ධනේශ්වර සංස්ථාපිතයේ කොටසක් බවට පත්ව ඇති ජවිපෙ ධනපති ප‍්‍රභූවට ලංව, මැති ඇමතිකම් ඇතුළු තාන්නමාන්න ලැබ, ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන සංස්ථාපිතයන් සමග සම්බන්ධකම් ගොඩනගාගෙන දේශපාලනිකව දූෂිත ව ඇති සංවිධානයකි. ජවිපෙ බලයට ආවොත් රාජපක්ෂ ආන්ඩුව නතර කල තැනින් පටන් ගනිමින් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා මත කම්කරු පන්තියට එරෙහිව රුදුරු ලෙස කඩා පැන, ප‍්‍රහාර එල්ල කරනු ඇත.

1988-1990 කාල පරිච්චේදයේ විජේවීරගේ නායකත්වයෙන් ජවිපෙ දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් ඝාතනය කලබව ද රාජපක්ෂ බලයේ පිහිටුවීමට 2005 ජනාධිපතිවරනයේදී මුලු වෙර දමා 2009 දක්වා ආන්ඩුව රැකීමට කි‍්‍රයා කල බව ද දේවසිරිගේ “මහා අනෙකා” න්‍යායට හසුවී නැත. රාජපක්ෂ ආන්ඩුව 2006 ඇවිලවූ යුද්ධයට මෙම පක්ෂය ඍජුවම උර දුන්නේ හමුදාවට බංකර් සැදීමට පවා උදවු දෙමිනි. එහෙත් දේවසිරි ජවිපෙට සිල් රෙද්දක් අන්දා කියා සිටින්නේ මෑතක් වනතුරු ඊට පැවති “සිංහල අන්ත ජාතිකවාදීන්ගේ ආස්ථානය” දැන් වෙනස් වන්ට පටන් ගෙන ඇති බවයි. එහෙත් ජවිපෙ, යුද්ධයට දුන් සහාය හා සිදුකල අනෙක් අපරාධ තම පක්ෂයේ වීරකි‍්‍රයා ලෙස දිගටම ඔජවඩවන්නේ අනාගත කි‍්‍රයා කලාපය ඉඟි කරමිනි.

ජවිපෙට “තම ලෝක දැක්මේ අංශයක් වන සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය කෙරේ ආවේනික නැඹුරුවක් සහ පක්ෂපාතිත්වයක්” ද “මාක්ස්වාදී ලෝක දැක්ම තුලින් උරුම කරගත් ජාතිකවාදය කෙරෙහි විවේචනයක් ද” ඇති බවට කථිකාචාර්යවරයා කියා සිටී. ඔහුට අනුව, මේ දෙකෙන් එකක් “අධිනිශ්චය” වූ කල්හි ජවිපෙ විටෙක “අන්ත ජාතිකවාදී” ලෙසද විටෙක “මාක්ස්වාදී” ලෙසද කි‍්‍රයාත්මක වේ! මෙය තවත් සාරසංග‍්‍රහවාදී ව්‍යාජ මනෝ විශ්ලේෂනයකින් ජවිපෙට සපයන ආවරනයකි.

ජවිපෙට හැමදා “අධිනිශ්චය” වී ඇත්තේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයයි. තමන් එක හිතින් සහාය දුන් යුද්ධයෙන් විපතට පත් දෙමල ජනයාට සහන සැලසිය යුතු යයි ජවිපෙ මෑතක දී කර ඇති ප‍්‍රකාශ අන්ත කුහකය. යුද්ධය ඇරඹු යුඇන්පිය ද එලෙස කියා සිටී. ජවිපෙට, දේවසිරිට මෙන්ම, කිසිදා කිසිලෙසකිනුත් මාක්ස්වාදය සමග සම්බන්ධයක් තිබුනේ නැත, ඇත්තෙත් නැත.

දේවසිරිගේ ජවිපෙ ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රයත්නය ගලා එන්නේ ධනපති පන්ති පාලනයට ඔහුගේ බැඳීමෙනි. සිය සාමාජිකත්වය තුල වැටුප් සටනකට පීඩනය එද්දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට, ගෙනයාමට බල කෙරුනු දීර්ඝ වර්ජනය්දී එය කැපී පෙනුනි. සමාජවාදී සමානතා පක්ෂය ආචාර්යවරුන් කම්කරුවන් වෙතට හැරී සමාජවාදී පිලිිවෙත් මත රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයකට යොමුව වැටුප් සටන ගෙනයායුතු යයි කල කැඳවුමට ඍජුව විරුද්ධවූ ඔහු “දේශපාලන සටන් වෘත්තීය සමිතිවලට අදාල නැත” යි ප‍්‍රකාශ කොට ආර්ථික ඇමති බැසිල් රාජාපක්ෂ දුන් ව්‍යාජ පොරොන්දුවලට එකඟවී ආචාර්ය සටන පාවා දුන්නේය. ඔහුගේ කි‍්‍රයා කලාපය වුයේ ආචාර්ය අරගලය ආන්ඩුවේ දේශපාලන අර්බුදය වැඩි දියුනු කිරීමකට ඉඩ නොදී යටපත් කර දැමීමයි.

දේවසිරිට රාජපක්ෂ ආන්ඩුව සමග ඇති විරසකයෙන් පෙන්නුම් කෙරෙන්නේ, ධනපති පන්තියේ හා ඉහල මධ්‍යම පන්තියේ කොටසකට ඒ කෙරෙහි ඇති විරුද්ධත්වයයි. රාජපක්ෂ පාලන කල්ලිය ජාතික ආර්ථිකයේ වැඩිකොටසක් පාලනය කරමින් ඊට ඍජුවම ගැතිවුවන්ට වරප‍්‍රසාද දෙමින් ගෙනයන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය නිසා වෙනස්කම් කිරීමට ලක්ව සිටින ධනපති හා මධ්‍යම පන්තියේ කොටසක් රාජපක්ෂ පාලනය සමග උරන වී එය ඉවත් කිරීමට හෝ තමන්ට ද වාසිදායක ලෙස හරවා ගැනීමට ප‍්‍රයත්නයක යෙදෙති. වඩවඩාත් දකුනට යන මොවුන් ශක්තිමත් කරන්නේ ප‍්‍රතිවිප්ලවාදී බලවේගයි.

මෙම මධ්‍යම පන්තික කන්ඩායම්වල දක්ෂිනාංශික ගමන ලෝක ප‍්‍රපංචයකි. පශ්චාත් නූතනවාදය ද වැලඳගත් හිටපු රැඩිකල්ලු හා ව්‍යාජ වම්මු ධනපති සංස්ථාපිතය ආරක්ෂා කිරීමට බැඳී ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවලට සේවය කිරීමට ඉදිරිපත්ව සිටිති.

රාජපක්ෂ ආන්ඩුව කුරිරු ලෙස උතුරු-නැගෙනහිර යුද්ධය අවසානයකට ගෙන යමින් සිටි අවස්ථාවේ දේවසිරි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුලු කන්ඩායමක් සමග එක්ව “දෙමල සුලු ජනවර්ගයා මත ස්වෝත්තමවාදී රාජ්‍යයේ ත‍්‍රස්තවාදය ගෙනයාමට ඉඩ නොදෙන ලෙස” 2009 අපේ‍්‍රල් මාසයේ “ජාත්‍යන්තර ප‍්‍රජාව [මහා බලවතුන්] වෙත ආයාචනයක්” නිකුත් කලේය. මෙම මහා බලවතුන් යුද්ධයට මුලුමනින් සහාය දුන්නවුන්ය.

දේවසිරිගේ මේ ආස්ථානයේ අලුත්ම ප‍්‍රකාශය මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී සම්මත වූ ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ආ යෝජනාවට පක්ෂවීමයි. “බලවත් රටවල්වල හැසිරීම තීන්දු වන්නේ තම ගෝලීය අභිලාශ මත බව” නොදන්නෝ කවරහුදැයි අසන ඔහු නමුත් “මාගේ අදහස වන්නේ මේ යෝජනාව අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට බෙහෙවින් හිතකර අන්දමට භාවිතා කිරීමට හැකි බවයි” යනුවෙන් ලක්බිම පුවත් පතට 2014 මාර්තු 28 ලියූ ලිපියක සඳහන් කර ඇත.

තත්කාර්යවාදී දේවසිරි කතා කරන්නේ අත යටින් වාසියක් වැටෙන බවයි. රාජපක්ෂ ආන්ඩුව සිදු කල යුද අපරාධ හා දැන් තර කරන පොලිස් රාජ්‍ය පාලනය වෙත ඇඟිල්ල දික්කර දේවසිරි වෛෂයිකව කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ භූ දේශපාලන අවශ්‍යතාවලට ගැට ගැසෙන ලෙස මහා ජනයාට කීමයි. ඔහු ගනන් ගැනීමට තරම් නොවන දෙයක් ලෙස සඳහන් කරන “මහා බලවතුන්ගේ ගෝලීය අභිලාශ” මොනවාද? වත්මන් ගෝලීය ධනේශ්වරයේ අර්බුදය තුල ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් යුකේ‍්‍රනයේ කර ඇති ප‍්‍රකෝපකාරී මැදිහත්වීම ලෝක යුද්ධයක තර්ජනය මතු කරයි. චීනයට එරෙහිව ඇමරිකාව සිදු කරන රාජ්‍යතාන්ති‍්‍රක හා මිලිටරි වටලෑම එබඳුම තර්ජන මතුකර නැද්ද? න්‍යෂ්ටික අවි දරන රටවල් යුද්ධයකට යාම කුමන ප‍්‍රතිපල දෙයිද? ලංකාව ද ඇදගනු ලැබ ඇත්තේ මේ භූදේශපාලන ආතතියේ වේරම්බයට ය.

ධනපති ක‍්‍රමයට අඩංගු වී සිටින දේවසිරි දුෂිත දුර්දාන්ත කොන්දේසි ඉවත් කර ගනිමින් එතුල පැවතීමට හැකියයි ඉදිරිපත් කරන මෙම “ඉදිරිදර්ශනයට” නිශ්චිත කි‍්‍රයා කලාපයක් තිබේ. මෙම සුලුධනේශ්වර රැඩිකල්ලු ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ක‍්‍රමයකට අඩිතාලම දැමීමට කම්කරු පන්තිය සතු ඓයිතිහාසික, විප්ලවවාදී විභවය මුලදීම ප‍්‍රතික්ෂේප කලහ. දැන් ලංකාව තුල ජවිපෙ විකල්පයක් ලෙස දකින දේවසිරි ඇතුලු කොටස් අධිරාජ්‍යවාදී බලයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර දීමේ විකල්පයක් ලෙසද දකිති! මොවුන් කි‍්‍රයාත්මක වන්නේ රාජපක්ෂ ආන්ඩුව හා එය පාදකව ඇති ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමට, ලංකාවේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු කොට සමාජවාදී විප්ලවයට බලමුලු ගැන්වීම වැලැක්වීමටයි.

කේ. රත්නායක විසිනි, 2014 අප්‍රේල් 29

රජරට විශ්වවිද්‍යාලයේ මැයි දින සම්මන්ත‍්‍රණයට උපකුළපතිගෙන් බාධා

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් මැයි මස 05 දින රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ මැයි දිනය පිළිබඳ සම්මන්ත‍්‍රණයට අවසර ඉල්ලූ අවස්ථාවේ උපකුළපතිවරයා අවසර ලබාදීම ප‍්‍රතික්ෂේප කර පරුෂ වචනයෙන් බැන වැදුණු බව රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසයි.  

පසුගිය 29 දින නිවේදනයක් නිකුත් කරමින් මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යා යය ආචාර්යවරුන්තලේ සමිති සම්ලම් නලද හි පු සභාපති ආචාර්ය නිර්මාල් රන්තජිත් ලේවසිරි මහතා සහ නන්තතර් විශ්වවිද්‍යා යය ශිෂ්‍ය බ මණ්ඩ ලද කැඳවුම්කරු නජිත් ඉන්තදික මහතා සහභාගී වීමට නියමිතව තිබූ මෙම සම්මන්ත‍්‍රණයට විශ්වවිද්‍යාලය තුළ ලියාපදිංචි ශිෂ්‍ය සංගමයක් මඟින්

නීත්‍යානුකූල ලෙස උපකුළපති වරයාගෙන් අවසර ලබා ගැනීමට ගිය අවස්ථාවේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන්ට මෙසේ පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි. 

මහා ශිෂ්‍ය සංගමය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් කර ඇත. 

‘‘අවසර ගැනීම සඳහා යොමු කල ඉල්ලුම් පත පවා කිසිඳු සාධාරණ හේතුවකින් තොරව ඉරා කුණු කුඩයට විසි කර දැමීමට තරම් උපකුලපතිවරයා සිටියේ තරහින් පුපුරමිනි.

අදාළ සම්මන්ත්‍රණය සහ සම්මන්ත්‍රණයට සහභාගී වන පිරිස පිලිබඳ දැනගත් වහාම දැඩි කෝපයට පත් උපකුලපතිවරයා ඉතා පහත් ආකාරයට ශිෂ්‍ය නියෝජිත සහෝදරවරුන්ට ආමන්ත්‍රණය කරමින් සම්මන්ත්‍රණයට සහභාගී වන ආචාර්යරුන්ටද ඉතා පහත් ආකාරයකින් බැන වැදී ඇත්තේ රජරට සත්‍යග්‍රහයට ඔවුන්ද සහය දක්වන බවට දෝශාරෝපනය කරමිනි. එසේම මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයාට හා ශිෂ්‍ය නියෝජිත සහෝදරවරුන්ට තර්ජනය කරමින් ඔහු පවසා ඇත්තේ “තමුසෙලා දෙන්නා ගැන මම දන්නවා ,තමුසෙලා ගැන මම බලාගන්නම් ” යනුවෙනි. මෙය කිසි සේත්ම විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙකුට ගැලපෙන හැසීරීමක් නොවන බව අපගේ හැඟීමයි. “තොපි මෙතනින් පලයව්” යනුවෙන් අවසානයේ තම රාජකාරී ලිපි ගොනුවෙන් පහර දීමට පවා උත්සාහ කරණ ලදී.

වැඩසටහනට අවසර නොදීම සඳහා උපකුලපතිවරයාට පැහැදිලි තර්කාන්විත අදහසක් තිබුණේ නම් අපට ඊට එකඟ විය හැකි නම් කිසිඳු ගැටළුවක් නැත. නමුත් වයස අවුරුදු 18 කට වැඩි වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මැයි දිනය ගැන සම්මන්ත්‍රණ කරන්නේ ඇයි දැයි ඇසීම විහිළුවක් නොවන්නේද? ඔහු කිසි දිනක ජනපති පුත් හෝ මැති ඇමතිවරයෙකුගේ පුත්‍රයකු දේශපාලනය කරන්නේ ඇයි දැයි අසන්නේ නැත. ආණ්ඩුවේ දේශපාලන වුවමනා මත විශ්වවිද්‍යාල තුල විවිධ උත්සව සංවිධානය කර ඊට සිසුන් සහභාගී නොවී සිටින විට පන්ති තහනම් ලබා දෙන මෙවන් රූකඩ පාලකයන් විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ඇත්තෙම කිසිඳු අධ්‍යාපන සුදුසු කමකට හෝ පරිපාලන හැකියාවකට නොව. ආණ්ඩුවට අවනත වෙමින් එහි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව උපකුලපතිවරයෙකු වීමේ එකම සුදුසු කම වී ඇත.

එම නිසා රජරට උපකුලපතිවරයා ශිෂ්‍ය නියෝජිතයින්ට හා ආචාර්යවරුන්ට පහත් ලෙස බැන වැදීම සහ සිසු නියෝජිතයන්ට පහර දීමට උත්සහ කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් සිටිමු.’’

ආණ්ඩුව මැයි රැලි මර්ධනය කරනවා - වෘත්තීය සමිති ඒකාබද්ධ එකතුව

රජයේ ඉහළ පුද්ගලයින්ගේ මැදිහත්වීමෙන් මැයි රැලි මර්ධනය කිරීමට උත්සාහ දරන බව වෘත්තීය සමිති ඒකාබද්ධ එකතුව පවසයි. ඔවුන් මේ බව පැවසුවේ වෘත්තීය සමිති ඒකාබද්ද එකතුව විසින් මැයි දිනය සැමරීමට වෙන්කර ගන්නා ලද හයිඩ්පිටිය අවලංගු කර වෙනත් කණ්ඩායමකට ලබාදීම මුල් කර ගනිමිනි.

වෘත්තීය සමිති සම්මේලනය, බැංකු සේවය සංගමය හා සෞඛ්‍ය , තැපැල් , අධ්‍යාපන මුද්‍රණාල පළාත් පාලන රක්ෂණ යන ක්ෂ්ත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන මැයි රැලිය පැවැත්වීමට හයිඩ්පිටිය තෝරාගෙන තිබුනි. කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර) සමහ අප්‍රේල් 16 පැවැත්වූ සාකච්ඡාවේදී හයිඩ් පිටිය ලබාදීමට එකග වී ඇති අතර පසුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයද එය තහවුරු කර තිබේ. නමුත් දේශාපාලන බලපෑම් මත හයිඩ් පිටිය වෙනත් කණ්ඩායම්වලට ලබාදීමට නාගරික සංවර්ධන කොමසාරිස් තීරණය කර ඇතැයි එම ඒකාබද්ධ සමිති පවසා සිටී.

එබැවින් මෙය ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට එල්ල වූ දේශපාලන මර්ධනයක් බව එම වෘත්තීය සංගම් එකතුව තවදුරටත් පෙන්වා දෙයි.

ආසියාවේ ලොකුම කුඩු තොගයට මේවනතෙක් නඩු නෑ

මෙතෙක් දකුණු ආසියානු රටකදී එකවර අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් තොගය ලෙස සැලකෙන පසුගිය අගෝස්තු 30 දා අත්අඩංගුවට ගත් කුඩු තොගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අධිකරණ කටයුත්තක් සිදු කර නැතැයි වාර්තා වෙයි.

මෙම හොරොයින් තොගය නිදහස් කරන ලෙස ලේකම්වරයෙකු හරහා ලිපි ඉදිරිපත් කල බවට අගමැති දි.මු. ජයරත්න මහතාට චෝදනා එල්ල විය.

එසේම ගිය වසරේ නොවැම්බර් 05 දා අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 30, දෙසැම්බර් 31 වැනිදා හික්කඩුවේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝග්‍රෑම් 10, මාර්තු මස 18 වැනිදා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 36 සම්බන්ධයෙන්ද සැකකරුවන්ට එරෙහිව මෙතෙක් නඩු පවරා නැත.

ශ‍්‍රි ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ලෙස හෙරොයින් කිලෝ 261 ක් අත්අඩංගුට ගත් අතරල පසුව පොලීසිය විසින් කල පරීක්‍ෂණවලදී වූයේ කුඩු තොගයේ හෙරොයින් ලෙස පැවතියේ කිලෝ ග්‍රෑම් 130 ක් පමණක් බවයි.

සුමන්තිරන් සහ ආනන්දි අතර මහ සභාවක් මැද කුණුහරුප සංවාදයක්

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් එම පක්‍ෂ උතුරු පළාත් සභා මන්ත්‍රිනී අානන්දි ශෂිදරන් වෙත ඉතා නින්දිත අකාරයෙන් බැන වැදී ඇතැයි වාර්තා වෙයි. ඇය කාන්තාවක් බවද නොතකා සුමන්දිරන් විසින් අමු තිත්ත කුණුහරුපයෙන් බැන වැදීම නිසා ශෂිදරන් හඬා වැටී තිබේ.

සුමන්දිරන් විසින් ඇයට චෝදනා කර ඇත්තේ පක්‍ෂ නායක ආර්. සම්බන්ධන්ගේ අනුමැතියක් නොමැතිව ජිනීවා යාම සහ එහි සිදුකල කතාව සම්බන්ධයෙනි. ආනන්දි ශෂිදරන්ට දේශපාලන වේදිකාවේ කතාකිරීමට අවශ්‍ය අවබෝධය නොමැති යයි තදින් බැන වැදී ඇති මන්ත‍්‍රීවරයා ඇය විසින් සූදානම් කර තිබූ පැහැදිලි කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට බාධා කර ඇති අතර ඒ නොතකා ඇය තම වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට උත්සාහ කල අවස්ථාවේදී මන්ත‍්‍රී සරවනබවන් හා සුමන්දිරන් එක්වී ඉතාමත් අපහාසාත්මක ලෙස බැන වැදී ඇත.

‘ජිනීවා ගැටළුව ඔබලාට දේශපාලන ගැටළුවක් විය හැකි නමුත් එය මාගේ පෞද්ගලික ගැටළුවක්’ යයි එයට පිලිතුරු දුන් අනන්දි ශෂිදරන් කියා තිබේ. අතුරුදහන්වූ තම ස්වාමිපුරුෂයා ඇතුළු දහස් සංඛණාවක් පුද්ගලයන්ට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් ජිනීවා ගිය බවට පවසමින් හඬා වැටෙමින් ඇය කතාව නතර කර ඇත. මෙවැනි තත්වයක් සභාව තුල උද්ගතවී තිබියදීත්ල දෙමළ ජාතික සන්ධානයේ බොහෝ නායකයන් නිහඩව සිටීම පැවසිය යුතු කරුණක් වේග

කිලිනොච්චිය සිසුවියන්ට හමුදාවෙන් ලිංගික හිංසා

කිලිනොච්චිය මුරිප්පු ප්‍රදේශයේ මාර්ග දෙපස රැඳී සිටින හමුදා සෙබළුන් එම මාර්ගයෙන් ගමන් ගන්නා පාසල් සිසුවියන්ට ලිංගික හිංසා කරන බවට ප්‍රදේශයෙහි ජනතාව විසින් ග්ලෝබල් පුවත් සේවයට පවසා තිබේ. මේ නිසා එම මාර්ගයෙන් ගමන් ගන්නා සිසුවියන් දැඩි අපහසුතාවයකට මුහුණ දෙන බවද පැවැසේ.

කිලිනොච්චිය මුරිප්පු, කෝනාවිල් යන ප්‍රදේශයන් ආසන්නව හමුදාව විසින් සෝදිසි මුරපොලවල් ඉදිකර තිබේ. මෙම මාර්ගය අධිකව ජනතාව ගමන් නොගන්නා ප්‍රදේශයකි. මේ හේතුවෙන් එම මාර්ගයෙන් පාසල් යන එන සිසුවියන්ට හමුදා සෙබළුන් හිරිහැර කරමින් සිටියි.

එම මාර්ගයෙන් කෝනාවිල් පාසලට යන සිසුවියන් සහ ආක්කරායන් ඇතුළු ප්‍රදේශවල සිට කිලිනොච්චියේ පෞද්ගලික පංතිවල යන සිසුවියන්ටද හමුදා විසින් මෙලෙස හිංසා කරන බව පැවැසේ. ලිංගික, අසභ්‍ය වචන, පෙම් කරන්නයි බලකිරීම, යැයි හමුදාව හිරිහැර කරන බවද පැවැසේ.

මුර පොලවල්හි සිටින ඇතම් සෙබළුන් පාසල් සිසුවියන් එනවිට තම කලිසම ගලවාගෙන සිටින බවද පැවැසේ. මෙම නිසා සිසුවියන්ට එම මාර්ගයෙන් ගමන් කිරීමට නොහැකිව අපහසුතාවයකට පත්වන බවද පැවැසේ. කිලිනොච්චිය ප්‍රදේශයට සහ අක්කරායන් කෝනාවිල් ප්‍රදේශයට තිබෙන එකම මාර්ගය මෙය පමණක් බැවින් වෙනත් මාර්ගයක් භාවිතා කිරීමට නොහැකිව තිබේ.

මැයි දිනයත් කොල්ල කෑම…

අයිතිය නිදහස ජීවිත යාප්පුවෙන් පැහැර ගත්ත
සේප්පු පුරවන ඈයොත් මේ දවසෙත් අරක් ගත්ත
හරක් කියා පාලකයොත් ගැති හඬ මැද අසුන් ගත්ත
බලපල්ලා රවටන හැටි ටීවි එකට රූප ගත්ත

ශ්‍රම දහඩිය රට සම්පත හරි හරියට කොල්ල කමින්
විලි සංගේ නැති විදිහට මේ දිනයත් කෙළෙසවමින්
කම්කරුවත් පීඩිතයක් ගොන් රැළකට අන්දවමින්
මුසාවාද බණ අතරේ අර්ත නොමැති බණ දෙසමින්

රතු කොඩියෙන් ජාතක වුණු හිටපු වමට කෑ මොර දුන්
වලිගය යට ඉන්නා සැටි එම මහතුන් බලා ගනින්
පැරණි හඬට ජාතික පෙම පත අට ගෙන සින්දවමින්
විංකලයක හුලං ගහන ද්‍රෝහියන්ව බලා ගනින්

රතු කියන්නේ රතට මිසක වෙන පාටක් ලොවේ නොමැත
මැයි දිනයට පාට දුන්නෙ පහරන්නට නොව ඒ මත
නුඹලා ලඟ දනින් වැටුන පීඩිතයට මනස නොමැත
උන් ගලවා ගන්න පිණිස මැයි දිනයට හඬක් නොමැත

Mels Macasche-මෙල්ස් මාකැස්චේ..
Source from lankaevoice.com

ජයග්‍රහණයට ඇති එකම මාවත නොනවතින අරගලයයි ...!

වහල් හිමි සමාජයේ වහල් හිමියා නිරන්තර බියකින් පසු වුනේය. කුමන මොහොතක හෝ වහලුන් අඳුරු ඉරණම් යුගය බිඳ දමමින් අපට එරෙහිව කැරලි ගසනු ඇති බවට තිබු බියෙනි. ඒ ශාපලත් නිහඬතාවය එදා ස්පාටකස් ඇතුළු නිර්භීත වහලුන් විසින් බිඳ දැමීය. ඉන් පසුව නැවතත් ධනවාදයේ අසත්‍යට එරෙහිව සත්‍යවාදයේ පණිවිඩය ගෙන ආ මොහොතක් ලෙස 1886 ඔක්තෝබර් 7,8,9 දින පවතී ඓතිහාසික ඉලිනොයිස් අධිකරණයේ පවතී නඩුව හැඳින් විය හැක. 

1886 මැයි පළමු වනදා චිකාගෝ නුවර හෙමාකට් චතුරශ්‍රයට එක් වූ වීර කම්කරු ජනතාව දවස මුළුල්ලේම කරගෙන යනු ලැබූ සුරාකෑමට එරෙහිව තම ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් වැඩ වැරීය. තම ඉල්ලීම් වලට සාධාරණ පිළිතුරක් වෙනුවට ධනපති පාලකයන්ගේ වෙඩි උණ්ඩ දස අතේ මුදා හරිමින් චතුරශ්‍රය ලේ වලින් සිතුවම් කළේය. ඉන් අනතුරුව එයට නායකත්වය දුන් ඔගස්ටස් ස්පයිස් ඇතුළු නායකත්වය අත්අඩංගුවට ගෙන ඉලිනොයිස් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. පළමු නඩු දිනයේදී ඔහු විනිසුරන් ඉදිරියේ සිය කතාව පටන් ගත්තේ මෙසේය .

" මගේ සාක්ෂිය ඔබේ චෝදනාවයි "

" විනිශ්චයකාරතුමනි , මම මේ උසාවියේ කරුණු දක්වන්නේ එක් පන්තියක නියෝජිතයෙක් ලෙස අනෙක් පන්තියේ නියෝජිතයන්ටය. අදින් වසර 500 කට පෙර මෙවැනිම අවස්තාවකදී ඉතාලි ජාතික වැනීසියානුවෙකු වූ ඩොජේ ෆාහිරි ඔබලාගේ නීතිය ඉදිරියේ කල කියමනකින් මම ද ආරම්භ කරමි. " මගේ ශාක්ෂිය ඔබේ චෝදනාවයි " 

විනිසුරනි, ඔබට අනුව මා කල " අපරාධයේ " හේතුව ඔබේම ඉතිහාසයයි. පැය 16 ක වැඩ දිනයක් වෙනුවට , දරුවන් හා කාන්තාවන් මන්දපෝෂණයෙන් , වහල් භාවයෙන් මුදවා ගෙන පැය 8 ක වැඩ දිනයක් වෙනුවෙන් සටන් කිරීම එම අපරාධය නම් , එහි හේතුව ඔබ මිස , මිය යමින් තිබෙන , යලි කිසිදා ගොඩ ගත නොහැකි , කෘර ක්‍රමයක් වන ධනපති ක්‍රමය පවත්වා ගෙන යන ඔබ මිස අන් කවරෙක්ද ? 

විනිශ්චයකාරතුමනි, ඉහතින් දැක වුයේ මගේ අදහස්ය . ඒවා මගේ ජීවිතයේ කොටස්ය. ඒවා ඇඳුම් ගලවා ඉවත් කරන්නාක් මෙන් ගලවා දැමිය නොහැක. එසේ හැකි වුවත් මම එසේ නොකරමි. දිනෙන් දිනවැඩි වැඩියෙන් සමාජය තුල තහවුරු වෙමින් පවතින අදහස් , අප කිහිප දෙනෙකු එල්ලුම් ගස් යැවීමෙන් විනාශ කර දැමිය හැකි යයි ඔබ සිතන්නේ නම් , සත්‍ය කතා කිරීමේ වරදට මිනිසුන් කිහිප දෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දෙන්නේ නම් , සත්‍ය ප්‍රකාශ කිරීමේ වරදට දෙන වන්දිය මරණය නම් , ආඩම්බරයෙන් හා නිර්භීත ලෙස එම මිල අධික වන්දිය ගෙවීමට මම ඇතුළු මගේ මිතුරන් සුදානම් ..!!විනිසුරනි ඔබේ වධකයන්ට කතා කරන්න ...!!!

" සත්‍යය සොක්‍රටීස් , ක්‍රිස්තුස් , ජියාඩිනෝ, බෘනෝ, ජෑන් හස්, ගැලිලියෝ මගින් කුරුසයේ තබා ඇණ ගැසූ මුත් , ඔවුන් තවමත් ජීවමානය,. ඔවුන් මෙන්ම සත්‍ය වෙනුවෙන් දිවි දුන් මිනිසුන්ගේ හමුදාව සුවිශාල වන අතර ඔවුන් තැනු ,මාවත විශාලය. අපිදු එමග යාමට සුදානම් ...ඔබගේ අනීතික දඬුවම වහාම අප වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න . එයට මුහුණ දෙමු. !"

පසුව නඩුවට ඉදිරිපත් වූ වීර කම්කරු නායකයින් සියල්ලම එල්ලා මරා දැමිය. මේ ඔවුන්ගේ චායාරුපයයි.

අද ලොව පුරා ජනයා පැය අටක වැඩ මුරයක් භුක්ති විඳීමට ඔගස්ටස් ස්පයිස් වැනි විරුවන් පැය 16 කට වඩා කඹුරමින් , පීඩාවිඳිමින් සිටි යුගයට එරෙහිව කැරලි ගැසීය. හේමාකට් විරුවන් ගැන දන්නා අයද නොදන්නා සේ මේ සියලු අයිතීන් භුක්ති විඳින අතර ඔවුන්ගේ දිවා විවේකයේදී එම මාවත සමච්චලයට ලක් කරන අවස්ථාවන්ද දැකිය හැක. තවකෙක් පැය අටට අමතරව වැඩ කරමින් " අතිකාල " ලබන්නේද හේමාකට් චතුරශ්‍රයේදී ලෝකයේ කම්කරු ජනතාව වෙනුවෙන් දීවී පිදු විරුවන්ගේ නාමයෙන් බව හිතාමතාම අමතක කරති. එදා චිකාගෝ නගරයේ ගලා ගිය රක්ත වර්ණ ලේ දහරින් සිතුවම් වූ ලෝහිත ධජය සියලු කම්කරුජනයා සිය දෑතට ගත යුතුය. හෙට දින අභිමානවත් මැයි දිනය සමගියෙන්, එකාමෙන් , බේධ දුරලා ධනපති ක්‍රමයට එරෙහිව ගොඩනැගෙන විකල්ප බලය බවට පත් වන්න . එම දුෂිත ක්‍රමයට තිත තැබීමට එක් වන්න..! නිර්ධන පන්තියේ සමගිය යනු ධනපති ක්‍රමයේ මලගමයි ..!

මැයි දිනය ගැන ලෙනින්

වී.අයි. ලෙනින් විසින් 1904 මැයි දිනය නිමිත්තෙන් ලියන ලද ලිපිය 

මැයි දිනය

සහෝදර කම්කරුවනි! මැයි දිනය එළඹෙමින් ඇත. සෑම රටකම කම්කරුවන් ඔවුන් පංති සවිංඥාණකත්වයට එළඹීම සමරනු ලබන, මිනිසා විසින් මිනිසා ව පාගා සිටීම සහ අනෙකාට එරෙහිව බලය යෙදීමට එරෙහිව කරනා අරගලය තුළ තම එකමුතුකම සමරනු ලබන, මිලියන ගණනක් වූ වැඩ කරන ජනතාව දුගී බවෙන්, බඩගින්නෙන් සහ නින්දාවෙන් නිදහස් කිරිමට කරනා අරගලය සමරනු ලබන දිනය එළඹෙමන් ඇත. මෙම ‍ශ්‍රේෂ්ඨ අරගලයේ දී එකිනෙකට මුහුණ ලා සිටින්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ලෝක දෙකකි. එනම් ප්‍රාග්ධනයේ ලෝකය සහ ශ්‍රමයේ ලෝකය යි, නැතිනම් සූරා කෑමේ හා වහල්බවේ ලෝකය සහ සහෝදරත්වයේ හා නිදහසේ ලෝකයයි.

එක් පැත්තක සිටින්නේ සුලුතර වූ ධනපති ලේ උරා බොන්නෝ ය. ඔව්හු කර්මාන්තශාලා හා මෝල්, උපකරණ හා යන්ත්‍ර සූත්‍ර තමන් යටකට ගෙන ඇති අතර අක්කර මිලියන ගණනක් ඉඩම් හා කඳු ගණන් සල්ලි ඔවුන්ගේ පෞද්ගලික අයිතියට හරවාගෙන ඇත.ඔවුන් ආණ්ඞුව සහ හමුදාව තම සේවකයන් බවට පත් කර ගෙන ඇත, ඔවුන් එක් රැස් කර ගන්නා ලද ධනයේ විශ්වාසවන්ත මුර බල්ලන් බවට පත් කර ගෙන ඇත.

අනෙක් පස සිටින්නේ මිලියන ගණනක් වූ නිර්ධනීන් ය. ඔවුන්ට බල කෙරී ඇත්තේ වැඩ කිරීමට අවසර ඉල්ලා පොහොසතුන් ළඟ හිඟා කෑමට ය. ඔව්හු තම ශ්‍රමයෙන් සියලූම ධනය නිර්මාණය කරති. නමුත් ඔවුන්ට සිදුව ඇත්තේ තම ජීවිත කාලය පුරාවටම පාන් කැබැල්ලක් වෙනුවෙන් අරගල කිරීමට යි. පිනට යමක් ඉල්ලනවාක් මෙන් රැකියා ඉල්ලා හිඟා කෑමට යි. ඉතා වෙහෙසකර වැඩ කිරීමට තම ශක්තිය වැය කිරීමට යි. ගම්වල මඩුවල නැතිනම් නගරවල උමං කුටිවල හෝ අට්ටාලවල බඩගින්නේ සිටීමට ය.

නමුත් අද මෙම ධනය අහිමි කරන ලද ශ්‍රම වගුරන්නන් විසින් පොහොසතුන් හා සූරා කන්නන්ට එරෙහිව යුධ ප්‍රකාශ කොට ඇත. සියලූම රටවල වැඩ කරන ජනතාව ශ්‍රමය, වැටුපේ වහල්බවෙන්, දුගීබවෙන් හා හිඟකමෙන් මුදවා නිදහස් කිරීමට සටන් කරමින් සිටී. ඔවුන් සටන් කරන්නේ පොදු ශ්‍රමය මඟsන් නිර්මාණය කරනා ධනය සුලුතර පොහොසතුන්ගේ යහපත උදෙසා නොව සියලූම වැඩ කරන ජනතාවගේ යහපත උදෙසා වන සමාජ ක්‍රමයක් වෙනුවෙනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉඩම්, කර්මාන්ත ශාලා, මෝල් සහ යන්ත්‍ර සූත්‍ර සියලූම වැඩ කරන ජනතාවගේ පොදු දේපළ බවට පත් කිරීමට ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ දුප්පත් පොහොසත් බෙදීම අහෝසි කිරීමට ය. ශ්‍රමයේ ඵලය ශ්‍රමය වෙතටම ලබා දීමට ය. එමෙන්ම මිනිස් මනසින් අත්පත් කර ගන්නා සියලූම ජයග්‍රහණ, වැඩ කරනා ක්‍රමවල දියුණු වීම් වැඩ කරන ජනතාව පීඩාවට පත් කරනු වෙනුවට ඔවුන්ගේජීවන මට්ටම දියුණු කිරීමට යොදා ගැනීමට ය.

ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර වන මෙම මහා අරගලය වෙනුවෙන් සියලූම රටවල වැඩ කරන ජනතාව විශාල කැප කිරීම් කර ඇත.වඩා යහපත් ජීවිතයකට සහ සැබෑ නිදහසට ඇති තම අයිතිය වෙනුවෙන් ඔවුන් රුධිරය ගංගා හෙලා ඇත. කම්කරුවන් වෙනුවෙන් සටන් කරන්නන්ට ආණ්ඩුව අනේක විධ වධ හිංසා පමුණූවයි. නමුත් එම සියලූ වධ හිංසා මධ්‍යයේ වුවද ලොව වටා කම්කරුවන් අතර එකමුතුබව වැඩි වෙමින් තවත් ශක්තිමත් වෙමින් පවතී. කම්කරුවන් සමාජවාදී පක්ෂ තුළ දී වඩ වඩාත් කිට්ටු වන අතර එම පක්ෂවල සාමාජිකත්වය මිලියන ගණනක් දක්වා වැඩි වී ඇති අතර පියවරෙන් පියවර ධනවාදී සූරා කන්නන් ට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් වෙත ක්‍රමයෙන් ගමන් කරමින් සිටී.

රුසියානු නිර්ධන පංතිකයා ද අලුත් ජීවිතයකට අවදි වී ඇත. ඔහු ද මෙම ශ්‍රේෂ්ඨ අරගලයට එකතු වී ඇත. වහල්බවෙන් ගැලවීමක් නොමැතිව, තම කටුක ජීවිතය තුළ බලාපොරොත්තුවේ ආලෝකයක් නොමැතිව වැඩ කරන ජනතාව යටහත් පහත් වහලුන් මෙන් වැඩ කල යුගය නිමා වී ඇත. සමාජවාදය ඔහුට එයින් ගැලවෙන මග පෙන්වා දී ඇති අතර සටන්කාමීන් දහස් ගණනින් රතු ධජය වටා රොක් වන්නේ මග පෙන්වන තරුවක් වටා රොක් වන්නාක් මෙනි. වැඩ වර්ජන කම්කරුවාට එක්සත් වීමේ ඇති බලය පෙන්වා දී ඇත, සටන් කරන්නේ කෙසේදැයි උගන්වා ඇත, සංවිධානය වූ විට ශ්‍රමය ප්‍රාග්ධනයට කෙතරම් භයානක අභියෝගයක්ද යන්න පෙන්වා දී ඇත. ධනපතීන් සහ ආණ්ඩුව යැපෙන්නේත් තර වෙන්නේත් තමන් වගුරවන ශ්‍රමයෙන් බව කම්කරුවන්ට වැටහී ඇත. එක්සත් අරගලයේ සටන්කාමිත්වයෙන් හා නිදහස හා සමාජවාදය ගැන වූ බලාපොරොත්තුවෙන් වැඩ කරන ජනතාව ප්‍රාණවත් වී ඇත. සාර්ගේ ඒකාධිපතිවාදය කොතරම් අඳුරු හා බිහිසුණු බලවේගයක් ද යන්න කම්කරුවන්ට අවබෝධ වී ඇත. තම අරගලය සඳහා කම්කරුවන්ට නිදහස අවශ්‍යය ය. නමුත් සාර්වාදී ආණ්ඩුව ඔවුන්ගේ අත පය බැඳ දමා තිබේ. කම්කරුවන්ට රැස් වීමේ නිදහස ඕනෑ වේ, සංවිධානය වීමේ නිදහස ඕනෑ වේ, පුවත් පත් හා පොත් මුද්‍රණය කිරීමේ නිදහස ඕනෑ වේ නමුත් සාර්වාදී ආණ්ඩුව නිදහස වෙනුවෙන් කරනා අරගල කසය, සිරගෙදර හා බයිනෙත්තුව මඟින් මර්දනය කරයි.“ ඒකාධිපතිත්වය භංග වේවා! ” යන සටන් පාඨය රුසියාව පුරා පැතිරී ගොස් ඇති අතර එය වීදිවල සහ කම්කරුවන්ගේ මහජන රැස්වීම්වල නිතර කියවෙන්නක් බවට පත් වි ඇත. පසු ගිය ගිම්හාන කාලයේ දී දකුණු රුසියාවේ දහස් ගණනක් කම්කරුවෝ වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් සහ පොලිසියේ ප්‍රජා පීඩනයට එරෙහිව සටන් කිරීමට නැගී සිටියහ. භයානක කම්කරු හමුදාව දුටු ධනේශ්වරය සහ ආණ්ඩුව බියෙන් තැති ගත්තේය. එය විශාල නගර තුළ වූ කාර්මික ජීවිතය එක වරම නිශ්චල කළේය. කම්කරුවන් වෙනුවෙන් සටන් වැදි දුසිම් ගණන් සටන්කරුවන් අභ්‍යන්තර සතුරාට එරෙහිව සාර්වාදී හමුදා විසින් එවන ලද උණ්ඩවලට බිලි වූයේය. 

නමුත් මෙම අභ්‍යන්තර සතුරාව පරාජය කිරීමට සමත් බලවේගයක් නොමැත. මක් නිසාද යත් පාලක පංතිය සහ ආණ්ඩුව පවතින්නේ ඔවුන්ගේ ශ්‍රමය නිසාවෙන් බැවිනි. දිනෙන් දින තම පංති සවිඥාණකත්වය වර්ධනය කර ගන්නා, වඩ වඩාත් එකමුතු වන, වඩ වඩාත් සංවිධානාත්මක වන මිලියන ගණනක් කම්නරුවන් මැඩලීමට සමත් බලවේගයක් මේ මිහිපිට නොවේ. කම්කරුවන් විඳ දරා ගන්නා සෑම පරාජයක්ම එහි සාමාජිකත්වය තුළට අලුත් සටන්කරුවන් එකතු කරයි. අලුත් ජීවිතයක් වෙත මහජනතාවව අවදි කරවයි. අලුත් අරගල වලට ඔවුන්ව සූදානම් කරවයි. 

රුසියාව මේ වන විට පසු කරමින් සිටිනා සිද්ධිවලට අනුව කිව හැක්කේ මහජනතාවගේ එම නැගිටීම මීටත් වඩා ශීඝ්‍ර සහ පැතිරුණු ස්වභාවයක් ගනු ඇති බව වන අතර අප සියලු ධෛර්ය යොදවා නිර්ධන පංතියේ පහළ සාමාජිකත්වය එකමුතු කිරීමටත් වඩාත් අධිෂ්ඨානශීලි අරගලයකට ඔවුන්ව සූදානම් කිරීමටත් වෙහෙස විය යුතු වේ. නිර්ධන පංතියේ ඉතාමත් ප්‍රතිගාමී කොටස් තුළ පවා යුද්ධය හේතු කොට ගෙන දේශපාලනික ගැටලු පිළිබඳ ව උනන්දුවක් ඇති වී ඇත. ඒකාධිපති පාලනයේ අසීමාන්තික කුණු වීම හා රුසියාව පාලනය කරනා පොලිස් උසාවි කල්ලියේ අසීමාන්තික සාපරාධීභාවය යුද්ධය මඟින් වඩාත් පැහැදිලිව හා විචිත්‍රව පෙන්වා දෙනු ලැබේ.අපේ ජනතාව රට තුළ වූ හිඟකම සහ බඩගින්න නිසාවෙන් මිය යමින් සිටියි. එනමුත් ගව් ගණන් දුරින් පිහිටි වෙනත් ජාතීන් වාසය කරන්නා වූ විදේශික දේශයන් යටපත් කිරීම සඳහා වූ විනාශකාරී, නිරර්ථක යුද්ධවලට ඔවුන්ව ඇද දමා ඇත. අපේ ජනතාව දේශපාලන වහල් බවින් මිරිකී සිටියි. එනමුත් අනෙක් ජනතාවක් වහලුන් කිරීම සඳහා වූ යුද්ධයකට ඔවුන්ව ඇද දමා ඇත. අපේ ජනතාව ඉල්ලා සිටියේ රට තුළ දේශපාලන සැකැස්මේ වෙනසකි. ලෝකයේ අනෙක් පස සිදු වන්නා වූ තුවක්කු ගිගිරුමෙන් උත්සහා කරන ලද්දේ ඔවුන්ගේ අවධානය වෙනතකට හැරවීමට ය. නමුත් සාර්වාදී ආණ්ඩුව තම සූදුව දුර දිග ගෙන ගියා වැඩිය, ජාතියේ ධනය සහ පැසිෆික් හි මැරෙන්නට යැවූ තරුණ ජීවිත සාපරාධී ලෙස නාස්ති කිරීමේ සූදුව දුර දිග ගෙන ගියා වැඩිය. සෑම යුද්ධයක්ම ජනතාව පීඩාවට පත් කරනා අතර ශිෂ්ට හා නිදහස් වූ ජපන් ජාතිකයින්ට එරෙහි දුෂ්කර යුද්ධය රුසියාව මත ඇති කරන්නේ දරුණු පීඩනයකි. මෙම පීඩාව පැමිණෙන්නේ නැගිටින නිර්ධන පංතිය හමුවේ පොලිස් ඒකාධිපතිත්වයේ ව්‍යුහය දුර්වල වන්නට පටන් ගෙන ඇති කාලයක ය. යුද්ධය ආණ්ඩුවේ සියලූම දුර්වලතා නිරුවත් කරමින් ඇත. යුද්ධය සියලූම ව්‍යාජ වෙස් වලා ගැනීම් ඉරා දමමින් ඇත. යුද්ධය සියලූම අභ්‍යන්තර කුණු වීම් හෙළි කරමින් ඇත. යුද්ධය සාර්වාදී ඒකාධිපතිත්වයේ සාහසික බව සැමට පසක් කර දෙමින් ඇති අතර පැරණි රුසියාවේ, එනම් ඡන්ද බලයක් රහිත, නොදැනුවත්, භය ගන්වන ලද ජනතාවක් වෙසෙනා රුසියාවේ, තවමත් පොලිස් රාජ්‍යයේ ස්වයං වහල් බව තුළ සිර වී ඇති රුසියාවේ මාරාන්තික පීඩාව සැමට ප්‍රදර්ශනය කරමින් ඇත.

පැරණි රුසියාව මියැදෙමින් සිටියි. එහි තැන ගැනීමට අලුත් රුසියාවක් පැමිණෙමින් ඇත. සාර්වාදී ඒකාධිපතිත්වය ආරක්ෂා කල අඳුරු බලවේග කඩා වැටෙමින් ඇත. නමුත් එයට මරණීය ප්‍රහාරය එල්ල කල හැක්කේ පංතිය පිළිබඳ සවිඥාණික හා සංවිධිත නිර්ධන පංතියට පමණි. ජනතාවට ව්‍යාජයක් නොවන සැබෑ නිදහස දිනා දිය හැක්කේ පංතිය පිළිබඳ සවිඥාණික හා සංවිධිත නිර්ධන පංතියට පමණි. ජනතාව රැවටීමට, ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට, ඔවුන්ව ධනේශ්වරයේ උපකරණ බවට පත් කර ගැනීමට දරනා සෑම උත්සහයක්ම නිෂ්ප්‍රභ කල හැක්කේ පංතිය පිළිබඳ සවිඥාණික හා සංවිධිත නිර්ධන පංතියට පමණි.

සහෝදර කම්කරුවනි! දෙගුණ වූ ජවයකින් යුතුව එළඹෙමින් ඇති තීරණාත්මක සටනට අපි සූදානම් වෙමු! සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිර්ධනීන්ගෙන් යුත් සාමාජිකත්වය අන් කවරදාටත් වඩා දැඩිව එක්සත් කරමු! ඔවුන්ගේ පණිවිඩය අන් කවරදාටත් වඩා දුරකට පතුරවමු!වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වූ අරගලය අන් කවරදාටත් වඩා නිර්භයව ඉදිරියට ගෙන යමු! මැයි දින සැමරුම අපගේ අරගලය ට දහස් ගණනින් නව සටන්කරුවන් දිනා දෙතැයි ද සියලූම ජනතාවගේ නිදහස උදෙසා වූ, ප්‍රාග්ධනයේ දාසබාවයෙන් සියලූම වැඩ කරන ජනතාවට විමුක්තිය දිනා දෙන්නා වූ අපගේ ශ්‍රේෂ්ඨ අරගල යේ බලවේගයන් පුළුල් කරනු ඇතැයි ද අපි ප්‍රාර්ථනා කරමු!

පැය අටේ වැඩ දිනය දිගු කල් දිනේවා!
ජාත්‍යන්තර විප්ලවීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය දිගු කල් දිනේවා!
සාපරාධී, කොල්ලකාරී සාර්වාදී ඒකාධිපතිත්වය භංග වේවා!

වී. අයි. ලෙනින්, අප්‍රේල් 1904

කලාවට අනාගත පැවැත්මක් තිබේද?

විමුක්ති ජයසුන්දර ගේ නවතම කෙටි ච්ත්‍රපටිය වන හුස්ම වැටෙන ඇති කහපාට අරඹයා රාජගිරිය ට්‍රයිකෝන් කලා කේන්ද්‍රදී දීප්ති කුමාර ගුණරත්න විසින් පවත්වන ලද දේශණය ඔබට පහතින් සවන් දිය හැක.

බොබ් මාලේ මගහැරියේ කෙසේද?

Bob Marley
අප්‍රිකාවෙන් සොරකම් කොට
ඇමරිකාවට ගෙනා
මී හරක්‌ සොල්දාදුවා
ආ දා සිට සටනේ
මරන්නට නොව නොමැරී ඉන්නට

දනී නම් අයෙකු තම ඉතිහාසය
දැන සිටියි ඔහු තමන් පැමිණියේ කොහෙන් ද කියා
එවැන්නෙක්‌ කිසි දිනක නොකියයි
මා දන්නේ නෑ මා කවුද යෑයි

ඒ වෙනුවට ඔහු කියයි මෙසේ
මං ඇමරිකාවේ සිටින
නිකම්ම මී හරක්‌ සොල්දාදුවෙක්‌
අප්‍රිකාවෙන් හොරකම් කරගෙන
ඇමරිකාවට අරං ආ
මී හරක්‌ සොල්දාදුවෙක්‌
මං සටන් කරන්නේ මරන්නට නොව
නොමැරී ඉන්නටයි
මගේ රටවත් ජාතියවත් වෙනුවෙන්වත් නොව
සුද්දන්ට ජය ලබාදෙන්නයි
මං මී හරක්‌ සොල්දාදුවෙක්‌

මේ බෆලෝ සෝල්ජර් නම් සුප්‍රසිද්ධ ගීතයේ අර්ථයයි. ඇමරිකාවේ ස්‌වදේශිකයන්ට එරෙහිව සටන් කිරීම සඳහා අප්‍රිකාවේ සිට සුද්දන් විසින් ඇමරිකාවට පැහැරගෙන විත් සාදන ලද බෆලෝ සෝල්ඡ්ර්ස්‌ නමින් හඳුන්වන ලද සේනාංකයේ සෙබළුන් පිළිබඳව ගැයෙන මේ ගීතය අසා නැති කෙනෙක්‌ ලොව නැති තරම්ය. මේ ගීතයේ ගැබ් වන්නේ බටහිර සංගීතයේ රිද්මය නොවේ. වර්ෂ දහස්‌ ගණනක්‌ පුරා ඉමක්‌ කොනක්‌ නැති වන පෙතේ නිදැල්ලේ සැරිසැරූ අප්‍රිකානු ආත්මයේ රිද්මයයි. ගහකොළ සතා සීපාවා සමග දුක සතුට බෙදා ගත් කලු අප්‍රිකානු රිද්මයයි. එපමණක්‌ නොව එහි ගැබ්වන්නේ සුද්දන්ගේ කුරිරු උවමනාවන්හි ගොදුරක්‌ වූ අහිංසක අප්‍රිකානු අධ්‍යාත්මයන් වෙතින් නැඟෙන විලාපයයි. සුද්දන්ගේ කෲර සංස්‌කෘතියට එරෙහිව ජීවිතයට ආදරය කරන අප්‍රිකානු සංස්‌කෘතියේ විරෝධයයි.වර්ෂ පන්සීයක්‌ පමණ පුරා සුද්දන් විසින් මවා පාන ලද ව්‍යාජ ශිෂ්ටාචාරය එකම ගීතයකින් දෙපලු කළ ඔහු බොබ් මාලේය. ෂේක්‌ස්‌පීරියානු සම්භාව්‍ය සලු පිළි වලින් වසං කරන ලද, හාඩ් එලියට්‌ ගතේ සාත්‍රේ සම්භාව්‍ය පුස්‌තකවලින් මුවා කරන ලද ගොරහැඬි සුදු ආත්මයේ නිරුවත එකම ගීතයක්‌ මගින් හෙළිදරව් කළ ඔහු බොබ් මාලේය. ව

අපේ රටේ ඇතැම් නාගරික තරුණයන් බොබ් මාලේගෙන් ගෙන ඇත්තේ ඔහු සුද්දන්ගේ ශිෂ්ටාචාරයට විරුද්ධව ගෙන ගිය, එයට එරෙහිව කළ අරගලය නොව , ගංජා සුරුට්‌ටුව පමණකි. . බොබ් මාලේගේ ගීත අසන ගයන අය විසින් ම බොබ් මාලේ පාවා දී ඇත්තේ එසේය. බොබ් මාලේගේ සුදු අධිරාජ්‍ය විරෝධී අරගලය ලංකාව තුළ දී බටහිර ගැති සංස්‌කෘතියේ කොටසක්‌ බවට පත්ව ඇත්තේ එසේය. එබැවින් ඔහු ගැන නිවැරදි තක්සේරුවකට පැමිණෙන්න ! ලෝකයේ ජනතාවාදී කලාකරුවන් අතරින් බොබ් ට හිමිවන්නේ අද්විතීය තැනකි. ඔහු තරම් අව්‍යාජ කලාකරුවෙක් මා මෙතෙක් දැක නැත.

බොබ් මාලේ ස්‌වකීය එක්‌ ගීතයක මෙසේ කියයි.....

"ඔබේ මානසික වහල් භාවයෙන් අත් මිදෙන්න කාලය ඇවිත්

අපේ සිත් නිදහස්‌ කරගැනීමට අපටම හැර වෙන කිසිවෙකුට නොහැක"

බොබ් මාලේ අපට කියන්නේ කුමක්දැයි ඔබ නිවැරදි නිගමනයට එන්න ? මාලේගේ තවත් ගීතයක කොටසකින් මේ සටහන අවසන් කරමි.

"වෙඩි උණ්‌ඩයකට නතර කළ නොහැක අප

අපි බෑගෑපත් නොවෙ හිස පාත් නොකරමු

අපව මිලට ගැනීමටවත් විකිණීමටවත් නොහැක

ඔබේ ජීවිතය රත්තරන්වලට වඩා වටිනාකමින් බොහෝ ඉහළය"

අනුර - සජිත් විවේචන වලට මෙතරම් බය ඇයි?

'ලක්බිම' කර්තෘ සමන් වගාරච්චි තමාටත්, තම සොයුරියටත් දිගින් දිගටම පහර ගසමින් වාර්තා පලකරන බැවින් ඔහුව රැකියාවෙන් ඉවත් කරන්නයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස , සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ගෙන් අයැද ඇතැයි ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

සමන් වගආරච්චි ඉවත් කරන ලෙසට බලපෑම් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සොයුරිය දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ඊයේ (29) සුමති පුවත්පත් ප්‍රකාශන සමාගමේ අයිතිකරුවකු වන තිලංග සුමතිපාල හමුවීම සඳහා ඔහුගේ නිවසට ම ගොස් ඇත.

'ලක්බිම' පුවත්පතට නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න රචනා කරන කොළම නවත්වා දමන්නැයි ද සජිත් ප්‍රේමදාස එහිදී ඉල්ලීමක් කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සොයුරිය මෙසේ එකවරම කලබලයට පත්ව ඇත්තේ, ''පොදු අපේක්ෂකයා සහ ජුදාස්ගේ හඬ'' යන ශීර්ෂයෙන් යුතුව ලක්බිම පුවත්පතට සපයා ඇති කොලම සම්බන්ධයෙනි.

තමන්ගේ නායකත්ව පෞර්ෂ්‍යය මාධ්‍ය හරහා ව්‍යාජව ගොඩ නඟන ලද්දක් බව දන්නා ඕනෑම දේශපාලන නායකයෙක් තමන්ව හෝ තමන්ගේ දේශපාලනය විවේචනය කරන පුවතක් දු‍ටු ගමන් ඇද වැටීම සාමාන්‍ය දෙයකි. මෙය සජිත් වගේ පුස් නාම්බන්ට තිබෙන බරපතල මානසික රෝගයකි. මෙවැනිම රෝගයකින් පෙලෙන තවත් දේශපාලන නායකයකු ලෙස හැඳින්විය හැකි කෙනෙකු සිටී. ඒ මේ වන විට කිලී මහරාජාට විකුණා දමා තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර මැතිඳුන්ය. දෙදෙනාගෙම තිබෙන අනෙක් සමාන කම මහරාජාගේ ඔඩොක්කු කුක්කන් වීමය.(මේ වන විට මේ ඩබල් ගේම් පුස්සන්ව නායකයන් ලෙස පුම්බා ඇත්තේ කිලී මහරාජා හා ටිරාන් අලස් විසින්ය)

මීට මාස කිහිපයකට පෙර වෙබ් අඩවි කිහිපයක අනුර පක්ෂ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් පළ කර තිබු විවෙචනාත්මක ලිපි ගනනාවක් ඒ වෙබ් අඩවි හිමිකරුවන්ට තර්ජනය කොට ගලවා දැමීමට ඔහු කටයුතු කළේය. එම වෙබ් අඩවි කතුවරුන්ව ඉවත්කරන ලෙසද බලපැම් එල්ල කර තිබුණු බව එම කතුවරුන් විසින් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වල සටහන් කරද තිබුණි. කාලයක් ජවිපෙ වෙනුවෙන් මුදල් වැය කළ තිලංගගේ ලක්බිම පුවත් පතටද අනුර එවැනි තර්ජනයක් සිදු කර තිබුණි. 

සමන් වගාරච්චිගේ කොන්ද ගැන අපි පසුගියදා එල්ල කළ විවේචනයද සමහර වෙබ් කතුවරුන්ට දරා ගත නොහැකිවීමද මේ රෝග ලක්ෂණයේම කොටසකි. අදවන තුරු අප එල්ල කළ විවේචනයට පිළිතුරු නැති මුත් අප මෙම සිද්ධියේදී ද කියන්නේ ගෝටාගේ ගැනිගේ පින්තූරයට කැප්ෂන් එකක් දැමූ උපකතෘවරයා ආයතනයෙන් පන්නා දැමු ලෙස සමන් වගාරච්චිව ආයතනයෙන් පන්නා දැමිමට තිලංග සුමතිපාල සැරසෙන්නේ නම් ඊට අපේ විරෝධය පළ කරන බවය.( මෙහිදී අවධාරණය කළ යුතු දෙයක් නම් ලක්බිමෙන් පන්නා දැමු උප කතෘවරයා වෙනුවෙන් කිසිදු මාධ්‍ය සංවිධානයක් වචනයක්වත් කතා නොකළ බවය. එමෙන්ම එම ක්‍රියා මාර්ගය් නිවැරදි බව ඇඟවෙන මාධ්‍ය නිවේදනයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කළේය)

Tuesday, April 29, 2014

සජිත්, මැරිච්ච තාත්තා රාජපක්ෂලාට වික්කාද?

සජිත් එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයකු ගැන කතා කර තිබිණ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් රට වටේ ගොස් ඔහු ජයග්‍රහණය කරවන බව සජිත් කියා තිබිණ. 2012 සම්මේලනය අමතා සජිත් කළ කතාවද මෙයමය.

එදා මෙදා අතරතුර සජිත් මාධ්‍ය හරහා මෙන්ම මාතරදී ගුටි කෑ පා ගමන සංවිධානය කර රනිල්ට දිනන්න බැරිය කීය. එසේම නායකත්ව මණ්ඩලය පිහිටුවූ පසුව සජිත් කරු ජයසූරිය අරභයාද මේ කතාවම කිහිප තැනක කියා තිබිණ. සජිත්ගේ මේ නොගැළපෙන පරස්පර කතා තුළ ඇත්තේ කයිවාරු සහ උපන් ගෙහි කුහකකම පමණකි. ඒ නිසා එ.ජා.ප.යේ කිසිවකු මේවා ගණන් නොගනි. ඊට හේතු දෙකකි. පළමුවැන්න සජිත් ප්‍රේමදාස යනු කිසි ගැඹුරක් නැති දේශපාලන කවටයකු නිසාය. දෙවැන්න ඔහු කවදාවත් තම ශක්තිය වෙනත් කිසිවකුගේ ජයග්‍රහණය පිණිස කැප නොකරන නිසාය. එපමණක් නොවේ සජිත් හම්බන්තොට පුණ්‍යාධාර හරහා ජනතාව එකතු කරනු මිස එ.ජා.ප.ය ව්‍යාප්ත කරන්නේ නැත. ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න එ.ජා.ප.යෙන් විසිවුණේ සජිත් නායකයා කරන්නට යාම නිසාය. සජිත් නැවත රනිල් විධායක ජනාධිපති කරනවා කීම තුළ ශිරාල් මෛත්‍රී දෙදෙනාගේ කැපවීම් කෙහෙල්වත්තේ පඩික්කම් කට ඔළුවේ හැලුවා වගේ වී හමාරය.

මෙවර පළාත් සභා මැතිවරණයට ශිරාල් සහ මෛත්‍රී එ.ජා.ප. නාම යෝජනා අපේක්ෂා කළහ. එහෙත් සජිත් ප්‍රේමදාස ඔවුන් දෙදෙනා වෙනුවෙන් පක්ෂය තුළ පෙනී සිටියේ නැත. එ.ජා.ප. ආරංචි මාර්ග අනුව සජිත් ඉල්ලීමක් කළා නම් ඔවුන්ට යම් සාධාරණයක් ඉටු වෙන්න ඉඩ තිබිණ. එදා මගහැර ගිය සජිත් ප්‍රේමදාස ...ඉල්ලීමක් කළා නම් ඔවුන්ට යම් සාධාරණයක් ඉටුවෙන්න ඉඩ තිබිණ. එදා මඟහැර ගිය සජිත් ප්‍රේමදාස කීවේ ශිරාල් මෛත්‍රී දෙදෙනාට නාම යෝජනා නොදීමෙන් එ.ජා.ප.ය තම කකුලෙන් ඇද්ද බවය. එහෙත් මේ දෙදෙනා හම්බන්තොටින් නාම යෝජනා ඉල්ලා තිබුණේ නැත. මේ කකුලෙන් ඇදීමේ කතාවට කන පුපුරණ උත්තරයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ම සජිත්ට ලැබිණ. ඒ මෛත්‍රී ගුණරත්නගේ ගාල්ලේ තේ කෝප්ප සටන හෙළිවීමය. ඒ කතාව ඇසූ සජිත් කීවේ තමන් එවැනි තත්ත්වයක් දැන නොසිටි බවය. එසේ කළා නම් එය මෛත්‍රී ගුණරත්න පක්ෂයට ද්‍රෝහි වී ඇති බවය. එහෙත් සජිත්ගේ හවුල්කාර නාලිකා ගාල්ලේ කෝප්පයට නොමි‍ලේ ප්‍රචාරය ලබා දුන්නේ සජිත්ගේ ඉල්ලීමට නොවේද? සජිත් ගාල්ලේ කෝප්පය මෛත්‍රීගේ ඔළුවේම ගසා පාවා දෙන්නෙකු මිත්‍ර ද්‍රෝහියකු විය. සජිත් දිනවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශිරාල්, මෛත්‍රී දෙදෙනාට කුමක් කරනු ඇද්ද? සජිත් මේ හදන්නේ තව වරක් රනිල් පරදවා පක්ෂය උදුරා ගන්නටය. තම වාසියට මෙසේ හැසිරෙන නිසා සජිත් කරන කතා පෙළ ගස්වන විට ඔහුගේ සිහි බුද්ධිය ගැන ප්‍රශ්න මතුවේ.

එහෙත් මේ අලුත් ජනාධිපති අපේක්ෂක කතාව සජිත් අසිහියෙන් කළ එකක් නොවේ. එය ආණ්ඩුවේ පිල්ලියකි. ඒ කතාවෙන් බරපතළ කුමන්ත්‍රණයක් හෙළි දකී. එ.ජා.ප.ය මතු නොව රටේ සිවිල් සංවිධාන පවා ‍පොදු අපේක්ෂකයකු ගැන කතා කරමින් සිටී. සජිත් මේ කරන්නේ දැන දැන ඒ වෑයම අතරමං කිරීමය. මේ හෙළිවන්නේ දුලංජලි බේරා හැරියාට, සරත් ෆොන්සේකා හම්බන්තොටින් එලවා දැමුවාට කරන කෘතගුණ සැලකීමය. ‍පොදු අපේක්ෂකයා යනු මහින්දට දුෂ්කර අභියෝගයකි. ඒ හරහා ලංකා දේශපාලනය උඩු යටිකුරු කළ හැකි බව සජිත් දනී. එහෙත් තවම විපක්ෂයේ සිටින සජිත් ඒ ජයග්‍රහණය අඩපණ කරන්නට වලිකනු පෙනේ.

මතෛක් සජිත් කරමින් සිටියේ එ.ජා.ප.ය බේද කරවන ව්‍යාපෘතියකි. රනිල් ආණ්ඩුවට කඩේ යන බවද කරු පාවා දුන් බවද කියමින් සජිත් යන යන තැන කෑගසයි. සජිත් නායකත්ව මණ්ඩලය ක‍පෝති කිරීමට උගුල් අටවයි. ඊට අවශ්‍ය ගෙවීම් සහ ප්‍රසිද්ධිය ලබා දෙන්නේ ආණ්ඩුව මෙහෙයවන ප්‍රසිද්ධ චරිත කිහිපයකි. 2005 ජනාධිපති ඡන්දයේදී ප්‍රභාකරන් ලවා උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද අයිතියට වින කැට්ට කොන්ත්‍රාත්කාරයා ඉන් එකෙකි. 2005දී එ.ජා.ප.ය සමග රනිල් පැරදුණේ දකුණේ ඡන්ද නැතිව නොවේ. මහින්ද විරෝධී උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ප්‍රභාකරන් ලවා නතර කරවීමෙනි. ප්‍රභාකරන් එහෙම කළේ සල්ලි කුට්ටියකට මිස ඊළම තහවුරු කරන්නට නොවේ. ඒ නිසා එ.ජා.ප.ය පැරදුනි. එය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කළ කුමන්ත්‍රණයකි. සරත් ෆොන්සේකා 2012 මැයි 30 හෝ 31 දින උසාවි තීන්දුවකින් නිදහස් වී ගෙදර එන්න නියමිතව සිටියේය. එහෙත් මැයි 21 වෙනිදා සරත් ෆොන්සේකාගේ දෑත් බැඳ ගෝනියක දමා ගැට ගසා ගෙදර එව්වේ කවුද? එහි ප්‍රතිඵලය ලෙස තවමත් සරත් ෆොන්සේකාගේ විලංගු ගැලවී නැත.

ආණ්ඩුව වෙනුවෙන් සජිත් මෙහෙයවන්නේද අර හස්තය විසිනි. අරමුණ සජිත් ලවා විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා ක‍පෝති කිරීමය. ඒ සඳහා කෙරෙන සාකච්ඡා බකල් කිරීමය. සජිත් රනිල් වික්‍රමසිංහට නැවත ජනාධිපති හීන පෙන්වමින් සිටියි. හෝ තමන් එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව කියයි. මේ හරහා සජිත් ‍පොදු අපේක්ෂකයකු වෙනුවෙන් කැපවී සිටින නායකත්ව මණ්ඩලය හා රනිල් අතර ආරවුලක් අපේක්ෂා කරයි. එසේම එ.ජා. පක්ෂ හා ‍පොදු විපක්ෂය අතර විරසකයක් හැදීමද සජිත් භාරගෙන සිටී. සජිත් පසුපස යන තලතාලා අලුවිහාරේලා බාකිර් මාකර්ලා මේ සැලැස්මට එකඟය. ඔවුන් ඒ වෙනුවෙන් පක්ෂයට එරෙහිව දිගටම කැරලි ගසමින් පෙරහර කරනු ඇත. සජිත්ගේ මේ ගුලිය රාජපක්ෂලා තවත් මුදලාලිලා කිහිප දෙනකු හරහා වෙනම රනිල්ට ගිල්ලවීමේ සැලසුම් කර ඇත. සජිත්ගේ බෙල්‍ලේ බැඳි මේ ලණුව අල්ලාගෙන සිටින්නේ සරත් ෆොන්සේකා පාවාදුන් ජුදාස්මය. මේ උත්සහය එ.ජා.ප.ය ගෝනියක දමා කට බැඳ මහින්ද රාජපක්ෂට විකිණීමටය. මේ කොන්ත්‍රාත්තුවක් නොවේ හුවමාරුවකි. කෘතගුණ සැලකීමකි. සජිත් ප්‍රේමදාස බෙදන සල්ලි කාගේදැයි ආණ්ඩුව නොවිමසීම වෙනුවෙනි. දුලාංජලී ප්‍රේමදාසගේ හොර සල්ලි සෝලිය එක් පැයකින් යට ගැසීම වෙනුවෙනි. ප්‍රේමදාස පවුල කෙරෙහි දැන් රාජපක්ෂලා මහා කරුණාව දක්වති. දේශපාලන සෙල්ලමෙන් පරාද වී සිටින රාජපක්ෂලාට විපක්ෂය දිය කිරීම හැර වෙන යමක් ඉතිරිව නැත. අර ජුදාස් ලවා කරවන්නේ ඒ මහා මෙහෙයුමය. හේතුව මෙවර ජිනීවා නාඩගම හෝ විදුලි පුටුව 2005 ගුණ්ඩුව තරමට වැඩ නොකළ නිසාය.


එපමණක් නොවේ ජනාධිපති මන්දිරය තුළ වසර සිය ගණනක් පුරා එකතු වූ පෞරාණික භාණ්ඩ එකී වට්ටෝරු ‍පොත්වල දැන් නැත. එකී පෞරාණික භාණ්ඩ අස්ථාන ගතවී ඇත්තේ 1988-1993 කාලයේය. දැන් ඒවා තිබූ තැන්වල නැත. එකී භාණ්ඩ සොරකම් කර ඇති බව ලංකාවම දන්නා රහසකි. ඒ අතරට ඓතිහාසික මුල්කිරිගල විහාර බිතු සිතුවම සොරකම් කොට විකිණීමද අයත්ය. ඒ චිත්‍රය රාජපක්ෂවරුන්ට අතිශයින් සංවේදී එකකි. ඒ චිත්‍රයේ සත්‍ය පිටපත ජයකොඩි කෙනෙකු විසින් වෙන්දේසියකදී සුද්දෙකුට විකුණා ඇත. අද ජනාධිපති මන්දිරයේ ඇත්තේ වංචනිකව සැකසූ ව්‍යාජ අනු රුවකි. එය මේ වනවිට එය මිලට ගත් සුද්දාගෙන් කටඋත්තරයක්ද ලබාගෙන අවසන්ය. ඒ විකිණීමට අදාළ රිසිට්පතේ සහතික පිටපත පවා බලධාරීන් අත පවතී. එවැනි තවත් කෞතුක භාණ්ඩ 18ක් අස්ථානගතවීම පිළිබඳ පැමිණිලි සහ විමර්ශන වාර්තා ‍පොලීසිය සතුව ඇත. මේ සකල හොරකම් වංචා ආණ්ඩුවේ සේප්පුවක දමා වසා ඇත. ඒ කෞතුක භාණ්ඩ සොරකම් එළියට ඇද ගන්නා වෙලාව තවම පැමිණ නැත. ඒවා යටපත් කර ඇත්තේ අර හොර සල්ලි ජාවාරම වැහුවා වාගේය. ඒ ඇයි? එ.ජා.ප.ය විනාශ කිරීමට සිරිකොතට වරින්වර යවන සුනඛ පිල්ලි වියරු වට්ටවන්නේත් බය කරන්නේත් ඒ සොරාගත් කෞතුක භාණ්ඩ වර්තා පෙන්වලාය. ඒ තොගයට එකතු වූ අලුත්ම මිනී අළු ගොට්ට අර හොර සල්ලි ජරමරයයි. සජිත් යූ.ඇන්.පී.යේ සිටිනා තාක් අලියා දිනන්නට බැරිය. මේ අවාසිදායක ‍ලේඛන හරහා ආණ්ඩුව ප්‍රේමදාසලා ලවා එ.ජා.ප.යට වින කටිති. රටේ ජන මතය අවුල් කරති.

2005 ජනාධිපති මැතිවරණය මහින්ද රාජපක්ෂගේ ආරම්භයයි. ඒ රනිල්ගේ දෙවන පරාජයයි. රනිල් 2001දී එ.ජා.ප.ය සමග ඡන්ද 4086026ක් ලැබිය. රනිල් 2004දී එ.ජා.ප.ය සමග ඡන්ද 3504200ක් ලැබිය. 2005දී රනිල් එ.ජා.ප.ය සමග එක් වසරක් තුළ වැඩි ඡන්ද දොළොස් ලක්ෂ දෙදහස් එකසිය දාසයක් ලබාගත්තේය. හෙවත් 2005දී එ.ජා.ප. ඡන්ද ප්‍රමාණය 4706366 දක්වා ඉහළ ගියේය. එදා එ.ජා.ප.යේ රනිල්ට වඩා මහින්ද රාජපක්ෂ ලබා ගත්තේ වැඩි ඡන්ද එක් ලක්ෂ අසූ දහස් හත්සිය අසූ හයකි. එදා මහින්ද දිනුවේ සර්ව ජන ඡන්ද බලයෙන් නොවේ. ප්‍රභාකරන්ගේ තුවක්කුවේ පිහිටෙනි. අර ජුදාස්ගේ මැදිහත් වීමෙනි. එදා එ.ජා.ප.ය සහ රනිල් පැරදුනේ මහින්දට නොවේ. ප්‍රභාකරන්ටය. ඒ අර ජුදාස් අද සජිත් මෙහෙයවන අතෙන් ප්‍රභාකරන් මෙහෙයවූ නිසාය. හෙවත් උතුරේ නැගෙනහිර ඡන්ද වැළකූ බැවිනි. ඉන්පසුව රාජපක්ෂවරු හැම මැතිවරණයකටම එක එක තුරුම්පු ගැට ගසා වාසි ලැබූහ. එහෙත් මෙවර ජිනීවා විදුලි පුටු ඡන්ද තුරුම්පු වැඩ කළේ නැත. ඒ වෙන එකක් නිසා නොවේ බල සම්පන්න විසකුරු නාගයන්ද කල්යාමේදී පුරුක් හැලී චුතවී යන න්‍යායට අනුවය. මේ සිද්ධ වන්නේ එයයි.

ආණ්ඩුවේ මේ තුරුම්පු කෙළියට ප්‍රත්‍යක්ෂ ඖෂධය ‍පොදු විපක්ෂයක එකමුතුවය. එය දැන් රටම තේරුම් ගෙන සිටිති. රාජපක්ෂලා ළඟ ඉතිරිව ඇත්තේ එකම ඡන්ද තුරුම්පුවද ඒ ‍පොදු විපක්ෂය දියකරගෙන හැරීමය. ‍පොදු අපේක්ෂකයා විනාශ කිරීමය. එ.ජා.ප.ය අඩපණ කිරීමය. ආණ්ඩුව ඒ සඳහා දැන් අර ජුදාස් හරහා සජිත් ප්‍රේමදාස මෙහෙයවමින් සිටිති. පන්දමක් අතින් ගත් සජිත්ගේ පින්තූරය ඒ ව්‍යාපාරයේ නිල ලාංඡනය වන්නේය. එහි අර්ථය හනුමා නැවත පන්දම ගෙන පැමිණ සිටී යන්නය. රනිල්ට දිනන්න බැරි නිසා පලයන් කී සජිත් දැන් රනිල් ජනාධිපති කරවන්න කතා කරන්නේ අසිහියෙන් නොවේ. සජිත් සහ දුලාංජලී රකින ආණ්ඩුවට වන්දි ගෙවීමටය.

සජිත්ගේ මේ ඉසව්වේදී රනිල්ට සදා වෛර කරන ශිරාල් මෛත්‍රී දෙදෙනා කුමක් කරයිද? රන්ජිත් මද්දුම බණ්ඩාරලා තලතා අතුකෝරාළලා කෙසේ ප්‍රතික්‍රියා දක්වාවිද? අළුවිහාරේලාත් සජිත්ලා මෙන් පියා නැති පවුලකි. ඒ නිසා කරන දේ සිතාගත හැකිය. එහෙත් මෙහි නම් නොකියවුන සජිත් සමග සිටින කවුරු කවුරුත් තමන් සිටින්නේ කා සමගදැයි සොයා බැලුවාට පාඩු නැත. දුලාංජලීගේ හොර සල්ලි සෝලිය සෙල්ලමක් නොවේ. සජිත් රටේ පන්සල්වලට බෙදන පනස් දාහ දෙන්නේ ප්‍රේමදාස යුගයේ බස් කාරයෙකි. ඒ ගැන වාදයක් නැත. එහෙත් හම්බන්තොට දුප්පතුන්ට බෙදන අය වැය නොපෙන්වන සල්ලිවල පාරිශුද්ධ භාවය ගැන දැනුවත් විය යුතුව ඇත. ඒ සල්ලි ලැබෙන්නේ කාගෙන්දැයි රටට හෙළි කරන ලෙස සජිත්ට බල කළ යුතුව ඇත. එ.ජා.ප. නායකත්වයටද මේ වගකීම පැවරී ඇත. ඒ ඇයි? තමා එ.ජා.ප.යේ භාරකාරයා බව සජිත් කියන නිසාය. එසේම ඒවා ලැබෙන්නේ දුලාංජලි හරහා නොවන බවට තහවුරු කරගත යුතු නිසාය. මේ සල්ලි වැඩිපුර බෙදෙන්නේ හම්බන්තොටය. ඒ රාජපක්ෂලාගේ ශක්තිය දිය කරවන්නටය. ඒත් පුදුමය නම් ඒ ගැන ආණ්ඩුව ඇස් පියාගෙන සිටීමය. සොයා නොබැලීමය. රටේ නීතිය අනුව කෙනෙකු වියදම් කරන හැටි ප්‍රශ්න කිරීමේ අයිතිය ආණ්ඩුවක වගකීමකි. වර්තමාන ආණ්ඩුව එකී වගකීම් වෙනත් බැඳියාවන් සමග ගළපාගෙනහෝ පටලාගෙන ඇති බව රටම දනී. ඒ බව ප්‍රේමදාස පවුල කෙරෙහි මෙන්ම බොදුබල සේනා සංවිධානය කෙරෙහි දක්වන බැඳියාවලින් තහවුරු වේ. හෙවත් ප්‍රේමදාස පවුලද වර්තමානයේ බොදුබල සේනා සංවිධානය මෙන් ආණ්ඩුවේ ව්‍යාපෘතියක් වී අවසානය. එබැවින් ප්‍රේමදාසලාට රාජ්‍ය ආරක්ෂාව ඇති තරම් පවතී. හේතුව රාජපක්ෂලාගේ එකම ගැලවුම ප්‍රේමදාස පවුල බවට පත්වී ඇති නිසාය.

තම වාසියට මොකාට හෝ කඩේ යන දේශපාලනඥයා තක්කඩියෙකි. පාලකයාගේ කරුණාව, අනුකම්පාව ලබන විපක්ෂ දේශපාලනඥයා බරපතළ උවදුරකි. ඔහුට පාවා දිය නොහැක්කෙක් නැත. සල්ලි බෙදා ඡන්දදායකයා අල්ලසෙන් රවටන දේශපාලනඥයාට මතයක් නැත. ආත්මයක් නැත. එවැන්නන්ගෙන් රටට ජාතියට පක්ෂයට පාක්ෂිකයාට රටේ ජනතාවට කිසිවක් අපේක්ෂා කළ නොහැකිය. අප්‍රකට මාර්ග වලින් උපයන රුපියල් සත බෙදීම දේශපාලන දුරාචාරයකි. ඒ අරමුදල් පිළිබඳ ලැබිම් බෙදීම් හා ඉතුරු වාර්තා ප්‍රසිද්ධ නොකිරීම වංචාවකි. අද රටේ පවත්නා මේ තත්ත්වය ගැන සජිත් ප්‍රේමදාස පිළිබඳ පවත්නා විවේචනය ඉතා නිරවුල් එකකි. සජිත් ප්‍රේමදාස ඊට වහා ප්‍රතික්‍රියා දැක්විය යුතුව ඇත.

ප්‍රේමදාස පවුල නැවත එවැනි තවත් බරපතළ ගිවිසුමකට මැදිව සිටිති. එහි නිර්මාතෘන් මේ ඉව කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අනාගත ජයග්‍රහණ දිය කර හරින්නටය. මේ ගිවිසුමට නමක් නැත. අත්සන් කළ ස්ථානයක් නැත. මතු දවසක එය ප්‍රේමදාසලා විහින් අටවාගෙන එ.ජා.ප.ය වැනසූ ගිනි කෙළිය කියා ඉතිහාසගත වනු ඇත. එය හරියටම බාබුගේ සෙල්ලම වාගේය. සජිත්ගේ අසරණ සරණ සේවා ඩොලර්ද ඩිනාර්ද ඩයස් ‍පෝරා සල්ලිද කියා දේශප්‍රේමීහු ලවා නොවිසමති. කිසි ගෝරියක් අදින්නේ හෝ නැත. මෙවර ෆොන්සේකාට හම්බන්තොටදී පමණක් වැට බැඳුනේ මේ සුහද අවබෝධතා ගිවිසුමේ කොන්දේසි නිසාය. කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව දුලාංජලි ගෙදර යැව්වේ ඒ නිසාදැයි සමහරු විමසති. මෙහෙම රැකෙන උදවිය සිටින්නේ චූන් එකේ විය හැකිය. ඒ සතුට සජිත් එ.ජා.ප. නායකයා වූ දවසට අවසන්ය. ඉන්පසුව නෝ මර්සිය. තොග පිටින් පරණ පව් එ.ජා.ප.ය පිටින් යවනවා නියතය. එදාට රනිල්ට දිනන්න බැරිය කී එ.ජා.ප.යේ සජිත් ප්‍රේමදාස යුගය නිදන් හෑරිලි බිලි පූජා හොර සල්ලි වංචා කතා පිරුණ දේශපාලන කාල බෝම්බයකට බිලි වෙනවාය. සජිත්ලාගේ මේ ගහන ගේම් යූ.ඇන්.පී.යේ අවසානය බව කවුරු කවුරුත් තේරුම් ගත්තාට දෝසයක් නැත. ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රේමදාස විනාස කළ එ.ජා.ප.ය කනිෂ්ඨ ප්‍රේමදාසට භාරදිය යුතු නැත.

මෙවර හම්බන්තොට මැයි දිනය පවත්වා එජාපය ඔසවන්නට ගිය යෝධ පියවර විනාශ කළේ සජිත්ය. ඒ තම පියාගේ මරණය ඉදිරියට දමලාය. ඒ කියන්නේ මැරිච්ච තාත්තා රාජපක්ෂලාට වික්කා කියන එකය.


නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න.
උපුටා ගැනීම - ලක්බිම

සියලු තොරතුරු හෙලිකලොත් රටම ලේ විලක් වෙයි - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Ven. Galagoda Aththe Gnanasara
ආගමික ගැටළු පිලිබඳ ආරම්භ කල විශේෂ පොලිස් ඒකකය අවම වශයෙන් අවුරුදු දෙක තුනක් පැවතීම ප්‍රමාණවත් බවත්,නැතහොත් පල්ලියක් පල්ලියක් ගානේ ආගමික පොලිස් ඒකකය ආරම්භවීමෙන් මෙරටද මැදපෙරදිග රටවල් තත්වයට පත්වන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසු අදහස් සත්‍ය බවත්,ආගමික ගැටළු පිලිබඳ පනත ක්‍රියාත්මක වන්නේනම් මෙම විශේෂ පොලිස් ඒකකය අනවශ්‍ය බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.

මෙරට පවතින ආගම් අන්තවාදය පිලිබඳ බොදු බල සේනා සංවිධානය සතු සියලුම තොරතුරු එලියට දැමුවහොත් ලංකාවම ලේ විලක් බවට පත්වන බවද ඒ හිමියෝ අවධාරණය කළහ.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හා පක්ෂ විපක්ෂ වලින් තොර මුස්ලිම් මැති ඇමතිවරු ආගම අන්තවාදය හා ජාතිවාදයට උඩගෙඩි ලබා දෙන්නේ සිංහල බෞද්ධ ජනතාවගේ ජන්දයෙන් බලයට පැමිණ දේශපාලනික හා සමාජීය වශයෙන් වරප්‍රසාද බුක්තිවිදිමින් බවද ඒ හිමියෝ කිහ.

සරසවි ඇදුරකුගේ සොයාගැනීමක්

Jinaseena Hewage
රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ ආචාර්යවරයකු වන ජිනසේන හේවගේ නැමැත්තා විසින් පසුගිය දිනවල අලුත් සොයාගැනීමක් කර තිබේ. එනම් Political LK නමින් පවත්වාගෙන යනු ලබන මෙම බ්ලොග් අඩවිය පෙරටුගාමියකු විසින් සොයාගෙන ඇති බවය. එතුමාගේ මුහුනුපොතෙහි වැඩිදුරටත් දක්වා ඇති ආකාරයට මෙම බ්ලොග් අඩවිය ජනතා විමුක්ති පෙරමුණට සදාචාර විරෝධී අයුරින් මඩ ගැසීම සඳහා යොදාගන්නක් බවත් එතුමා විසින් සොයාගෙන තිබේ.

එතුමා වමේ යැයි කියාගන්නා එතුමා, වමේ යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණෙහි කියාකාරිකයකු ලෙස පෙනී සිටි. අප පෞද්ගලිකව මෙවැනි දුප්පත් අහින්සක චරිත විවේචනය කිරීමට අකමැතිය. නමුත් ඔහුද වමෙක් යැයි කියාගන්නා බැවින් සහ ඔහු වැනිම අනෙකුත් ජවිපෙ අනුගාමිකයින් හට නැවතත් සිතාබැලීමට යමක් ඉතිරිකරීම මෙම කෙටි සටහනෙහි අරමුණයි. (මෙම සටහන පිලිබඳව අපහසුතාවයට පත්වන වෙනත් විශ්වවිද්‍යාල ආචාර්යවරු සිටිත්නම් අපගේ බලවත් කනගාටුව)

විශ්වවිද්‍යාලය යනු මානව සමාජයට දැනුම නිර්මාණය කරනු ලබන ආයතනයකි. එමෙන්ම එහි සේවය කරන ආචාර්යවරයකුහටද තමාට අදාල විශය හෝ තමා වඩාත් උනන්දුවකින් සම්බන්ධවය කාර්යන් පිලිබඳව සාපේක්ෂව වඩාත් පුළුල් දැක්මක් තිබිය යුතුය. නමුත් ජිනසේන මහතා තම ආචාර්ය පදවිය අභිබවා යමින් ජනතා විමුක්ති පෙරමුණෙහි දර්ශීය අනුගාමිකයකු බව පෙන්වීමට නිතරම උත්සාහකරන බව පෙනේ. විශ්වවිද්‍යාලය තුල අධ්‍යන කටයුතුවලදි එතුමාගේ කියුම් කෙරුම් කෙසේදැයි අපි නොදන්නා නමුත් භාහිර සමාජයේ දී ඔහු මෝඩ ජෝකර් කෙනෙකුගේ චරිතයට පනපොවමින් සිටින්නකු බව පැහැදිලිය. උදාහරණයක් ලෙස පසුගිය දිනවලදී එතුමාගේ මුහුනුපොත හරහා තම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පෞද්ගලික කෝපය සංසිදුවාගැනීම සඳහා ඉතා පහත් අකාරයට විවේචනය කරතිබුනි.

අප බ්ලොග් මගින් විවිධ දේශපාලන පක්ෂවල මතවාද, පුවත් විවේචනාත්මකව ඉදිරිපත් කෙරේ. වාමාන්ශික දේශපාලනය පිලිබඳව අප විශේෂ උන්න්දුවක් දක්වන බව සැබෑවකි. ඊට අදාලව ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳව විවිධවූ කාරණා අප විසින් මතුකර තිබින. ඒ කිසිවකට නිසි පැහැදිලි කිරීමක් හො පිලිතුරක්, ජනතා විමුක්ති පෙරමුණෙන් හො ඊට පක්ෂපාත කිසිවකුගෙන් මෙතෙක් ලැබී නැත. ඔවුන් ඒවා සියල්ලක්ම “මඩ“ ලෙස බැහැර කරමින් අනෙකුත් සියලුම පක්ෂවලට මඩ ගසමින් සිටී.

ආචාර්ය ජිනසේන මහතාගෙන් අප සියලුදෙනාටම ඉගෙනගැනීමට ඉතාමත් වටිනා පාඩමක් ඇත. එනම් ජනතා විමුක්ති පෙරමුණෙහි වත්මන් දේශපාලන භාවිතාව පිලිබඳවයි. ජිනසේන මහතා සමාජයට වටිනා සම්පතකි. ජවිපෙ වත්මන් දේශපාලනය පිලිබඳව වගකිමක් සහිතව යමක් කතාබහ කිරීමට ඇත්තේ ජිනසේන මහතා වැනි අතලොස්සක් පමනි. ජනතා විමුක්තිපෙරමුණෙහි මඩ සෝදමින් විචාරශිලීව කිසිවක් කතාකිරීමට නොහැකි වම-දකුන නොදත් අනුගාමික හුලිජ්ජ කොල්ලන්ට වඩා ජිනසේන මහතා තුල යමක් ඇතැයි අප අදවනතෙක් විස්වාස කලෙමු. නමුත් ජිනසේන මහතාද ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ දර්ශීය නියෝජනයක් බවට පත්වීම අප සියල්ලන්ගේම අභාග්‍යකි.

වීරවංශ ආණ්ඩුවෙන් ඉවත් වීමට යයි !

ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ‘ලෙමන් පෆ් නාටකය' රඟ දක්වා ලංකාව පුරා ජනප්‍රිය වූ ඉංජිනේරු හා ඉදිකිරීම් සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා සමග ඇතිකරගත් රහස් ගිවිසුමක් මත තවත් නාටකයක් රඟ දැක්වීම සඳහා ලඟදීම ආණ්ඩුවෙන් ඉවත්වීමට සැලසුම් කරමින් සිටී. ආණ්ඩුවෙන් ඉවත්වුවද සියලු පහසුකම් සහ ආරක්ෂාව විමල් වීරවංශ වෙත ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

ජනාධිපතිවරයා හා විමල් වීරවංශ මෙම තීරණයට එළඹී ඇත්තේ මේ වන විට සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ වෙත ආකර්ශණය වන ඡන්ද නවතාලීමේ අරමුණෙනි.

මෙහි ආරම්භක පියවරක් වශයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට අයත් ‘ලංකා සී නිවුස්' වෙබ් අඩවිය මේ වන විට ව්‍යාජ ආණ්ඩු විරෝධී ස්ථාවරයකට විතැන් වෙමින් පවතී. එහි අවසාන අරමුණ වන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම හරහා ලංකා සී නිවුස් වෙබ් අඩවිය තහනම් කරවා ගැනීමයි.

මෙසේ ආණ්ඩුවෙන් ඉවත්වන විමල් වීරවංශ අමාත්‍යවරයා සියළුම දේශප්‍රේමී බලවේග තවදුරටත් තමා වටා ඒකරාශී කරගැනීම සඳහා ආණ්ඩුව තදබල ලෙස විවේචනය කරනු ඇත. අවසාන තීරණාත්මක මොහොතකදී සියලු විපක්ෂ බලවේගයන් පාවාදෙමින් එකම විකල්පය මහින්ද රාජපක්ෂ බව කියමින් නැවතත් ආණ්ඩුව සමග එක්වීම මෙම අලුත්ම නාටකයේ පිටපත වේ.

ආණ්ඩුවේ ජනප්‍රියතාවය මේ වන විට සීඝ්‍රලෙස පහත වැටෙමින් පවතින බවට රාජ්‍ය බුද්ධි සේවයේ වාර්තාවන් හෙලිකළ කරුණු මත ජනාධිපතිවරයා එම තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටී. මේ ආකාරයට තවත් ආන්දෝලනාත්මක යැයි හැගෙන පියවර කීපයක් ජනාධිපතිවරයා ලඟදීම ගැනීමට නියමිතය. ඒ සඳහා බොදු බල සේනා, සිහළ රාවය, රාවනා බලය වැනි අන්තවාදී සංවිධාන හැරුණු කොට සන්ධාන ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයන්ට ආණ්ඩුව බේරා ගැනීම සඳහා විවිධ භූමිකා රඟ දැක්වීමට සිදුවනු ඇත.

මේ අලුත් නාටකය ගැන කතාව කෙසේ වෙතත් පසුගිය මැතිවරණ ප්‍රතිපළ සම්බන්ධයෙන් බුද්ධි අංශ හා ජනාධිපතිවරයා අතර කතාබහ අනුව නම් මේ ගමන ෆොන්සේකාට හෝ ජවිපෙට ඔලුව උස්සන්න ලැබෙන්නේ නැත.

 ගියවර මැතිවරණයේදි ජවිපෙ සිය ඡන්ද පදනම වැඩි කර ගත්තේ ආණ්ඩුව ජවිපෙ නොතකා ෆොන්සේකාට කෙළවීම ප්‍රමුඛ කර ගත් නිසාය.  ජවිපෙට ලැබුණේ ආණ්ඩුව බලාපොරොත්තු වූ චණ්ද ප්‍රමාණයට වැඩි අගයකි. බුද්ධි අංශ වාර්තා අනුව ෆොන්සේකා මිට වඩා දෙගුණයක පමණ ඡන්ද ගනු ඇතැයි තක්සේරු කර තිබිණි. ඒහෙත් ආණ්ඩුව ෆොන්සේකාගේ පක්ෂයේ ආපෙක්ෂකයන් පිරිසක්ද බිලි බාගෙන එම පක්ෂයට එරෙහිව විශාල ප්‍රචණ්ඩත්වයක් මුදා හැරියේය. අවසානයේ හම්බන්තොට ඡන්ද කිරිල්ලද ෆොන්සේකා අත හැරියේය.

ඌව පළාත් සභා මැතිවරණයේදී ජවිපෙටද මේ අත් දැකිම් විඳීමට සිදුවනු ඇත. ජවිපෙ කුණු ට්‍රැක්ටර් පිටින් ආණ්ඩුව ගොඩදානුද ඇත. පක්ෂයේ නායකයන් පිරිසක්  ආණ්ඩුවට එක් වනුද ඇත.

 ආණ්ඩුව ජවිපෙට එරෙහිව  ප්‍රහාරයන් දැන් ආරම්බ කර තිබේ. පසුගියදා මොණරාගල විජතමුනිගේ කටින් මේ කතන්දරය එළියට පැන  තිබුණෙය. ඔහු නොකියා කීවේ ෆොන්සේකාටත් ජවිපෙටත් ගහල පන්නවා වගේ කතාවක්ය. කොහොම නමුත් මේ ආණ්ඩුවේ කෙරුවාවල් අනුව  ලෙව්කෙ මැතිඳුන් මොන කෙරුම් කාරයා වුවත් වෙල මැද තනි වූවා සේ අනුර මැතිඳුන්ටත් වෙල්ලස්සේ තනියම සිටින්නට සිදුවිය හැකිය.

බොදු බලේට ජනපතිත් උදව් දෙනවා විය හැකියි

සේනා සංවිධානය මේ වන විට ජාතිකත්වයන් අතර අසමගිය වපුරා ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි.

එසේම බොදුබලසේනා සංවිධානයට ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ අනුග්‍රහයක් නොමැති නම් මේතරම් ක්‍රියාමාර්ගයන්ට ඔවුන්ට ගැනීමට නොහැකි වන බවත් මේ තරම් ප්‍රබල ක්‍රියාමාර්ගයන්හි නිරත වීම සදහා එම අනුග්‍රහයන් බලපෑ ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටින අතර මෙම අන්තවාදී කණ්ඩායම සමග තමන් කිසිදු කතා බහකට සූදානම් නොමැති බවද පවසා සිටියේය.

එසේම මෙවැනි අන්තවාදී කණ්ඩායම් තවත් සිටිය හැකි අතර ඔවුන්ද බොදුබල සේනා සංවිධානය මෙන් මහමගට බැස ත්‍රස්ත ක්‍රියාවන්හි නිරත වීමට ගියහොත් මෙරටේ ආගමික සංහිදියාවන් කිසිසේත්ම ඇති කළ නොහැකි බවද වාසුදේව නානායක්කාර ඇමැතිවරයා සදහන් කර සිටී.

පැකර්ගේ පනත නිසා වමේ ඇමතිවරුන්ගේ පක්ෂවල කචල්



ආණ්ඩුව තුළ සිටින වාමාංශික අමාත්‍යවරුන් වූ වාසුදේව නානායක්කාර, ඩියු ගුණසේකර හා තිස්ස විතාරණ යන අමාත්‍යවරුන් පසුගියදා ක‍්‍රමෝපාය සංවර්ධන පනතට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීම ගැන එම පක්ෂවල සාමාජිකයන්ගේ දැඩි විවේචන එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කළ අවස්ථාවේ දී ඊට විරෝධය පළ කළ ආකාරයටම ආණ්ඩුවේ මෙම ක‍්‍රමෝපාය සංවර්ධන පනතට විරුද්ධවද වමේ පක්ෂ විරෝධය පළ කළ යුතුව තිබූ බව මෙම ඇමතිවරුන් තිදෙනාට පක්ෂයේ නියෝජිතයින් දැනුම් දී ඇත.

එසේ නොකොට වමේ පක්ෂ එකමුතුව නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම එම පක්ෂය කළ ඓතිහාසික අත්වැරැද්දක් බව ද එම නියෝජිතයන් වමේ පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

Monday, April 28, 2014

කැසිනෝ ගෙනැත් අපි සිංගප්පූරුව, තායිලන්තය මට්ටමට ආ යුතුයි

ජැක්පොට් කැසිනෝ ශ‍්‍රී ලංකාවට ඇතුළු වුනේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සහ රණසිංහ පේ‍්‍රමදාස මහතා අගමැති සහ රනිල් වික‍්‍රමසිංහ ඇමතිවරයෙකුව සිටියදී 1988 වසරේදී එජාප ආණ්ඩුව ගෙනා සූදු පනත නිසා බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

මහනුවරදී උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ එජාප රජය යටත් ගෙන ආ සූදු පනත යටතේ මෙරට කැසිනෝ ශාලා 50ක් 60ක් තිබෙන බවයි.

‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට කැසිනෝ ශාලා බද්ද රුපියල් මිලියන 50ක්ව තිබියදී එය මිලියන 100 ක් දක්වා වැඩි කළා. පසුව මෙරට කැසිනෝ ශාලා සීමා වුණා. අදත් ඒ සීමා වූ කැසිනෝ ශාලා අගනුවර තිබෙනවා.

ඒවා තිබෙන්නේ 1988 දී ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ ගෙන ආ කැසිනෝ පනත නිසයි. මේවා තවමත් කැසිනෝ සූදුව කරගෙන යන ආයතනයි. එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ගෙන ආ නීති පනත් තුළ තමයි කැසිනෝ සූදුව ස්ථාපිත වුණේ. එදා ජෝසිම් කැසිනෝ රජා උඩතියාගෙන එයා එක්ක එකට ජායාරූප ගත්තේ එජාපයේ නායකයොයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා 1988 ගෙන ආ සූදු පනත තවමත් මේ රටේ තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලූතෙන් කැසිනෝ ශාලා හදන්න ඉඩ දෙන්නේ නැහැ කියල පැවසුවා. සාමාන්‍ය ජනතාවගෙන් පාසල් දරුවන්ගෙන් මේවා ඈත් කරනවා.

හාමුදුරුවරු ජනතා සංවිධාන විරෝධතා පළ කරන නිසා දැන් අලූතෙන් හදන් හෝටල් වල කැසිනෝ නැහැ. සංචාරකයන් ලංකාවට එනවා. ඒ අය හෝටල්වල නවතිනවා. එයාලට පහසුකම් දිය යුතුයි. මැලේසියාව මුස්ලිම් රටක්. ෂරියා නීතිය තදින්ම තිබෙනවා. ඒත් ඒ රටේ වෙනම දුපතක කැසිනෝ ක‍්‍රීඩා පහසුකම් සහිත හෝටල් තිබෙනවා.

ඩුබායි රටේ සේරම තිබෙනවා. මාලදිවයිනේ මත් ද්‍රව්‍ය වලට දැඩි නීති ක‍්‍රියාත්මක වෙනවා. දැන් එහේ දුපත් 187ක සංචාරක හෝටල් තිබෙනවා. ඒ හෝටල්වල මත්පැන් මත් ද්‍රව්‍ය කැසිනෝ මේ සේරම තිබෙනවා. අපේ රටට එන විදේශීය ආයෝජකයන්ට බදු සහන දිය යුතුයි. අපි සිංගප්පූරුව තායිලන්තය මට්ටමට දියුණු විය යුතුයි’

සම්බන්ධන්, අනුර කතා ඇත්ත - රිවිර සහතික වෙයි

රටේ ඕනෑම පුද්ගලයකු හෝ සංවිධානයක් සමග සාකච්ඡා කිරීමට ජවිපෙට ශුද්ධ වූ අයිතියක් තිබෙන බවත් ඒ සඳහා තානාපති කපුකම් අවශ්‍ය නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (28) ‘රිවිර’ දිනපතා පුවත්පතේ පළ වූ ප්‍රධාන ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් සඳහන් කරයි.

එම පක්ෂය විසින් ‘රිවිර’ට එවන ලද නිවැරදි කිරීමෙහි තවදුරටත් මෙසේ ද සඳහන් වේ. ඔබ පුවත්පතේ පළකොට ඇති ප්‍රධාන ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය ලෙස සඳහන් වන ‘ඉන්දියානු තානාපති නිලධාරියකුගේ කපුකමින් සෝභිත හිමි හා අනුර කුමාර සම්බන්ධන් රහසේ හමුවෙති’ යන ප්‍රවෘත්තිය පදනම් විරහිත අසත්‍ය ප්‍රවෘත්තියක් බව දැනුම් දෙමු.

එය ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කුමන්ත්‍රණකාරී ලෙස හිතාමතාම ගොතන ලද අසත්‍ය හා ද්වේශසහගත ප්‍රවෘත්තියක් වන අතර එය ඔබ පුවත්පතේ පළ කිරීම පිළිබඳ කනගාටුව පළකර සිටිමු. එසේම සත්‍ය අසත්‍යතාව පිළිබඳ නොවිමසා එවැනි පුවතක් පළකිරීම මාධ්‍ය සම්ප්‍රදායට පටහැනි ක්‍රියාවකි.

කර්තෘ සටහන

අප මෙම පුවත ඉදිරිපත් කළේ අපවෙත ඉදිරිපත් වූ සනාථ කරගත් තොරතුරු පදනම් කරගෙනය. එබැවින් අපගේ පුවත් වාර්තාවේ සඳහන් කළ කරුණු පිළිබඳ කිසිදු සැකයක් නැත. මේ පිළිබඳව විමසීමට ඊයේ රාත්‍රියේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඇමතුවත් ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් තවත් පුවතක් අද රිවිර පුවත් පත පළ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා ඉකුත් 27 දා දහවල් 12.30ට පමණ කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ගොස් ඇත. 

මාදුළුවාවේ සෝභිත හිමියන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර පෙරේදා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එහි දෙවැනි පියවරක් වශයෙන් ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ගියාද යන්න ගැන දේශපාලන ආරංචි පැතිර යමින් තිබේ.

මාදුළුවාවේ සෝභිත හිමියන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර පෙරේදා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එහි දෙවැනි පියවරක් වශයෙන් ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ගියාද යන්න ගැන දේශපාලන ආරංචි පැතිර යමින් තිබේ.

මාදුළුවාවේ සෝභිත හිමියනුත්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකත්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධනුත් අතර පෙරේදා (27) පැවැති රහසිගත සාකච්ඡාවට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහභාගි වී තිබිණි.

දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් එක්කිරීම සඳහා එම ඉන්දියානු නිලධාරියා කිහිප වතාවක්ම මීට පෙර ද ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහි දී සාකච්ඡා වූ කරුණු කිසිදු පාර්ශ්වයක් විසින් මේ දක්වා අනාවරණය කර නැත.

කියුබාවට මොකද වෙන්නේ ?

ශ‍්‍රී ලංකාවේ වැඩබලන කියුබානු තානාපතිනි ඉන්දිරා ලෝපේස් මැතිණිය සමග කළ සම්මුඛ සාකච්ඡවක්

1. ප‍්‍රශ්නය : කියුබානු විප්ලවය දැන් වසර 55ක් වයස්ගතයි. ඇත්තවශයෙන්ම කියනවා නම් කියුබානු විප්ලවය දැන් පරිණතයි. එනිසයි කියුබානු විප්ලවය විශේෂයෙන්ම ලතින් ඇමෙරිකාවටත් එමෙන්ම මුළු මහත් අධිරාජ්‍යවිරෝධී ලෝකයටමත් පහන්ටැඹක් වී තිබෙන්නේ. ඔබට කෙටියෙන් විස්තර කළ හැකිද කියුබානු සන්නද්ධ අරගලයේ නියමුවන්, සන්නද්ධ අරගලයේ ජයග‍්‍රහණය සාමකාමී සමාජ පරිවර්තන විප්ලවයක් දක්වා වෙනස් කළේ කෙසේද කියා?

පිළිතුර :- කියුබානු සන්නද්ධ අරගලය වර්ධනය වූයේ ජුලි 26 ව්‍යාපාරයේ සහ අනෙකුත් වාමාංශික ව්‍යාපාරවල සහයෝගය ඇතිවයි. විශේෂත්වය වූයේ එම ව්‍යාපාරයන් සියල්ල විශේෂයෙන් එවකට කියුබාවේ වාමාංශික ව්‍යාපාර, ඇමෙරිකාවේ ආණ්ඩුවේ සහ සී අයි ඒ සංවිධානයේ පූර්ණ අනුග‍්‍රාහකත්වය ලැබූ ආඥාදායක බැටිස්ටාට එරෙහිව කටයුතු කළා. මෙම සහයෝගීතාව කි‍්‍රයාත්මක වූ කාලය තුළ, එනම් 1956 දෙසැම්බරයේ සිට 1959 ජනවාරි දක්වා කාලය තුළ විප්ලවීය හමුදාව ඔවුන් ක‍්‍රියාත්මක වූ භූමිය තුළ විශේෂිත තත්ත්වයක් අලූතින් නිර්මාණය කරනු ලැබුවා. ඉන් පළමුවැන්න දුප්පතුන්ගෙන් සොරකම් කිරීම මෙන්ම ඔවුන්ව මංකොල්ල කෑමෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටීම. දෙවැන්න ඔවුන්ට කිනම් විදියකින් හෝ ලැබුණු ආහාර වැනි දේ දුප්පත්තු සමග බෙදා හදා ගැනීම. එසේම දුප්පතුන් වෙනුවෙන් ඔවුන් ඉතා දුෂ්කර කොන්දේසි යටතේ පාසල් ආරම්භ කළා. ඔවුන්ට සහයෝගය දැක්වූවන් ආරක්‍ෂා කරගැනීමටත් විප්ලවවාදී හමුදාව උත්සුක වූවා.

1959 නව ජයග‍්‍රහණය කියුබානු ජන සමාජය ලද වහාම ෆිදෙල්ගේ නායකත්වයෙන් යුතුව බිහිවූ ආරක්‍ෂක අමාත්‍යාංශය විප්ලවවාදීන් සහ සාමාන්‍ය ජනයා ඝාතනය කළා වූ අයට එරෙහිව නඩු විභාග කරනු ලැබුවා. මෙම සියලූ නඩු කටයුතු මහජනයාට විවෘත වූවා. ක‍්‍රීඩාගාර සහ එළිමහන් ස්ථාන ඒ සඳහා යොදාගත්තා. ගුවන්විදුලිය වැනි ජනමාධ්‍ය ඔස්සේ නඩු කටයුතු ප‍්‍රචාරය කරනු ලැබුවා. මරණීය දණ්ඩනය නියම වූ වැරදිකරුවන්ට එසේ මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර ඔවුන් වරදකරුවන් බව ඉතාම සාධාරණව ඔප්පු කරනු ලැබුවා. සන්නද්ධ අරගලය ජයග‍්‍රහණයට පෙර තිබූ පොලීසිය සහ හමුදාව විසුරුවා හැරියා. චෝදනා නැති හමුදා සහ පොලිස් නිලධාරීන්ට විශ‍්‍රාම යාම හෝ තම හමුදාවටම බැඳීමට අවස්ථාව සලසා දුන්නා. එම ක‍්‍රියාවලියට හොඳම උදාහරණය නම් කියුබාවේ උප ජනාධිපතිවරයකු වන ජොසේ රාමොන් ෆර්නැන්ඩෙස් බැටිස්ටාගේ හමුදාවේ සිටි ඇමෙරිකානු පුහුණුව ලැබූ නිලධාරියකු වීමයි.

පළමුවරට පත් කළ ජනාධිපතිවරයා සමග ඇතිවුණු මතගැටුම් සමග දෙවැනි ජනාධිපතිවරයකු පත් කරනු ලැබූ අතර ඔහු ආචාර්ය ඔස්වාල්ඩෝ ඩෝර්ටිකොස්. ඔහුගේ පත්වීමත් සමගම විප්ලවීය හමුදාව සමාජ සහ ආර්ථික ක්‍ෂේත‍්‍රයන්ට වඩාත් සම්බන්ධ වුණා. ඔවුන් අතර සිටි වැඩියෙන්ම දැනුම සහ අවබෝධය තිබූ අය මහජන පරිපාලනයේ මුල් පුටුවලට යොමු කරනු ලැබුවා. ඉඩම් ප‍්‍රතිසංස්කරණය, නිවාස ප‍්‍රතිසංස්කරණය ඇමෙරිකානු සමාගම් සතු සියලූ දේපල ජාතිය සතු කිරීම ආදී ක‍්‍රියාමාර්ග ඒ අතර වුණා. ඒවාට සමගාමීව අධ්‍යාපනය න`ගා සිටුවීමේ වැඩසටහන්, ඉහළ බලධාරීන් කළ දේපල අපහරණය කිරීමේ විමර්ෂනයන් ආදිය සාර්ථකව මෙහෙය වූවා.

එදා සිටම ඉඩම් අයිතිය සීමා කිරීමේ ප‍්‍රතිපාදන ක‍්‍රියාත්මක කරවනු ලැබුවා. මූල්‍ය ආයතන සියල්ල රජයේ පරිපාලනයට නතු කෙරුවා. එසේම එක් පුද්ගලයකු සතුව තිබිය යුතු මුදල් ප‍්‍රමාණය සීමා කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කෙරුණා. මධ්‍යම පරිමාණයේ සහ කුඩා පරිමාණයේ සමාගම් පමණක් රජයේ පාලනයෙන් නිදහස් කෙරුණා. එම තත්ත්වය 1968 දක්වා පවත්වාගෙන ගිය අතර එම වර්ෂයේදී දේපල සියල්ල රාජ්‍යය සතු කරනු ලැබුවා. කියුබානු ජාතික බැංකුවේ ප‍්‍රථම සභාපතිවරයා ලෙස අර්නෙස්ටෝ චේ ගුවේරා සහෝදරයාගේ නම ලියැවී ඇත්තේ, මම ඉහතින් විස්තර කළ ප‍්‍රතිසංස්කරණවලදී විප්ලවීය හමුදාව සාමකාමී සමාජ පරිවර්තන කාර්යයට දායක වූ අයුරු පෙන්වීමේ ආදර්ශය ලෙසිනුයි.

මෙහිදී සඳහන් කළ යුතුම කාරණාවක්ද වනවා. 1961 තරම්, ඈත කාලයේදී එනම් කියුබානු විප්ලවයේ ළදරුම අවධියේදී ඌරු බොක්කේ ආක‍්‍රමණයසිදු වූවා. එම ආක‍්‍රමණය ජයග‍්‍රහණය කර හුස්ම ගන්නටවත් ඉඩක් නොතබා ප‍්‍රතිවිප්ලවකාරී හමුදා ක‍්‍රියාමාර්ග ඇමෙරිකානු අවි ආයුධ සහ ආහාර සැපයීම් යටතේ ක‍්‍රියාත්මක වූවා. විප්ලවීය ආණ්ඩුව ක‍්‍රියාත්මක කළ මහා පරිමාණ ඉඩම් හිමිකම සහ මහා පරිමාණ ගොවිකම පලවා හැරීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග විසින් අගතියට පත් කොටස් විසින් ප‍්‍රතිවිප්ලවීය ක‍්‍රියාමාර්ගවලට නායකත්වය ලබා දී තිබුණා. මෙම කාලය තුළදීම එනම් 1962 දී මිසයිල අර්බුදය සිදු වූවා. මෙහිදී විප්ලවීය හමුදාව සාමාන්‍ය කාන්තාවන්ගෙන් සහ පිරිමින්ගෙන් සමන්විත කුඩා ආරක්‍ෂක ඒකක ගොඩනැගුවා. මෙම ගොඩ නැංවීම කෙතරම් සාර්ථක වූවාද කිවහොත් විප්ලවය ආරක්‍ෂා කිරීමේ කමිටුව නම් බලගතු සංවිධානය බිහිවූවා. මෙම කමිටු සියලූම නිවාස ඒකකවල සියලූම කර්මාන්තශාලාවල සියලූම ගම්මානවල පිහිටුවා, එමගින් සියලූම කඩාකප්පල් ක‍්‍රියා වලකා ගන්නට කටයුතු කළා.

විප්ලවය මුහුණ දුන් නව තත්ත්වය හමුවේ විප්ලවීය ආණ්ඩුවට නව පොලීසියක් බිහිකර ගැනීමට හැකි වූවා. එසේම නව බුද්ධිඅංශයක්, ශරීර ආරක්‍ෂක ඒකකයක් මෙන්ම වැඩබිමට, පතල් ආකරයට, රෝහලට, පාසලට ආදී සෑම තැනටම නව නායකයන් බිහිකර ගැනීමට අවස්ථාව උදා වූවා.

මෙම සියලූ කටයුත්තකදීම ජනතාව ඉතාමත් උනන්දුවෙන් තම දායකත්වය සැපයුවා. සියෙරා මයෙස්ත‍්‍රා කඳුකරයේ සිට සටන් වැදුණු විප්ලවවාදීන් වෘත්තිකයන් බවට පරිවර්තනය වූවා. ඒ සඳහා මග පෙන්වීම රාවුල් කැස්ත්‍රෝ විසින් කරනු ලැබුවා. අලූතින් බැඳුනු අයවළුන් සන්නද්ධව තැබීමට කටයුතු කළා. එලෙස කමාන්ඩර්වරු හත්දෙනකු යටතේ සමස්ත කියුබානු විප්ලවය ඉදිරියට ගියා. ඔවුන්ගේ ප‍්‍රධානියා වූයේ ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයායි. කර්මාන්ත සහ ආර්ථික මෙහෙයුමේ කමාන්ඩර්වරයා වූයේ චේ ගවේරා සහෝදරයායි.

ඒ අනුව ඔබට පැහැදිලි ඇති කියුබානු ජනයාගේ අවංක කැපවීම, ඔවුන් අතර වන සමගිය සහ සමස්ත කියුබානු නායකත්වය එක්වීම මගින් අද කියුබාව ලබා තිබෙන සියලූම ජයග‍්‍රහණ ලබා තිබෙන බව.

2. ප‍්‍රශ්නය :- ඔව්ෟ අපි දන්නවා පසුගිය වසර 55 තුළ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය 637 වතාවක් ෆිදෙල් සහෝදරයා ඝාතනය කිරීමට උත්සාහ ගත්තා. ඒ හා සමානවම කියුබානු විප්ලවය විනාශ කිරීමටත් ඔවුන් උත්සාහ කළා. මගේ ප‍්‍රශ්නය වන්නේ කුමන විදියකින් හෝ එක්සත් ජනපද මර උගුලකට හසුවී ෆිදෙල් සහෝදරයා මිය ගියා නම් කියුබානු විප්ලවය එතැනින් අවසන් වනවාද?

පිළිතුර :- මම මුලදී විස්තර කළ ආකාරයට ඔබට පැහැදිලි ඇති කියුබානු විප්ලවය ජනතාවගේ විප්ලවයක් බව ඔවුන්ට අවබෝධ වී තිබුණා. ඒ අපගේ නායකයන් දැක්වූ අසීමිත කැප වීම, අවංක බව සහ නිහතමානීත්වය වැනි ගුණාංග නිසා. මම එක් උදාහරණයක් පවසන්නම්. ෆිදෙල් සහ සමහර කමාන්ඩර්වරුන් එකට එකතුවී හවානා නගරයේ ඇති එක්තරා ආපනශාලාවකට සැන්ඞ්විච් සහ ස්පැර්ගටි(නූඞ්ල්ස් වැනි ආහාරයක්* අනුභව කිරීමට නිතර නිතර යාම පුරුද්දක් කරගෙන තිබුණා.

එක්තරා රාත‍්‍රියකදී එක් අවන්හල් සේවකයකු ෆිදෙල්ට වස දීමට ඔන්න මෙන්න කියා තිබුණා. එහෙත් ඊට මොහොතකට පෙර ෆිදෙල් සීලියා සන්චෙස් හට කියුබානු රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ සහ හෝටල්වල රැුකියා කළ ගණිකාවන් එම වෘත්තියෙන් ඉවත් කොට ඔවුන්ට නව රැුකියාවල නිරත වීමට අවස්ථාව සලසා දෙන්නේ කෙසේදැයි විස්තර කරන්නට වූවා. එසේම අද කියුබානු කාන්තාව භුක්ති විඳින දැවැන්ත ජයග‍්‍රහණවල ආරම්භ සනිටුහන් කළ අවස්ථාවද එය වූවා. ෆිදෙල්ගේ අදහස් දැක්වීම තුළ ගණිකාව යනු ධනපති සමාජය විසින් ඉතාමත් දරුණු විදියට සූරා කෑ සමාජ කොටස ලෙස කිසිදු විප්ලවවාදියකුට ඔවුන්ට අමතක කළ නොහැකි බවත් එම කාන්තාවන් ඇමෙරිකානු නාවික හමුදාව පවත්වාගෙන ආ ගණිකා නිවාසවලින් පැන යා නොහැකි වූ අය බවත් සාධක සහිතව ඔප්පු කර පෙන්වූවා. වස දෙන්නට සිටි අවන්හල් සේවකයා මේ සියල්ල හොඳින් අසා සිටියා. ඔහුගේ දුෂ්ඨ චේතනාව සැනෙකින් අතුරුදහන් වූවා. එසේ වීමට හේතු වූයේ ඔහුගේ බිරිඳ ඇමෙරිකානු හමුදා ගණිකා නිවාසයක ගණිකාවක් වූ බැවිනුයි. කියුබාවේ එතෙක් පාලනය කළ කිසිදු නායකයකු ඇගේ බිරිඳ වැනි ගණිකාවන් කෙරෙහි මෙතරම් සංවේදී වී තිබුණේ නැහැ. එනිසාම ඔහු ෆිදෙල් ඉදිරියට පැමිණ ‘‘මා මරණ දඩුවමට ලක් කළ යුතු නම් මට එය ලබාදෙන්න මොකද ඔබ මට වඩා හොඳ අවංක මිනිසකු නිසා. ඔබ මගේ ආයුෂත් රැුගෙන දිගු කාලයක් ජීවත් විය යුතුයි’’ කියා පැවසුවා. ඉන්පසු ඔහු අත රැුඳුණු වස ෆිදෙල් සහෝදරයාට භාර දුන්නා. එසේම ‘‘මම වැනිම වූ තවත් පුරුදු පුහුණු කළ අය ඔබේ ජීවිතය රැුගෙන යාමට යොදවා තිබෙනවා. කරුණාකර අනවශ්‍ය අවදානමක් ගන්න එපා’’ කියා පැවසුවා.

එදා රාත‍්‍රියෙන් පසුව කියුබානු නායකයන් හුදකලාව ගමන් නොයාමටත් සියලූ නායකයන් එකම තැනකදී ආහාර ගැනීමටත් තීරණය කළා. එසේම ඔවුන් සියලූ දෙනාගේ රාත‍්‍රී නවාතැන්පොළ ලෙස කියුඩාඞ් ලිබර්ටාඞ් ලෙස අද නම් කර ඇති හමුදා කඳවුර තෝරා ගත්තා. ඌරු බොක්කේ මෙහෙයුම ආරම්භයට ප‍්‍රථම ඇමෙරිකානු හමුදා මෙම හමුදා කඳවුරට බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ ඔවුන් එහි රැුඳී ඇතැයි සිතාගෙනයි.

ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ත‍්‍රස්ත ව්‍යාපාරය දියත් කර පහරදීම් 6000ක් කර කියුබානු පුරවැසියන් 3478ක් මරා දමා 2099කට තුවාල සිදු කර තිබෙනවා. දේපල හානිය ඩොලර් මිලියන දහස් ගණනක්. ඒ විතරක් නෙවෙයි. මෙම ත‍්‍රස්තක‍්‍රියා වළක්වාලීමට තවත් ඩොලර් මිලියන දස දහස් ගණනක් වියදම් කිරීමට සිදු වූවා. එම සියලූ මුදල් කියුබානු ජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කිරීමට තිබෙන මුදල්. ඔබ දැනටමත් දන්නා පරිදි ෆිදෙල් සහෝදරයා මරා දැමීමට 637 වතාවක් සී අයි ඒ සංවිධානය කුමන්ත‍්‍රණ කළා. මෙවැනි මාරාන්තික ඇමෙරිකානු අත පෙවීම් නිසයි කියුබානු රජය වීරයන් පස්දෙනකු ත‍්‍රස්ත කණ්ඩායම් අතර ස්ථානගත කරනු ලැබුවේ. කියුබානු නායකයන්ටත් එහි ජනයාටත් එල්ල වන මාරාන්තික ප‍්‍රහාර කල්තියා දැනගැනීමටත් ඒවා වළක්වාලීමටත් එවැන්නක් කළ යුතුම වූවා.

ෆිදෙල් කස්ත්‍රෝ ඒ කාලයේදී නිතර නිතර කියූ වැකියක් තිබුණා. ඒ තමයි ඔහුගේ ජීවිතය බේරුණේ ඔහු කළ පින් පව් නිසාම නොවෙයි. කියුබානු ජනයාගේ පිනත් ලෝකය පුරා විසිරී පැතිරී සිටින විප්ලවවාදීනුත් ඒ සඳහා හේතු වූවා කියන කාරණය. එය සත්‍යයක්. ළදරු විප්ලවීය කියුබානු රාජ්‍යයට තොරතුරු සපයන්නන්ට ගෙවීමට තරම් මුදල් තිබුණේ නැහැ. එනිසාම ලෝකය පුරා ජීවත් වූ අදටත් ජීවත් වන අපගේ සදාදරණීය නායකයාගේ ජීවිතය බේරා දීමට ඇප කැප වූ සැමට අපි ස්තූතිවන්ත වෙනවා.

එසේම ඔහු නිතර නිතර පවසන තවත් වදනක් තිබුණා. ‘‘නායකයා වැදගත්ෟ නමුත් ඔහු වැදගත් වන්නේ ඔහුගේ පණිවුඩය නිවැරදිව රැගෙන යා හැකි නම්, ජනතාව සංවිධානය කර ගත හැකි නම්, ජනතාව දැනුවත් කර හැකි නම් සහ ඔහු දකින සුබ සිහිනය සාක්‍ෂාත් කර ගැනීමට හැකි නම් පමණයි’’ කියන වදන.

එසේම ඉතාම ජනප‍්‍රිය වූ ඔහුගේ වදන නම්,

‘‘මිනිසා මියයයි, එහෙත් පක්‍ෂය ඉතුරු වේ’’ යන්න. එනිසා කියුබාවට පක්‍ෂයක් තිබේ, වැඩපිළිවෙළක් තිබේ. එසේම කියුබානු ජනයා සමගම බද්ධ වූ හමුදාවක් තිබේ. එසේම ජනතාව ඔවුන් එකිනෙකා රැුගෙන ආ ආයුෂ ගතකර මිය යනු ඇත. එයයි අපි අත් විඳින සත්‍යය.

3. ප‍්‍රශ්නය :- ඔබතුමිය පවසන ලෙස කියුබානු විප්ලවය ඉදිරියට යන්නේ පුද්ගල පෞරුෂයන් මතින් නොවෙයි. එසේ නම් කියුබානු සමාජය ඉදිරියට යන්නේ කුමන දෑ පදනම් කරගෙනද? කියුබානු සමාජයේ පදනම කුමක්ද?

පිළිතුර :- අපි දන්නවා වසර 40000ක් පමණ අතීතයේ සිට මානවයා ඉදිරියට පැමිණෙන්නේ මානව සමාජයේ ධාරිතාවයන් සංවර්ධනය කරගනිමින් බව. එහි සරල අර්ථය නම් සමාජමය නිෂ්පාදන සහ එම නිෂ්පාදන සමාජය වෙනුවෙන්ම නිපදවීම යන්නයි. නමුත් අපි දන්නවා ලෝකයේ සියලූම ආර්ථික ක‍්‍රමවේදයන් සකස් වී තිබුණේ සම්පත් පෞද්ගලික පදනම මත බෙදාහදාගැනීමක් අරමුණු කර ගනිමිනුයි යන්න.

මෙයට විරුද්ධව යමින්, සමාජවාදී ක‍්‍රමය තුළ මානවයා, භාණ්ඩ නිෂ්පාදනය පමණක් නොවෙයි ඒවා බෙදා හදා ගැනීමත් වඩාත් සමාජමය ආකාරයෙන් කරන්නට, වඩාත් සාමූහික ආකාරයෙන් කිරීමට උත්සුක වූවා. මේ නිසයි දේපලවල අයිතියේ ස්වභාවය වෙනස් වූවේ. මක්නිසාද යත් සමාජවාදී ක‍්‍රමයේදී දේපලවල අයිතියේ ස්වභාවය වඩාත් සමානාත්මතා පදනමින් ක‍්‍රියාත්මක විය යුතුයි. එනිසයි අපට අවශ්‍ය වන්නේ පරාර්ථකාමී හැ`ගීම් සහ සහයෝගීතාවය, තම අධ්‍යාත්මය තුළට කිඳා බැසගත් ජනතාවක් වෙසෙන සමාජයක්. චේ සහෝදරයා නිතරම කියූ වදනක් තිබෙනවා ‘‘සැබෑ විප්ලවවාදියා යනු ආදරය හද තුළ පුරවාගත් එසේම මානව වර්ගයා වෙත තව තවත් ආදරය පතුරවන පුද්ගලයායි’’ යන වදන. ඔහු ඒ වදන නිතරම පැවසුවේ එවැනි සමාජයක් කියුබාවේ ගොඩනැංවීමේ උවමනාවෙනුයි. නමුත් අපි දිගුකලක් තිස්සේ අත්දැකීම් ලබා තිබෙනවා. එනම් ප‍්‍රංශ කොමියුනයේ සිට සෝවියට් සංගමය, පැරණි සමාජවාදී සමූහාණ්ඩු රාජ්‍යයන්, කොරියාව, චීනය පමණක් නොවෙයි වර්තමාන කියුබාව පවා ගත කරමින් සිටින්නේ සමාජවාදය ගොඩනැගීමේ එක් අවධියකයි යන අත්දැකීම.

ඔබ හොඳින් අවධාරණය කරගත යුතු කාරණයක් තිබෙනවා. එනම් ඉහත සඳහන් කළ කිනම් ක‍්‍රමයක් සලකා බැලූවත් සමාජවාදී ආර්ථික නීතිය සහ ඔවුන්ගේ නිෂ්පාදන බලවේගයන්ගේ ඉහළ සංවර්ධනය ඒකාත්මික කරගෙන තිබෙනවා. කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් ඔවුන්ගේ සමාජවාදී චින්තනය ගොඩන`ගද්දී ඔවුන් පළමුව අවධානය යොමු කළේ ඉහත විස්තර කළ ප‍්‍රපංචයන්ගේ ඉහළම සංකලනය ඇති කිරීමටයි. දෙවනුවයි ඔවුන් අවධානය යොමු කළේ සමාජවාදී ක‍්‍රමවේදය පිළිබඳව. ඒ අනුව ලෝකයේ බහුතරය අතර සමාජවාදය වැළඳ ගැනීමට පෙළඹීමක් නැතිනම්, සමාජවාදය යනු තවත් එක් මනෝරාජ්‍යයක් පමණයි. සමාජවාදය කෙනකුට සාක්‍ෂාත් කරගත හැකි යැයි සිතුනද තව කෙනකුට සමාජවාදය ස්පර්ශ කිරීමට තරම් ලංවුවද ඉහත පැවසූ ආකාරයට සකස් නොවන්නේ නම් සමාජවාදය මනෝ රාජ්‍යයක් පමණක් වීම නොවැළැක්විය හැකියි.

ඒ අනුව යම්රටක සමාජවාදී අත්හදාබැලීම් කරන්නේ නම් එම රට සතුවන නිෂ්පාදන බලවේගයන් ඉහළම සංවර්ධනය ලබා ගත යුතුයි. එසේම ජනතා අවශ්‍යතාවයන් උපරිම ලෙස තෘප්ත කළ යුතුයි. නමුත් ඒවා අනාගත සමාජයට ගැළපෙන ආකාරයට නිර්මාණ විය යුතුයි. එම අනාගත සමාජයට ගැලපෙන මිනිසා ආත්මාර්ථයෙන් තොර වූ, අයිතිකර ගැනීමේ ආශාවෙන් වියෝ වූ තර`ගයෙන් ඈත් වූ සහ කෲරත්වය ප‍්‍රතික්‍ෂේප කරන්නකු විය යුතුය. මෙන්න මෙය තමයි ඉතාම අසීරු කර්තව්‍යය.

වත්මන් මානවයා දැනටමත් අමතක කර දමා තිබෙන ඉතිහාසයක් තිබෙනවා. ඒ තමයි ප‍්‍රාථමික සාමූහික සමාජයේ ජීවත් වූ මිනිසා තමන්ට ලැබුණු දේ බෙදාගත් ආකාරය. එම සමාජයේ මිනිසා තමන්ට ලැබුණු දේ සමාජයේ ඉතාමත් දුර්වල කොටස් අතර පවා සමානාත්මකව බෙදීයන ලෙස සියල්ල බෙදා හදා ගත්තා. එහෙත් මේ සියල්ල අමතකව ගිය වත්මන් සමාජයේ මිනිසා සිය දහස් ගණන් විරුද්ධවාදීභාවයෙන්, යුද්ධ, අනවශ්‍ය තර`ගය ආදිය පෙරට ගෙන එමින් සාමූහිකභාවයේ වටිනාකම් විනාශ කර තිබෙනවා. එසේම නවීන දැනුම, ඉහළ තාක්‍ෂණය සහ විiා දැනුම ගෝලීයකරණය සහ බිය ගැන්වීම තුළ දියකර, තනි පුද්ගල සහ ධනවාදයේ විනාශකාරී හරපද්ධතීන් තුළට ගොනු කර තිබෙනවා. ඒ අනුව ඕනෑම සමාජවාදී සමාජයක් මුහුණ දෙන අභියෝගයක් තිබෙනවා. ඒවා නම් නව සංස්කෘතියක් ගොඩනැ`ගීම, නව මිනිසකු, නව සමාජයක් බිහි කිරීමයි. සරලව කිවහොත් නව පුද්ගලයකු සහ නව සාමූහිකයක් බිහිකිරීමයි, සමාජවාදයේ අභියෝගය.

කියුබානු විප්ලවය නව මානවයකු බිහි කිරීම වෙනුවෙන් දැවැන්ත වෙහෙසක් ගනු ලැබුවා. ඉදිරියටත් ඒ සඳහා අපි ඇප කැප වෙනවා. එනිසා අපේ ජනතාව නිතරම දුකට කරදරයට පත් ජනතාව වෙනුවෙන් උපකාර කරනු ලබනවා. අපි ආඩම්බරයෙන් කියන්නට කැමතියි, තෙවන ලොව රටවල වෙසෙන දහස් ගණන් සිසුන්ට කියුබාවේදී අධ්‍යාපනය ලබා දෙනවා. එම අධ්‍යාපනයට නොමිලේ අධ්‍යාපනය, ආහාර ඇතුළු සියලූ වියදම් අඩංගු වෙනවා. හවානාවේ ඇති ලතින් ඇමෙරිකානු වෛi විiාලය රටවල් 123කින් පැමිණෙන දහස් ගණන් වෛi ශිෂ්‍යයන් පුහුණු කරනු ලබනවා. මෙම විශ්ව විiාලය තුළ ශ‍්‍රී ලාංකික සිසුන් 41 දෙනෙක් අධ්‍යාපනය ලබමින් සිටිනවා.

කියුබාව ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා මානුෂික මෙහෙයුම් ආරම්භ කළේ 1963දියි. ඒ ඇල්ජීරියාවේදීයි. එදා සිට කියුබානු සහන සේවකයන් රටවල් 102ක සහන සේවා කටයුතුවල නිරතව සිටිනවා. ගණනින් කියුබානුවන් 132,000ක් ඔවුන් අතර සිටිනවා. වෛiවරුන් වගේම වෙනත් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයන්ට සම්බන්ධ කියුබානුවන් ඔවුන් අතර සිටිනවා. ලෝකයේ ජාතීන් 66කගේ ඉල්ලීම පරිදි වෛi සහයෝගීතා වැඩසටහන්වලට මේ මොහොතේදී කියුබානුවන් 38,866ක් සහභාගී වී සිටිනවා. ඔවුන් අතර වෛiවරුන් 15,407ක් සම්බන්ධ වී සිටිනවා. 2004දී ශ‍්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනයේදී කියුබානුවෝ ශ‍්‍රී ලාංකිකයන් සමග උරෙණුර ගැටී ශ‍්‍රී ලාංකිකයන්ට උදව් කළා.

කියුබාව රටවල් 28ක මිලියන 2.5ක දෘෂ්‍ය ආබාධිත ජනතාවගේ ඇස් පෙනීමේ තත්ත්වය වර්ධනය කරන්නට උදව්කර තිබෙනවා. ‘‘ඔව්ෟ මට පුළුවනිෟ’’ වැඩසටහනින් මේ වන විට මහාද්වීප 5ක මිලියන 7ක ජනතාවට ලියන්නට කියවන්නට ගණන් එකතු කරන්නට උගන්වා තිබෙනවා.

දකුණු අප‍්‍රිකානු වර්ණභේදවාදී හමුදාව ගෙන ගිය ආක‍්‍රමණ වැළැක්වීම සඳහා 1995 වර්ෂයේ සිට 1998 දක්වා ඇන්ගෝලාව කළ සටන්වලට කියුබානු සොල්දාදුවන් 300,000ක් පමණ සහභාගී වූවා. දකුණු ආප‍්‍රිකානු වර්ණභේදවාදී ආණ්ඩුව තීරණාත්මකව පරාජය කිරීමට හේතු වූයේ 1988 ජනවාරියේදී දකුණු ඇංගෝලාවේ කියුටෝ ක්වානාවැලේ ප‍්‍රදේශයේදී දකුණු අප‍්‍රිකානු වර්ණභේදවාදී හමුදාව තීරණාත්මකව පරාජය කිරීමයි. මේ සම්බන්ධව නෙල්සන් මැන්ඩෙලා කියුබාවට ස්තූතිය පළකර තිබුණා. නෙල්සන් මැන්ඩෙලා එක් අවස්ථාවකදී එම යුද ජයග‍්‍රහණය මෙසේ අගයා තිබුණා.

‘‘කියුටෝ ක්වානාවැලේ ප‍්‍රදේශයට කඩා වැදුණු උතුර අප‍්‍රිකානු වර්ණභේදවාදී හමුදාව පරාජය නොකර අපේ සංවිධානයේ පැවැත්ම තවදුරටත් යථාර්ථයක් වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. එදා එම හමුදාව පරාජය නොකළා නම් අද ඔබව ඇමැතීමට මට මෙතැනදී අස්ථාව ලැබෙන්නේ නැහැ. දකුණු අප‍්‍රිකාවේ නිදහස පිළිබඳව ලියැවෙන ඉතිහාසයේදී කියුටෝ ක්වානාවැලේ සටනේ ජයග‍්‍රහණය විශිෂ්ටත්වයෙන් ලියවෙනවා.’’

යුනෙස්කෝ වාර්තාවලට අනුව කියුබාව දකුණු අර්ධ ගෝලයේ ඉහළම සාක්‍ෂරතාව හිමි රටයි. එසේම වැඩිම පාසල් ප‍්‍රමාණයක් තිබෙන රටත් කියුබාවයි. ජාතික ආදායමෙන් 13%ක් වැනි වැඩිම කොටසක් අධ්‍යාපනය සඳහා වෙන් කරන රට වන්නේද කියුබාවයි. අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය පොත් පත් පමණක් නොවෙයි, ආහාර පවා නොමිලේ ලබා දෙනවා. එය ප‍්‍රාථමික පන්තියේ සිට විශ්වවිiාලය දක්වා වූ සෑම සිසුවකුටම ලැබෙන අයිතියක්.

ඇමෙරිකානු අර්ධද්වීපය තුළ අඩුම ළමා මරණ අනුපාතිකය වන දරු උපත් දහසකට ළමා මරණ 4.6ක් යන අඩුම ළමා මරණ සංඛ්‍යාව වාර්තාවන්නේද කියුබාවෙනුයි. මිලියන 11.1 වන කියුබානු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ඇප කැප වන්නට වෛiවරු 85,000ක් කියුබාවට සිටිනවා. එනිසා එක් වෛiවරයකුට අඩුම රෝගීන් සංඛ්‍යාවක් පරීක්‍ෂා කිරීමට තිබෙන රටවල් වලින් ප‍්‍රමුඛ රටක් ලෙස කියුබාව වාර්තා පොතට එක්වනවා. කියුබාවේ ප‍්‍රාන්ත 16හිම සියලූම අංගෝපාංග සහිත රෝහල බැගින් තිබෙනවා. එසේම නගර සභාවලටද එවැනිම රෝහල් වෙන්වී තිබෙනවා. එන්නත් පහසුකම්, ඇතුළුව පැය 24 පුරාම මෙම රෝහල් ක‍්‍රියාත්මක වෙනවා. එසේම සියලූ වෛi පහසුකමක්ම නොමිලේ ලබා දෙනවා. වඩා වැදගත්ම කාරණය අපේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍ර තුළ රෝග වැළඳීමට පෙර ඒවා හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීම හෙවත් රෝග නිවාරණ මධ්‍යස්ථාන 52ක් ඉහළම වෛi තාක්‍ෂණය සහිතව ක‍්‍රියාත්මක වීමයි.

යුනිසෙෆ් වාර්තාවලට අනුව දරුවන් සුරැුකීම සම්බන්ධව හොඳම උදාහරණය කියුබාවයි. දරුවන්ගේ පාරාදීසය ලෙස හඳුන්වන කියුබාව පමණයි ලතින් ඇමෙරිකාවෙත් සමස්ත තුන්වෙනි ලොව රටවලත් ළමා මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම තුරන් කළ රට. කියුබාවෙන් පිටමං වූ බොහෝ කියුබානුවන් තම දරුවන්ගේ පාසල් නිවාඩු කාලයේදී කියුබාවේ ගත කිරීමට පවුල් පිටින් පැමිණෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ආයු අපේක්‍ෂාව, අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය යන සාධක සැලකිල්ලට ගෙන රටවල් වාර්ෂිකව වර්ග කරනු ලබනවා. එම වර්ගීකරණයේදී ලතින් ඇමෙරිකානු රටවලිනුත් තුන්වෙනි ලෝකයේ රටවලිනුත් ලෝකයේ හොඳම රටවල් 10 අතරට අයත්වන එකම රට කියුබාව පමණයි.

මෙයයි කියුබානු විප්ලවය විසින් කියුබානු ජනතාවට ලබා දුන්නේ. එහි වට්ටෝරුව නිශ්චිතවම මෙය යැයි කිව නොහැකියි. එනම් සෑම ව්‍යාපෘතියක්ම ජයග‍්‍රහණයෙන් කෙළවර වනවා යැයි කිව නොහැකියි. සෑම ව්‍යාපෘතියකම දුර්වලතා පරාජයන් තිබිය හැකියි. වැදගත් වන්නේ එම දුර්වලතාවයන් සහ පරාජයන් බුද්ධිමත්ව හඳුනාගෙන ඒවා අවම කිරීමට, පරාජය කිරීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා අප අපගේ ව්‍යාපෘතිය වෙනුවෙන් අපගේම වූ ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතුමයි. කියුබාව දැන් උත්සාහ කරනු ලබන්නේ තමන් ළ`ගා කරගත් සමාජ ජයග‍්‍රහණයන් තවදුරටත් සුරැුකිව රැුක ගැනීමටයි. එහෙත් අපි අපගේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය ජනතාවගේ අවශ්‍යතාවයන් තෘප්තකිරීම වෙනුවෙන් සංවර්ධනය කළ යුතුයි, ඉහළ නැංවිය යුතුයි. ඒ අනුව ආර්ථික සංවර්ධනය පමණක්ම අරමුණු කරගෙන අපි අපගේ ක‍්‍රියාකාරකම් ඉහළ නැංවිය යුතු නැහැ. එනිසාම ධරණීය සංවර්ධනය වෙත අපගේ තියුණු අවධානය යොමු විය යුතු වෙනවා.

4. ප‍්‍රශ්නය :- අද මුළු ලොවම දන්නා කරුණක් තමයි, කියුබානු විප්ලවය ජයග‍්‍රහණය කළ මුල් අවධියේ සිටම ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් ආර්ථික සම්බාධක පනවමින් කියුබානු ජනයාගේ උත්තරීතර ජයග‍්‍රහණය විනාශ කිරීමට කාලයක් තිස්සේ උත්සාහ කරමින් සිටින බව. මෙම සම්බාධක හේතුවෙන් අද කියුබාවේ තත්ත්වය කෙසේද? එසේම කියුබානු රජය මෙම තත්ත්වය සමනය කර ගත්තේ කිනම් ආකාරයෙන්ද?

පිළිතුර :- කියුබාව සහ ඇමෙරිකාව අතර එදිරිවාදිකම් පටන් ගන්නේ කියුබානු විප්ලවය සිදුවීමට පෙරයි. ඇමෙරිකාව සෑම විටම බොරු හේතු, බොරු අයිතිවාසිකම් දක්වමින් කියුබානු ¥පත අත්පත් කර ගැනීමට උත්සාහ කළා. එනිසයි කියුබාවට අයත් වන ස්වාභාවික සම්පත්, එහි භූමිය, කියුබාව සතු ආකර, වෙරළේ ඇති බොකු සහ පශු සම්පත් ඔවුන් අත්පත් කරගෙන සිටින්නේ. එසේම කියුබානු විප්ලවයේ ජයග‍්‍රහණය සමග කියුබානු රජය මෙම සම්පත් ජාතිය සතු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා. ඔවුන් එය හඳුනාගත්තේ ඔවුනට එරෙහි සතුරු ක‍්‍රියාවක් ලෙසයි.

ඔවුන් ඒක පාර්ශ්වීය සම්බාධක පැන වූවා. එසේම වෙළඳ සම්බන්ධකම් සියල්ල අත්හිටවූවා. ඉන්පසුව ඔවුන් එම සම්බාධක වසරින් වසර අලූත් කරමින් තවතවත් තීව‍්‍ර කළා. ඌරු බොක්කේ මෙහෙයුම, මිසයිල අර්බුදය එහි ප‍්‍රතිඵල ලෙසයි අපි අත්විඳින්නේ. කල්යත්ම මෙම තත්ත්වය තව තවත් වර්ධනය කර සම්බාධකවල සිට අවහිර කිරීම හෙවත් වැටලීම දක්වා ඔවුන් දියුණු කළා. මා එසේ පවසන්නේ ඔවුන්ගේ ඊනියා සම්බාධක තුන්වෙනි පාර්ශ්වයේ රටවල්වලටත් බලපාන්නට පටන් ගත් නිසයි. යම් රටකට අයත් නැවක් කියුබානු වරායකට සම්ප‍්‍රාප්ත වුවහොත් එම දින සිට දින 180ක් යන තෙක් කිසිදු ඇමෙරිකානු වරායකට ඇතුළත් වීමට අවසර ලැබෙන්නේ නැහැ. තුන්වෙනි රටකින් කියුබාව මිලදීගන්නා යම් භාණ්ඩයක අඩංගු කොටස්වල ඇමෙරිකානු අයිතිය(ඇමෙරිකානු නිෂ්පාදිත කොටස්* 10%ට වඩා වැඩි වන්නේ නම් එම භාණ්ඩය කියුබාවට විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඇමෙරිකාව පෙළඹෙනවා.

යම් කිසි බැංකුවක් කියුබාව සමග ඇමෙරිකානු ඩොලර්වලින් හෝ වෙනත් මුදල් ඒකකයකින් ගනුදෙනු කළහොත්, කියුබාවේ වත්කම් භාර ගතහොත් එම බැංකුවට විශාල දඩයක් නියම කිරීමට ඇමෙරිකාව පෙළඹෙනවා. සමහර අවස්ථාවලදී ව්‍යාපාරිකයන් හට කියුබාවේ සංචාරය කර ඇමෙරිකාවේ සංචාරය කිරීමට අවසර දෙන්නේ නැහැ. ඇමෙරිකානු පුරවැසියන්ට කියුබාවේ සංචාරය කිරීමට නොහැකි වන ලෙස හිරිහැර කරනවා. එසේම ඇමෙරිකානුවන්ගේ මුදල් කියුබාවේ වියදම් කිරීම වළක්වන ක‍්‍රියාමාර්ග ගනු ලබනවා.

ඇමෙරිකානු අවහිර කිරීම කියුබානු ජනයාගේ අතිශයින්ම සංවේදීම ජනකොටස් වන වැඩිහිටියන්, ළදරුවන්, කාන්තාවන් සහ රෝගීන් හට ඉතා දැඩිව බලපානවා. එසේම කියුබානු රට සංවර්ධනය කිරීමට මෙම තත්ත්වය නරක ලෙස බලපානවා. අවහිර කිරීම් නිසා කියුබාවට වසරකට ඩොලර් බිලියන 1කට වඩා අහිමි වෙනවා. කියුබානු ජනයාට දැඩි දුෂ්කරතා ඇති කිරීමයි, ඔවුන්ගේ මෙම අවහිර කිරීම්වල අරමුණ වූයේ. එමගින් ඔවුන් කියුබානු ජනයා කුසගින්නේ තබා කියුබානු විප්ලවයට එරෙහි ප‍්‍රතිවිප්ලවීය ක‍්‍රියා මාර්ග කියුබානු ජනයා විසින්ම ගනු ඇතැයි ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් තක්සේරු කරනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘සමූහඝාතනය’ යන්නට දී ඇති අර්ථ දැක්වීමට ඇමෙරිකාව කියුබාවට දක්වන අවහිර කිරීම් හරියටම සමානයි. එනිසයි ජාත්‍යන්තර ප‍්‍රජාව ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මේ මානව විරෝධී ක‍්‍රියාව 23 වතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී පරාජය කළේ. ඒ වගේම ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ තිරස්චීන අවහිර කිරීම රටවල් 188ක් එකට එකතු වී පරාජය කරනු ලැබුවා.

5. ප‍්‍රශ්නය :- බටහිර මාධ්‍යය දැන් අර්ථකථනය කරමින් සිටිනවා කියුබානු සමාජවාදී ආර්ථික පදනම ධනවාදී ආර්ථික පදනමකට මාරු කරන්නට යන බවට. මේ සම්බන්ධයෙන් ඔබගේ පැහැදිලි කිරීම කුමක්ද?

පිළිතුර :- බටහිර මාධ්‍යය ලෝකයට පෙන්වන්නට උත්සාහ කරන්නේ සමාජවාදය යනු අසාර්ථක වූ පර්යේෂණයක් ලෙසටයි. සමාජවාදය යටතේ හෝ ධනවාදය යටතේ මානව වර්ගයා ලබාගත් සමාජ ජයග‍්‍රහණයන් සියල්ල අවතක්සේරුවට ලක් කරනවා. සෝවියට් සංගමය, චීන විප්ලවය සහ සමස්ත සමාජවාදී රටවල් ලද සමාජවාදී ජයග‍්‍රහණයන් සඳහා හොඳ උදාහරණයක් සපයනවා. පෑගෙන පීඩිත පන්තිය ලද ජයග‍්‍රහණයන් මොනවාදැයි කියා පෙන්වීමට. මෙම රටවල් පහන්තරුවන් ලෙස ලෝකවාසී පීඩිත ජනයාට, ගොවියාට, කම්කරුවන්ට සභ්‍යත්වයේ සශ‍්‍රීකත්වයේ ම`ග පෙන්වනවා. එම සමාජවාදී රටවල උදව්වෙන් සමස්ත තෙවෙනි ලොව රටවල ජනයාට තමන්ගේ පීඩිත අරගල ජයග‍්‍රහණය කරගන්නට පුළුවන්. එපමණක් නොවෙයි ඔවුන්ගේ ආර්ථික සංවර්ධනයේ මාවත විවෘත කරගන්නට පුළුවන්.

එනිසා ඔවුන්ට ලෝකපරිමානව සමාජවාදය ඉතිහාසය තුළ මිනිසාට ලබාදුන්නේ මොනවාද යන්නත් සමාජවාදී අදහස් මගින් මිනිස් හෘදසාක්‍ෂිය තුළ පැලපැදියම්ව ඇත්තේ මොනවාද යන්නත් සොයා බලා විනාශ කිරීමට අත්‍යාවශ්‍යයි. සමස්ත යුරෝපයේ පැවැතුණු සමාජවාදී රාජ්‍යවල අවසාන කොටසත් වල දමා ඉවර කිරීමට වලිකන අයට හරස් වීමටත් ඒවා නැවැත නගා සිටුවීමට සහයෝගය දීමටත් කියුබාව සූදානම්. මක්නිසාද යත් එම රටවල් ධනවාදයට එරෙහිව නොගියත් නොහික්මුණු නොමගගිය අධිරාජ්‍යවාදයට එරෙහිව අතීතයේදී ගත යුතු වූ විප්ලවීය ක‍්‍රියාමාර්ග තේරූ නිසා.

සමාජවාදී න්‍යායේදී, සමාජවාදය ගොඩනගන කාල සීමාවේදී, වෙළඳපොළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව විස්තර කරනවා. එනම්, නිෂ්පාදනය සහ නිෂ්පාදන බලවේග අතර සම්බන්ධය හදන්නේ වෙළඳපොළයි. ඒ අනුව කියුබාව අද උත්සාහ කරන්නේ නිෂ්පාදන බලවේගයන්ගේ තත්ත්වය ඉහළට ගෙන ඒමටයි. එයයි අද අපි වහ වහා ඉටුකරමින් සිටින්නේ.

කියුබානු ආර්ථිකය දියුණු කිරීම කරනු ලබන්නේ නිෂ්පාදනය ඉහළ දැමීමේදී සමාජමය දේපලවලට දක්වන අසීමිත ගෞරවය එලෙසම තබාගෙනයි. අපි ආර්ථික පද්ධතිය දියුණු කිරීම කරනු ලබනවා. ප‍්‍රධානතම මර්මස්ථානවලට අතවත් නොතබමින් ඒ නිසයි අපි කියුබානු ආර්ථිකය දියුණු කරනවා යන වචනය භාවිතා කරන්නේ. එනිසයි අපි ආර්ථිකය ප‍්‍රතිව්‍යුහගත කරනවා යන වචනය භාවිතා නොකරන්නේ. කියුබාව කියුබානු සමාජ දේපලවල මූලික මුහුණුවර වෙනස් කරන්නේ නැහැ. නමුත් ජාතික ආර්ථිකයේ එල්ලී තිබෙන ආර්ථිකයේ සංවර්ධන ගමන අඩාල කරවන අතිරේක අවයව ඉවත් කිරීමයි කරනු ලබන්නේ.

ආර්ථිකය දියුණු කරලීම, යනු කළමනාකරණය නවීකරණය කිරීම, දේපල ප‍්‍රයෝජනවත් අංගෝපාංගයන් බවට පත් කිරීම සහ නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීම ලෙසත් අර්ථ දැක්විය හැකියි. නමුත් එය ආර්ථික රාමුව සුනු විසුනු කිරීම හෙවත් ආර්ථික ප‍්‍රතිව්‍යූහගත කිරීම ලෙස අර්ථ දැක්වීම සම්පූර්ණ වැරදියි.

නව ආර්ථික මොඩලයන්, අපි අත්හදා බලනවා දේපල කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය නොවන මොඩලයන් වන විදෙස් ආයෝජන, ස්වයං රැුකියා සහ සමූපාකාර ක‍්‍රම හඳුනාගනු ලබන අතර ඒවා දිරිමත් කරනු ලබනවා. ඒ අනුව නව ආර්ථික මොඩලය ආර්ථිකයේ විවිධ භූමිකා රග දක්වන අංග දිරිමත් කරනු ලබනවා. එම භූමිකාවන් අතර සමාජවාදී රාජ්‍යය සතු සමාගම් ප‍්‍රධාන භූමිකාවක් රගදක්වනවා.

තවමත් කියුබානු ආර්ථිකයේ ප‍්‍රධානම සන්නයන මාධ්‍යය වන්නේ සැලසුම් කරණයයි. විශේෂයෙන්ම මහා ආර්ථිකයේ ඉතුරුම් ලබා ගැනීමට සැලසුම් කරණය අතිශය තීරණාත්මකයි. යම් ආර්ථිකයක විශාල ඉතුරුම් නොමැතිනම් නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීමට නොහැකි විශාල බාධක නිර්මාණය කරගන්නවා.

අපි සැලසුම්කරණය සහ ප‍්‍රධාන දිශානති උපකරණය අතර විශාල ඉතුරුම් බලාපොරොත්තු වෙමු. එලෙසම වෙළඳපොළ සහ වෙළඳපොළ සම්බන්ධකම් අතරද ඉතුරුම් බලාපොරොත්තු වෙමු. රාජ්‍ය නොවන සූත‍්‍රය හඳුනා ගැනීම යන්නෙන් අදහස් වන්නේ වෙළඳපොළ ක‍්‍රියාවලියකට අනුව නැවැත බෙදාහැරීම සඳහා ඉඩකඩක් විවරව පවතින බවයි.

6. ප‍්‍රශ්නය :- ඔබගේ පැහැදිලි කිරීමට අනුව කියුබාව ආර්ථික ප‍්‍රතිසංස්කරණය කරනු ලබන්නේ නැහැ. නමුත් ආර්ථිකය දියුණු කිරීම නැතිනම් උසස් කිරීම කරනු ලබනවා. මගේ ප‍්‍රශ්නය වන්නේ කියුබානුවන් වෙනත් රටවල භාවිතා කළ වාහන මිලදී ගන්නවා. ඔවුන්ගේ පැරණි දේපල විකුණනවා. ඒ මගින් නව පෞද්ගලික දේපොල ගොඩනගනවා. ප‍්‍රාග්ධනය අත්පත් කර ගන්නවා. තත්ත්වය මෙසේ වන විට ආර්ථිකය දියුණු කිරීම මගින් කියුබානු සමාජය සමාජවාදයේ සිට ධනවාදය දක්වා කඩා නොවැටෙන බව ඔබ කෙසේද කියන්නේ?

පිළිතුර :- කියුබානුවෝ නිවසක් හෝ වාහනයක් මිලදී ගැනීමේදී ලෝකයේ තිබෙන ඉහළම බදු ගෙවිය යුතුයි. දෙවනුව ඔවුනට එක් කාර් රථයකට හෝ එක් නිවසකට වඩා හිමිකම් කීමට අයිතියක් නැහැ. අනෙක් අතට කාල් මාක්ස් ප‍්‍රාග්ධනය ලෙස පැහැදිලි කරන්නේ කම්කරුවාට වැටුප් නොගෙවූ අතිරේක ශ‍්‍රමයේ වටිනාකමයි. කියුබාව තුළ අනෙකකු වෙනුවෙන් තමාගේ ශ‍්‍රමය සූරාකන්නට ඉඩදීමක් වන්නේ නැහැ. එනිසා කෙනකුට ප‍්‍රාග්ධනය උපද්දවීමට හැකියාවක් නැහැ. කියුබාවේ ජීවත්වන කෙනකුට නිවසක් තිබියදී කලාතුරකින් පරම්පරාවෙන් නිවසක් අයිතිවිය හැකියි. එය ඔහුට හෝ ඇයට විකිණිය හැකියි. එලෙසම එම මුදලින් වාහනයක් මිලදී ගත හැකියි. එසේම නව ව්‍යාපාරයක්(උදාහරණයක් ලෙස ආපනශාලාවක්* ආරම්භ කළ හැකියි. ඔහුට එම ආපනශාලාවට සේවකයකුගේ සේවය ලබා ගත හැකි නමුත් ඔහු එම සේවකයාගේ වැටුප සමග සමාජ ආරක්‍ෂණය වෙනුවෙන්ද මුදලක් ගෙවිය යුතුයි. එසේම ආපනශාලාවේ කළමනා සඳහාද ගෙවිය යුතුයි. බදු ගෙවිය යුතුයි. එසේම ඔහුද එම ආපනශාලාවේ සේවය කළ යුතුයි. ඒ අනුව කියුබාව හඳුන්වා දෙන නව ස්වයං රැුකියා ව්‍යාපෘතිය යටතේ ආදායමක් ලැබිය හැකියි. එහෙත් ‘‘ප‍්‍රාග්ධනය’’ කේන්ද්‍රගත වීම සිදුවන්නේ නැහැ. එසේම මෙම ක‍්‍රියාවලිය සමූපකාරයක ආකාරයෙන් වුවත් ක‍්‍රියාත්මක කළ හැකියි. කියුබානු ආර්ථිකය ඉහළ දැමීම සඳහා හඳුන්වා දෙන නව ක‍්‍රමය තුළ ආරම්භ කරන ස්වයං රැුකියා ව්‍යාපෘතියකදී හවුල්කරුවන් කිහිපදෙනෙක් වුවත් සිටිය හැකියි. නමුත් එක් හවුල්කරුවකුට අවශ්‍ය මූලික ප‍්‍රාග්ධනය සියල්ලම යෙදවිය හැකියි. එසේම අනෙක් හවුල්කරුවන් ඔවුන්ගේ මූලික කොටස පමණක් යොදවා තම දායකත්වය සැපයිය හැකියි. එහෙත් ඔවුන් එම ව්‍යාපෘතියට තම ශ‍්‍රමය දායක කළ යුතුයි. එවිට වසර අවසන් වන විට ආයතනයකට ඇති ණය තමන් වසරක් පුරා කළ සේවය මගින් හිලව් වී යනවා. ව්‍යාපාරයෙන් ලැබිය යුතු සියලූම ප‍්‍රතිලාභ සෑම දෙනා අතරම සමානව බෙදී යනවා. ප‍්‍රතිලාභ තමන් යෙ¥ ප‍්‍රාග්ධනය මත තීරණය වන්නේ නැහැ. එනිසාම ඔබ සඳහන් කරන ආකාරයේ ‘‘ප‍්‍රාග්ධනය සංකේන්ද්‍රණයක්’’(නෙගෙවූ ශ‍්‍රමය හාම්පුතකු වෙත ඉතිරි වීමක්* සිදු වන්නේ නැහැ.

කෙසේ වෙතත් විප්ලවීය නායකත්වයට සහ ජනතාවගේ පක්‍ෂයට අතිවිශාල කාර්යභාරයක් මේ සම්බන්ධව පැවරෙනවා. ඔවුන් මෙලෙස කියුබානු ආර්ථිකය ඉහළ නැංවීමේ ක‍්‍රියාවලිය නිවැරදිව ජනතාවට පහදා දිය යුතු වෙනවා. එහිදී ඉතාම දුෂ්කරම කාර්යය වන්නේ ‘‘ස්වයං රැුකියා’’ කිරීමට ඉඩ දෙන්නේ පුද්ගලයන්ට ධන කුවේරයන් වීමටවත්, නැවැතවතාවක් සූරාකෑම සමාජගත කරන්නවත් නොවෙයි කියා පැහැදිලි කිරීමයි. මෙය ඉතා අපහසු කාර්යයක් වන්නේ ලෝක පරිමාණව අදහස්වල තිබෙන නැඹුරුව වන්නේ ධනකුවේරයන් බවට පත්වීමේ ව්‍යාපාර කිරීම සිහිනය සමාජ ගතකර තිබෙන නිසයි. එනිසා අප දේශපාලනිකව සහ ෙසෙද්ධාන්තිකව මිනිසාගේ මෙම ස්වාභාවික නැඹුරුවට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම මෙන්ම ව්‍යාපෘති ඉතා සියුම්ව සකසා තිබෙනවා. සමාජවාදය තුළට ධනපති රූපකායන් වැඩමවා ගනිද්දී මුහුණ දෙන සංකීර්ණතාවයයි, අප හමුවේ විiාමාන වන්නේ.

ඒ අනුව මිනිසා ඔහු තුළ ස්වාභාවිකව පැනන`ගින කෑදර විනාශකාරී මනෝභාවයන් අත් හැරීම මගින් මේ සංකීර්ණතාවය ම`ගහරවා ගත හැකියි. බදු ගෙවීම අනිවාර්යයි. නීති රීති ඉතා තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි. අප එසේ කරන්නේ ප‍්‍රාග්ධනය නිපදවීමට නොවෙයි, ඒ වෙනුවට අපි හදවතේ ගැඹුරින්ම ප‍්‍රාර්ථනා කරන්නේ උතුම් මිනිස් ගුණාංග සමාජය තුළ වර්ධනය කිරීමටයි. ඒ අනුව අපගේ මෙම ව්‍යායාමය අරමුණු වන්නේ ධනකුවේරයන් බිහි කිරීමට නොව නව ව්‍යවසායන් බිහි කිරීමට පමණයි.

7. ප‍්‍රශ්නය :- සමාජවාදී රුසියානු සමූහාණ්ඩුව පවා පසුකාලයේදී කුඩා කුඩා රටවල් බවට බිඳවැටෙන්නට හේතු වූයේ ඔවුනගේ ආර්ථික දේහයේ කළ වෙනස්කම්. ඔබතුමියට සහතික විය හැකිද මෙවැනි තත්ත්වයකට කියුබාව ගමන් නොකරයි කියා?

පිළිතුර :- සමාජවාදය ගොඩනැ`ගීමේදී වෙළඳපොළ භාවිතා කිරීම නොවැළැක්විය හැකිම තත්ත්වයක්. කෙනකුට මෙම තත්ත්වය ප‍්‍රතික්‍ෂේප කිරීම කළ නොහැකියි. මක්නිසාද යත් කිසිම නිෂ්පාදකයකු වෙළඳපොළ යාන්ත‍්‍රණය ප‍්‍රතික්‍ෂේප කිරීමට තරම් අවබෝධයක් හෝ ජනයා එතරම් උසස් ලෙස ඒකීයභාවයකට, සමාජ අවබෝධයකට හෝ පරිවර්තනය වී නැහැ. ප‍්‍රශ්නය තිබෙන්නේ කෙතරම් දුරට වෙළඳපොළ අවශ්‍යද? කෙසේද සම්පත් බෙදාහරින්නේ? කියන කාරණයයි.

සෝවියට් සංගමය යනු අව්‍යාජ විප්ලවයක් නිර්මාණය කළ රාජ්‍යයක්. නමුත් 1967 දී චේ සහෝදරයා සෝවියට් සංගමයේ කළ සංචාරයෙන් පසුව කියුබාවට නැවැත පැමිණියේ ඉතාම කනගාටුවෙන්. එසේම චේ සහෝදරයා පවසා සිටියා සෝවියට් සංගමය ගෙන යන පර්යේෂණාත්මක ක‍්‍රමවේදය වෙනස් නොකළහොත් සෝවියට් දේශය අසාර්ථක වන බව. ඔහු පවසා සිටියා සෝවියට් දේශය ආපසු හැරී ඇති බව, වෙළඳපොළ යථාර්ථය හඳුනාගෙන ඇත්තේ වැරදියට බව ඔහු කීවා. එසේම ඔහු බලවත් කම්පනයට පත් වී සිටියේ සෝවියට් වැසියන් සහ නායකත්වය අතර විශාල ප‍්‍රතිවිරෝධයක් නිර්මාණය වීම පිළිබඳවයි. එසේම චේ සහෝදරයා කියා සිටියා සෝවියට් සමූහාණ්ඩුව ඔවුන් සතු සම්පත් ප‍්‍රයෝජනවත් ලෙස යොදාගන්නේ සහ ඒවා බෙදා හරින්නේ කෙසේද කියා තේරුම් ගෙන නැති බව.

පසු කාලයේ තව වැදගත් මූලිකාංග ඉහත අංගවලට එකතු වූවා. එය නම් අවි තර`ගයයි. මෙම අවි තරගය විසින් ඇමෙරිකානු සමාගම් සෝවියට් රුසියාවට බලකර සිටියා තමන් සතු සම්පත් සහ ධනය අවි තරගය වෙනුවෙන් විනාශ කරන ලෙස. නමුත් ඇමෙරිකාව කරනු ලැබුවේ ඒ සඳහා තෙවන ලොව රටවලට තිබෙන ධනය සහ සම්පත් ඔවුන්ගේ පවිටු උවමනාව වෙනුවෙන් සූරාකෑමයි. අපගේ සමස්ත විශ්වය පුරාම සැරිසරමින් ඇමෙරිකාව අදටත් කරන්නේ එයමයි.

මෙලෙස සෝවියට් සංගමය කළ තව බොහෝ අත්වැරැුදීම් ඔබ හමුවේ තබන්නට පුළුවනි. ඒවා ආර්ථිකයේ කළ වෙනස් කිරීම් නොවෙයි. ඔවුන් දේශපාලන වෙනස්කම් කරන්නටත් පටන් ගත්තා. එමගින් ඔවුන් පක්‍ෂය සහ ජනතාව අතර තිබූ තත්ත්වය ක‍්‍රමානුකූලව, ඓතිහාසිකව බිඳ දමා ගත්තා.

එසේම ඔහු (චේ ගුවේරා) පැවසුවා,

‘‘විප්ලවය ¥ෂණයට සහ තමන් තුළම වන අඩුපාඩුකම්වලට එරෙහිව සටන් කරන්නට සූදානම් නැතිනම් විප්ලවය යථාර්ථයක් වන්නේ නැහැ. විප්ලවය තමන්ගේ මූලයන් අහිමි කරගන්නේ නම් විප්ලවයට පැවැත්මක් නැහැ’’ කියා. නමුත් කියුබාව ඊට වෙනස් ක‍්‍රමයක් අනුගමනය කරමින් සිටින්නේ.

උදාහරණයක් ලෙස, කියුබානු ජාතික සම්මේලනය තම කම්කරු ප‍්‍රඥප්ති මගින් නව ආර්ථික ප‍්‍රතිපත්තියක් සහ දේපල අයිතිය පිළිබඳ නව මගක් හඳුන්වා දුන්නා. එම ප‍්‍රඥාප්ති මුද්‍රණයෙන් පිටවුනු පසු ඒ සඳහා මිලියන 171 කුත් 680ක් වන තරම් විශාල අදහස් හා යෝජනා ඉදිරිපත් වූවා. මිලියන 2කුත් 800ක් වන කම්කරු පිරිසක් විවාදවලට සහභාගී වූවා. ලෝකයේ පවතින සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය (නමුත් මේවා ප‍්‍රචාරය කිරීම බටහිර මාධ්‍ය ප‍්‍රතික්‍ෂේප කරනවා* පිළිබඳ හොඳම උදාහරණය තමයි කියුබාවේ තිබෙන්නේ.

ඇයි මෙය වැදගත් වෙන්නේ? එවැනි උපදෙස් ලබාගැනීමත් වැදගත් වන්නේ ඇයි? මක් නිසාද යත්, මෙයයි ඕනෑම විප්ලවයක තිබෙන මූලික ප‍්‍රධානම අංගය. විප්ලවයක් ප‍්‍රතිශෝධනය ලබන ක‍්‍රමය මෙයයි. වරද්දවා ගැනීම්වලින් නැවත උපදින ක‍්‍රමවේදය මෙයයි. වෙනත් අභිලාෂයන් තිබෙන නව පරපුරක් විප්ලවය තුළට ගොනු කරගන්නා ක‍්‍රමවේදයද මෙය පමණයි. කියුබානු විප්ලවයේ න්‍යෂ්ටිය එයයි. එනම් ‘‘අවංක මිනිසුන් සමගින්, අවංක මිනිසුන්ගෙන්, අවංක මිනිසුන් වෙතට ප‍්‍රදානය කිරීමයි’’

සංවාද සටහන : ජීවන්ත ජයතිස්ස